subash

subash

අපිතාම ස්වාධීනයි.

Published in පුවත්
Thursday, 11 December 2014 10:55

කිසිදු දේශපාලන වේදිකාවක ගොඩනොවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයක් ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කර ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගිය 08 වනදින මහලේකම් ධුරයෙන් ඉවත් වී ආණ්ඩුවට එක්වුණි.

පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට කිසියම් පිරිසක් පහරදී තිබේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් දිවයිනේ සියලූම දිස්ත්‍රික්ක වල ලේකම්වරුන් හෙට දිනයේ කොළඹට කැඳවා තිබේ. ඒ ඉදිරි ජනාධිපතිවරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් සඳහාය.

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සභාව තීරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව දියත් කෙරෙන දින සියයයේ වැඩ පිළිවෙල යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට තීරණය කර ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිගටම සටන් කරනවා

Published in පුවත්
Wednesday, 10 December 2014 14:40

මේ රටේ මාධ්‍යවේදීන්ට හා ජනතාවට නිදහසේ කටයුතු කිරීමේ අයිතිය අහිමිවී ඇති බවත් අහිමිවූ ඒ නිදහස ලබා ගැනීම සදහා කටයුතු කරන බවත් මාධ්‍යවේදී සමන් වගාරච්චි මහතා අද (10) පැවති මාධ්‍යවේදීන්ගේ සමුළුව අමතමින් ප‍්‍රකාශකර සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක්වන බවත් ඊට අදාල සාකච්ඡාවක් ඊයේ(09)දින ගෝඨාභය රාජක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් ඇමැති විමල් වීරවංශ මහතාගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කරඇත.

Connet With Us