subash

subash

ත්‍රස්තවාදය මැඩලීම සඳහා්‍තම ජීවිත පරදුවට තබා කටයුතු කළ රණවිරුවන් වෙනුවෙන් තම ආණ්ඩුව යටතේ යුතුකම් ඉටුකරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සංගාගෙන් ශතකයක්

Published in පුවත්
Saturday, 13 December 2014 14:16

ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟයේදී කුමාර සංගක්කාර ශතකයක් ලබා ගැනීමට සමත් වී තිබේ. 

පරිසර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පාරිසරික අයිතිය බිඳ දමමින් සිදු කරන ඊනියා භෞතික සංවර්ධනය හමුවේ මිනිසා ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාව දරුණු ඛේදවාචකයකට මුහුණපා ඇති මේ කාල වකවාණුව තුළ තීරණාත්මක ඡන්ද විමසුමකට අප මුහුණ දී සිටිමු.

තැපැල් ඡන්ද භාවිත කිරිමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දි තිබේ. 

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු තැපැල් ඡන්ද රක්ෂණ පැකට් ලබන 15 වැනිදා තැපෑලට බාරදෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය. 

ලංකා බැංකු සේවක සංගමය ඊයේ(12) හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කොට තිබේ.

බැංකු සේවයේ නිරතවූවන්ට හඳුන්වා දී තිබුණු විශ්‍රාම වැටුප් ක්‍රමය 1996දී අහෝසි කරනු ලැබූ බවත්, එතැන් සිට එය දිනා ගැනීම සඳහා අඛණ්ඩව ඉල්ලීම් කළ බවත් ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් කේසර කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දි සිදුවන මැතිවරණ නිති රීති උල්ලංඝණය විම් පිළීබඳ පැමිණිලි ඉදිරිපත් කිරිම සඳහා මැතිවරණ නිරික්ෂණ කමිටුවක් පිහිටුවීමට නීතිඥ සංගමය තීරණය කර තිබේ.

කාන්තාවන් යනු රටේ ආර්ථිකය උදෙසා 60% ක අධික ප්‍රමාණයකට දායකවන සුවි‍ශේෂී ජන කොට්ඨාශයක් වන බවත් මේ වන විට ලංකාව තුළ කාන්තාවන් ඉතා අසරණ තත්වයකට පත් වී ඇති බවත් ලක් වනිතා පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් රෝසි සේනානායක මහත්මිය අද (12) පැවසුවාය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා එක් වන ලෙස වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් එල්ල වෙමින් පවතී බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුරාධපුර පැවැති රැළිය සදහා ලංගම බස් රථ අයතා ලෙස යොදා ගැනීම හේතුවෙන් ඊයේ(11)උතුරු මැද පළාතේ බොහෝ ප්‍රදේශයන්හි පොදු ප්‍රවාහණ සේවා අඩාල වී තිබේ.

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදීමෙන් පසුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් එජනිස පැවැත්වූ පළමු මහජන රැළිය අනුරාධපුරයේ දී පැවැත්වුණි.

Connet With Us