subash

subash

මහින්ද රාජපක්ෂ 8 වැනිදා ඡන්දය ජයග්‍රහනය කිරීමට සූදානම් වන්නේ ධන බලයෙන් හා අවි බලයෙන් නමුත් මේ රටේ ශ්‍රී ලාංකීය ජනතාව ධනබලය අවි බලය දණ ගස්සලා ජනවාරී 8 වැනිදා අලුත් ආණ්ඩුවක් බිහිකිරීමට සුදානමින් සිටින්නේ යැයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (09) මහනුවරදී පැවසුවේය.

ඡන්ද බලය ලබා ගෙන ලැබූ ඡන්දය කෝටි ගණනකට අලෙවිකිරීමට වර්තමාන අාණ්ඩුව කටයුතු කරන බව ධර්මසිරි බණ්ඩාර අද(09) ප්‍රකාශ කළේය.ඔහු මේ අදහස් දැක්වූයේ අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අමාත්‍ය මර්වින් සිල්වා ආණ්ඩුවෙන් ඉවත් වුවනොත් තමන්ට කැළණියේ ආසන සංවිධායකකම ජනාධිපති විසින් ලබාදෙන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත තම හිතවතුන් කිහිප දෙනෙකු සමග ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනි දා රැළියක් පැවැත්වීමට නියමිතය.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට සූදාමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසා සිටියි.

සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස් කරගත් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හෙට (10දා) දින වැදගත් තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කළේය.

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිතා තීරණ ගත යුතු මොහොතක ඇතැම් දේශපාලකයන් තමන් ගැන සිතා එවැනි පියවර ගන්නා බව ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද දේශපාලනිකරණය වී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

Connet With Us