subash

subash

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරූපී බොලිවුඩ් නිළි ජැකලින්ට 2014 වර්ෂයේ ඉන්දියාවේ ‘වසරේ හොඳම කාන්තාව’ යන සම්මානය ලැබී අැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ 2කට හා එක්දින තරඟ 7කට සහභාගී වීම සඳහා අද(18) අලුයම නවසීලන්තය බලා පිටත් වූවේය.

ඡන්ද පොළේ ඡන්දය භාවිතා කිරීමේ දී, හෝ ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දයේ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකි ආකාරයේ මහා පරිමාණයේ දුෂණ සිදුවන බවට යමෙක් ඔප්පු කළ හොත් විශ්‍රාම වැටුපද නොගෙන ඉවත් වීමට තමා ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තු සේවකයන් සුදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රත්නපුර නගරයේදී පොලිස්‌ නිලධාරියකුගේ පහරකෑමට ලක්‌වූ ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නොහොත් "බට්‌ටී" අතුරුදන්වී ඇත.

ඉන්දියාව නිර්මාණය කළ විශාලම රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතය.

තමාට අනාගතයේදී සාධාරණයක් ඉෂ්ට වනු ඇති බවත්, තමා දේශපාලනයට නොපිවිසෙන බවත් හිටපු අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ජනපතිට කියාදෙන්න තමන් කැමති බවත් මේ සම්බ්නධව කතා කිරීමට ලබන ජනවාරි පළවෙනිදා තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද දින වඳුරඹ ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැවැත්වීමට නියමිතව තිබු ජන රැලියේ ඉදිකළ වේදිකාව ඊයේ (17) සවස නිශාන්ත මුතුහෙට්ටිගම හා තවත් තරුණයින් පිරිසක් සමග ගිනි තබන අයුරු පුද්ගලයෙකු කැමරා ගත කොට ඇතැයි රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිබවා, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනප්‍රියතාවය ඉහලයමින් පවතින බවට විවිධ ජනමත සමීක්ෂණ හා ආරක්ෂක බුද්ධි වාර්තා මගින් හෙලිදරව් වීමත් සමග ලැබිය හැකි පරාජය වලක්වා ගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවදානය යොමුව ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනමතය මගින් ප‍්‍රතිවාදී අපේක්‍ෂකයෙකු ජයග‍්‍රහණයට පත්වුවහොත්, ජනාධිපතිධුරයේ තවදුරටත් කටයුතු කිරීමට සදාචාරාත්මක හෝ නීතිමය වශයෙන් අවකාශයක් නොමැති බව ජනාධිපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා ඊයේ (17) පොදු අපෙක්‍ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප‍්‍රකාශ කළේය.

Connet With Us