subash

subash

වඳුරඹ පැවැත්වීමට සූදානම් කර තිබූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තමන්ගෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත බව නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (18දා) සවස ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ විගස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින් 120ක් ඔහු හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

පුත්තලම දිස්ත්‍රීක්කයේ රජයේ සේවකයින් 13117 ක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා ඉල්ලුම් කර ඇත.ඒයින් තැපැල් ඡන්ද අයදුම් පත් 3142 ක් ප්‍රතික්ෂේප වී ඇති බව පුත්තලම දිසා ලේකම් හා තේරීම් බාර නිලධාරී කිංස්ලි ප්‍රනාන්දු මහතා පවසයි.

ඇමැති විමල් වීරවංශගේ වෙබ්අඩවියේ මුලුමනින්ම අසත්‍ය පුවතක් පළ කරමින් කලාකරුවන්ගේ කිහිපදෙනෙක්ගේ පෞද්ගලික ජීවිත වලට අතිශය නින්දිත ආකාරයට පහර දී තිබුණි. ඒ සම්බන්ධව  කලාකරුවන් විසින් අද(18) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ රංගන ශිල්පිනි සමනළි ෆෙන්සේකා

 

මැතිවරණ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බව පවසමින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව උද්ඝෝෂණයක් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දියත් විය.

විපක්ෂයේ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ මැතිවරණ කටයුතු වලට ක්‍රියාකාරීව සහභාගී වූ බව කියන පුද්ගලයෙකු රාජ‍ාංගනය යාය 04 ප්‍රදේශයේදී අභිරහස් ලෙස මරා දමා ති‍බියදී සොයා ගෙන අැත.

වරදක් කර ඇත්නම් නම් එය නීතියට භාර දෙනවා මිසක් පළිනොගන්නා බවත් වත්මන් ජනපතිටත් අවශ්‍ය නම් විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද(18) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.

මේ වන විට ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම්පත් 100,000ක් ලැබී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ දකුණු පළාත් නියෝජිතයින් දෙදෙනෙක් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පල කිරීමට ඉදිරිපත් වී අැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට බැරි තත්ත්වයක් උදාවුවහොත්, දෙවැනි මනාපය ගණන් කිරීමට පෙර ජනතාව සමඟ පාරට බැස සටන් කිරීමට විරුද්ධ පාක්ෂිකයන් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

Connet With Us