subash

subash

පාකිස්තානයේ පේෂාවර් නුවර හමුදා පාලනයේ පවතින පාසලක් වෙත තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් අඩුම තරමින් පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය පාසල් සිසුන් බවත් වාර්තා වෙයි.

EPDP සහ TNA ගැටෙයි

Published in පුවත්
Tuesday, 16 December 2014 14:14

දෙමළ ජාතික සන්ධානය හා ඊපීඩීපී සංවිධාන නියෝජිතයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

අද(16) පෙරවරුවේ යාපනය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුව තිබේ.

පොලිස් සේවයේ තනිකඩ භට නිවාසවල පදිංචි වී සිටින නිලධාරීන්ගෙන් ජල හා විදුලිබිල්පත් අයකර ගැනීම නතර කිරීමට තීරණය කර තිබේ. 

නොවැම්බර් 01 දින සිට 26 දින දක්වා චන්ද්‍රිකා කුමාරණතුංග, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, දිගම්බරම්, පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර මහත්ම මහත්මීන් සිංගප්පූරුවට ගොස් කළ කී දෑ පිළිබඳව රටේ ජනතාවට හෙළි කළ යුතු බව 'නිදහස් මව්බිමේ නීතිඥයෝ' නමැති සංවිධානක්  කියා සිටී.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන අද(16) තමන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.

මේ වන විට ටෙස්ට් පිටියෙන් සමු ගෙන සිටින මහේල ජයවර්ධන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී එක් දින පිටියට සමු දෙන බව මින් පෙර ප්‍රකාශයට පත් කළේය.

මේ වන විට ලංකාව ලෝකයේ හොදම මත් කුඩු තිප්පොල බවට පත්ව ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

ඇතැම් රජයේ නිළධාරීන් සිදු කරන ලද රටට අහිතකර ගණුදෙණු සහ තීරණ පිළිබඳ අද නම් ගම් සහිතව හෙළි කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ට්ආරච්චි මහතා ජනපති මහින්ද රාජපක්ෂට සහාය පළ කරන බව වාර්තා වේ.අද (15දා) අරලියගහ මැඳුරට පැමිණි ඒ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපතිට ලබාදෙන බව පවසා තිබේ.

වැඩි ඡන්ද ලක්ෂ විසිපන් දහසකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා කල ප්‍රකාශය, ඔහුගේ අමනෝඥ භාවය යලි ප්‍රදර්ශනය කිරීමක් යයි පොදු අපේක්ෂකයාගේ සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රටවල් 120ක රූමතියන් අබිබවා යමින් 2014 වර්ෂයේ ලෝක රූරැජින කිරුළ තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකානු 22හැවිරිදි රොලෙනෙ ස්ට්‍රේවුස් සමත්වූවාය.

Connet With Us