subash
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයද කිසිදු අපේක්ෂකයකුට සහාය පළ නොකිරීමට තීරණය කර ඇතැයි එම සන්ධානය ඊයේ (14) නිවේදනය කළේය. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඊයේ සිය ස්ථාවරය වව්නියාවේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම අවසන් ස්ථාවරයට පැමිණ ඇත.
2005 වසරේ පැවති කැබ්නට් මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිතුමාගෙන් අසාධාරණයක් සිදුවූ බවත් තමන්ට ලබුණේ කැබ්නට් නොවන කෘෂිකර්ම ඇමතිකම බව මෙන්ම එහි ඇමතිවරයා වූයේ මෛති‍්‍රපාල මහතා බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ සිදුකරන අවසන් පුහුණුවීම් සැසිය සඳහා අද එක්වන බව මහේල ජයවර්ධන සඳහන් කරයි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් තරුණ සම්මේලන රැලි මාලාවක් පවත්වයි.එහි පළමු රැලිය අද (15දා) පස්වරුවේ පොළොන්නරුව නගරයේදී පවත්වන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සිටින විලාසිතා නිර්මාණ ශිල්පීන්ට තම හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම හා ඒ හරහා ජාත්‍යන්තර නමක් දිනාගැනීම සඳහා අවස්ථාව උදාකිරීමේ අරමුණ සහිතව පැවැත්වූ The Runway Sri Lanka 2014 විලාසිතා දැක්ම සඳහා ඊයේ (14) P Sara Oval ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ ෆේස්බුක් ගිණුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලෙන් අත්පත් කරගත් බව සඳහන් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයට (ICTA) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා, ලංකාවේ පළමු වරට බන්ධානාගාර සිරකරුවන් යොදා ගෙන ඇතැයි කැෆේ සංවිධානය චෝදනා කරයි.
ලංකා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බවට ‘පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන’ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරයි.
