subash

subash

පසුගියදා ඕස්ට්‍රේලියාවේ කේන්සර් නගරයේ නිවසක්‌ තුළදී දරුවන් හත්දෙනෙකුගේ හා තවත් අයකු මර දමා ඇතිබව වාර්තා උනා. පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ දරුවන්ගේ මව මෙම ඝාතන සිදුකර ඇති බවයි.

 

උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කින්ස් විල්සන් මහතා අද දින මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළේය.

උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස විවිධ තනතුරු නාම යටතේ පාසල්වල සේවය කොට උපාධිධාරී ගුරුවරුන් වශයෙන් ශ්‍රී ලංකා ගුරුසේවයට පත්කිරීමේදී පූර්ණ සේවා කාලය නොසලකා හැරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්වුනි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල පැවති සරසවි සිසුන්ගේ විරෝධතාවකට මීට සුළු වේලාවකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.

රටේ සෑම අත, සෑම තැන වංචාව දූෂණය ඉහවහා ගොස් ඇති වකවානුවක මේ තත්ත්වයන් දුරුකොට යහපාලනය රටෙහි ඇති කිරීම උදෙසා තමන් නිදහස් පක්‍ෂයෙන් තාවකාලිකව එළියට ආවත් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණු ජයගන්නා බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) අත්තනගල්ලේ පැවති ජන රැළිය අමතමින් ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ජගත් කලා ඉතිහාසයේ හාස්‍ය උදෙසා නිපද වූ සියලුම වැඩසටහන් පාරජයට පත් කරමින් කදිම හාස්‍ය ජනක රංගනයක නිරත වෙමින් සිටින්නේය. මෙය නව ආරක සිනමාවකි. ඔහු වටා සිටින “කලා කරුවන්” මොහුගෙන් ඉගෙන ගෙන මෙම නව ආකාරයේ සිනමාව ලෝකයට රැගෙන යා යුත්තේය. ඔහුගේ “තුන් කල් දක්නා” ණුවනින් උදාවෙන්නේ යැයි කියන “සුභ අනාගතයේ”, නව සිනමාව වශයෙන් මෙය හැඳින්වීමේ වරදක් නැත.

තමන් කියන දේ කරන සහ කරන දේ කියන පුද්ගලයෙකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වයස් කාණ්ඩ අනුව ශී‍්‍ර ලංකාවේ දැනට තිබෙන ජන සංයුතිය ආර්ථික සංවර්ධනය සඳහා ඉතා හිතකර බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ උපදේශකවරයෙකු වන එච්.ආර්. ගුණසේකර මහතා පවසයි.ඉකුත් වසර කිහිපය ඇතුළත ශී‍්‍ර ලංකාවේ තරුණ ජනගහනය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව 2012 ජන හා නිවාස සංගණනය උපුටා දක්වමින් ඔහු කියා සිටියේය. ඊට සාපේක්ෂව ළමා ජනගහනය අඩු වී වැඩිහිටි ජනගහනයද පාලනය කර ගත හැකි මට්ටමකට පැමිණ තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

දෙසැ. 24 දින වැල්ලම්පිටියේ දී පැවැත්වීමට නියමිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීමක් සදහා පොස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දී ඇත.

Connet With Us