subash
ඊයේ(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
Bertolt Brecht ගේ ' he who says yes' වන කෙටි නාට්‍ය' සිරිත වන්දනා කිරීම'ලෙසින් සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න විසිනි . මුල්වරට 'සිරිත වන්දනා කීරීම' ශ්‍රී ලාංකීය වේදිකාව මත රඟ දැක්වුණේ 1987 දීය. 27 වසරකට පසුව නැවතත් නාට්‍ය වේදී විජිත ගුණරත්නගේ අධ්‍යක්ෂණය යටතේ ' සිරිත වන්දනා කීරීම' 2014 දෙසැම්බර් 14 වැනිදා ඉතාලියේ Brescia හී සාන්ත අෆ්රා දේවස්ථාන රංග ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිතය.
2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන් පෙරමුණේ සිටි සියල්ලන්ටත් හිමි විය යුතුය.
අනුරාධපුර එප්පාවල පැවති වීදි විරෝධතා කලා ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල විය. ඊයේ (05 ) මධ්‍යාහ්නයෙහි එල්ල කෙරුණ ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා සිටිති.
මෙරට ජීවත්වන පන්ලක්ෂ හතලිස් හතර දහස් නවසිය එකොළහක් වන විශ්‍රාමික ප්‍රජාව වෙත මොබිටෙල් ආයතනය මගින් ජංගම දුරකථනයක් සහිත සිම්කාඩ්පතක් ලබාදීම ඊයේ (5) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී සිදුකෙරිණි.
හිටපු ඇමති නවීන් දිසානායක මහතාට රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමට තැත් කළ බවට කියැවෙන ප්‍රකාශය ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දීම තුළ ඔහුට පහලව ඇති හදිසි සත්ව කරුණාව තේරුම් ගැනීම එතරම් අපහසු නැතැයි එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (05) සදහන්කර සිටියේය.
'දෙරණ' රූපවාහිනි නාළිකාවේ විකාශය වූ 'වාද පිටිය' දේශපාලන වැඩසටහන අතරතුරදීක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබා දුන් දුරකතන ඇමතුමසම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා වැඩසටහන ඉදිරිපත් කළ චතුර අල්විස් මහතා හමුවීමට විශේෂ විමර්ශන කණ්ඩායම සූදානම් වෙයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ “මෛත්‍රී භාවනාව” නම් වූ වැඩ සටහන මේ වනවිට “මෙත් වඩමු” යනුවෙන් වෙනස් කොට තිබේ.
