subash
ජනාධිපතිවරණය සඳහා දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක් නාමයෝජනා බාරදී ඇති අතර ඒ අනූව දැනට අපේක්ෂකයින් 19 දෙනෙකු මෙවර ජනපති පුටුවට තරඟ වැදීමට නියමිතය.
මෙවර ජනාධිපතිවරණයට අදාළව නාම යෝජනා බාරගැනිමේ කටයුතු අදින් අවසන්වීමට නියමිතය.
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැදවීමේ දැන්වීම් ප‍්‍රකාශ කළ දින සිට එනම් 2014-11-21 වැනි දින සිට ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අවසන් වීමේ දිනය දක්වා වූ කාල සීමාව ජනාධිපතිවරණ කාල සීමාව ලෙස අර්ථ දක්වනු ලැබේ.
කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්ච් මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිස්න මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
පසුගිය දින කීපය පුරාම බල්ගේරියාව පුරා කතාබහට ලක්වුනු කොළ පැහැති පූසෙක් පිළිබඳව මේ වන විට විවිධාකාරයේ මත පළවෙමින් තිබෙනවා.
ඉදිරි වසරේ පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ තරගාවලියේදී එංගලන්තයේ සරේ කණ්ඩායම තම විදෙස් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ඩේලි මේල් පුවත්පත් සඳහන් කර සිටියි.
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් පහත දැමීමට රජය තීරණය කර අැත.
ගෑස් මිල ගණන් යළි පහත දැමීම සහ ඉන්ධන මිල ගණන් යම් තරමකින් පහත දැමීම යන කාරණා පිළිබඳ සැළකිලිමත් වෙමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගණන්ද පහත දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු වී අැත.
ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහ්න දොළහෙන් අවසන් වේ.
ලංකාෙව් දෙමළ ජනතාවගේ ගැටලුවලට විධිමත් විසඳුමක් ඉදිරිපත් කිරීමට කිසිදු අපේක්ෂකයෙකු මෙතෙක් සමත් නොවීම හේතුවෙන් තමන් සහය පළ කරන්නේ කුමන පාර්ශවයට ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
