subash
තම ධුර කාල දෙකෙහි මේ රටේ දැවෙන ප‍්‍රශ්න කිසිවකට කිසිදු විසඳුමක් ලබා දීමට අසමත් වූ හිටපු ජනාධිපතිනිය අද නාකි කිකිළියක සේ කෙකර ගාන බවත්, එහෙත් නාකි කිකිළියන් කොතරම් කෙකර ගෑවත් බිත්තර නොදමන බව මෙරට බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
බස්නාහිර පලාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා මෛති‍්‍රපාල සිරිසේන පිලට එක් විමට සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සකල ප්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ඨත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමකට තලාව මහජන ක්‍රීඩාංගණය නොලැබුණු නිසා එය තලාව කොළඹ පාර අයිනේ පෞද්ගලික ඉඩමක සෙනසුරාදා පැවැත්වීය.
මේ වන විට මැතිවරණ වේදීකාවේ ආප්ප හා කෝපි ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ.
මේ මැතිවරණයෙදී හංසයා ලකුණ වැඩි ජන්ද ලක්ෂයකින් ජයග්‍රහණය කරන බවත් රටේ ජනපති ලෙස අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන බවත් හිටපු අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ෆෝබ්ස් නවතම වාර්තා අනුව වසර 3 ක් පිට පිටම ඉන්දියාවේ ධනවත්ම සුපිරි තරුව වූ ෂාරුක් ඛාන් අභිබවා ඉන්දීය සුපිරි ධනවත් චරිත ලැයිස්තුවේ ප‍්‍රමුඛස්ථානය හිමිකරගැනීමට සල්මාන් ඛාන් සමත්වී අැත.
‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’නව වාර්තාවක් පිහිටුවයි.
ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූ ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටය මුම්බායිහි සිනමා ශාලාවක් තුළ සති දහසක් හෙවත් දින හත් දහසක් ප‍්‍රදර්ශනය කරමින් නව වාර්තාවක් පිහිටුවා අැත.
ලතින් ඇමරිකානු බොලිවියානු රාජ්‍යයේ හමුදා සෙබළුන් අතුරින් තරබාරු පුද්ගලයන්ගේ තොරතුරු එරට හමුදාව දැන් ලියාපදිංචි කරමින් සිටී.
පුත්තලම හලාවත හා අාරචංචිකට්ටුව යන ප්‍රදේශවල ඉදිකොට අැති 'ජංගි කටවුට්' නමින් පුත්තලම ජනතාව හදුන්වන රෙදි කැබැල්ලකින් වසා දැමිය යුතු තැන් අඩක් පමණක් වසා අැති කටවුට් ඉවත් කරන මෙන් කැෆේ සංවිධානය ඊයේ (13)මැතිවරණ කොමසාරිස්තුමාෙගන් ඉල්ලා සිටිෙය්ය. පහත දැක්වෙන්නේ එම ඉල්ලීම සහිත ලිපියයි.
