subash
ජනාධිපති අපේක්ෂක දුමින්දගෙන් මැකෝට පැමිණිල්ලක්
ත්‍රිකුණාමලය නගරයේ වෙළෙඳ පොළ අසල ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි වමේ පෙරමුණේ සාමාජිකයන් පිරිසකට තර්ජනය කරමින් ඔවුන් සතුව තිබූ අත්පත්‍රිකා සියල්ල ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත.
ඓශ්චර්ය යනු කොමිස් ව්‍යාපෘති හා කොන්ක්‍රීට් වනාන්තරද?
ආර්ථික සංවර්ධනයක් හා ඓශ්චර්යක් පිළිබඳව කථා කරන වත්මන් ආණ්ඩුව ණය පොලී ගෙවීමට තරම් ආදායමක් ඉපැයීමට අසමත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
‘මෙගා ගැහිලි’ ගැන විවාදයකට එන්න-විමල්ගෙන් අභියෝගයක්
10% ඉක්මවූ ණය පොලී අනුපාතයකට ව්‍යාපෘති සඳහා ණය ලබා ගත් සැබෑ මෙගා ඩීල්කරුවන් සමග හිටගෙන සිටින ඇතමුන් අද ආණ්ඩුවට බොරු චෝදනා ඉදිරිපත් කරන බවත්
හැකිනම් ව්‍යාපෘති සඳහා ලබාගත් ණය පොලී සම්බන්ධ ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (19) දිනයේ එළිදක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන 4800 ක් පමණ වන මෑන් පවර් සේවකයින් වහා ස්ථිර කරන ලෙසට බලකරමින් දැවැන්ත උද්ඝෝෂණයක් අද (17) විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
මේ දිනවල දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන 'අම්මා' ටෙලි නාට්‍ය බොහෝ පිරිසකගේ අවධානය දිනාගත් ටෙලි නිර්මාණයකි. එය උපුල් ශාන්ත සන්නස්ගලගේ "අම්මා " කෘතිය ඇසුරෙන් නිර්මාණය වන්නකි.
මේ වන විට අප රට තුළ සිදුවී ඇති වංචා සහ දූෂණ හෙළිදරව් කිරීම් විශ්වාස කිරීමට පවා නොහැකි තරම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය. ජනතාවගේ මුදල් සූරාකමින් එම මුදල් රහස් ගිණුම් වල තැන්පත් කර ඇති බවත් නුදුරු දිනක මෙම වංචාවන් හෙළි කරන බවත් ඔහු පැවසුවේය.
ජනකලා කේන්ද්‍රයේ නර්තන සිසු සිසුවියන්ට ශීර්ෂාභරණ පැළඳවේ.
උඩරට නර්තන සම්ප්‍රදායේ පවතින ශීර්ෂාභරණ මංගල්‍ය නර්තන අභිෂේකකෙරේ.
පකිස්ථානයේ දින 03ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කෙරේ. අග‍්‍රාමාත්‍ය නවාෂ් ෂරිෆ් මෙම ශෝක කාලය ප‍්‍රකාශයට පත්කර ඇත.
නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත්ගේ (පිල්ලෙයාන්ගේ) ඩීඑම්වීපී පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක කේ මෝහන් මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ
දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළේය.
