subash

subash

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැතිවී යනවාට, නීතියක් නැතිව යනවාට මිනිසුන් බිය විය යුතු යැයිද ඉන් මිදීමට මේ පැමිණ ඇත්තේ අවසාන අවස්ථාව බැවින් පෙරට විත් සත්‍ය තේරුම් ගෙන ක්‍රියා කරන්නැයි සුප්‍රකට ගායන ශිල්පී කසුන් කල්හාර අද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු එසේ ඉල්ලා සිටියේ පවතින පාලනයට එරෙහිව ‘මුලාවෙන් මිදෙමු‘ සටන් පාඨය යටතේ ‘අලුත් පරපුර‘ නම් තරුණ කලාකරුවන් පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

යුක්තිය, සාධාරණත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගිවන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල ආරාධනයක් කළ බව එම සංගම් සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අද(23) කොළඹ දී කීය.

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගයන් ලෙස පියයුරු හා ගැබ්ගෙල පිළිකා හඳුන්වන්න පුළුවන්. ප්‍රජනන පද්ධතිය ආශ්‍රයෙන් ගත්විට බහුලව ම ඇතිවන පිළිකාමය තත්ත්වය වෙන්නේ ගැබ්ගෙල පිළිකාවයි.

උදය ගම්මන්පිල මහතාට හෙළ උරුමයේ ප්‍රතිපත්තිමය ගැටඵව ඇත්තටම විසඳා ගැනීමට අවශ්‍ය නම්  පාඵ ගෙයි වළං බිඳීමින් විවිධ අසත්‍යයන්  රාජ්‍ය මාධ්‍යයන් මඟින් ප්‍රචාරය නොකර ඒ සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසත් ජාතික හෙළ උරුමය ආරාධනා කරයි.

 
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය
  නිලන්ත ඉලංගමුව
 
 මෛත්‍රිපාල සිරිසේන මහතා පිටු 35 කින් වඩාත් සරලව හා තේරෙන බාසාවෙන් සඳහන් කළ දේ මහින්ද රාජපක්ෂ වෙනස් විදිහකට කීමට ගොස් අනාගෙන පමණක් නොව ඊට පිටු 130 ක් වියදම් කොට ඇත. මෙය ප්‍රතිපත්ති ප්‍රකාශනයකට වඩා මහජන මුදල් නාස්ති කිරීමක් පමණක් වේ. මෙවැනි ප්‍රතිපත්ති කියවීමට කිසිවෙකු හෝ කාලය භාවිතා කරන්නේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද රාජපක්ෂ යනු කවුද යන්න, රාජපක්ෂ විසින්ම තම ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇති හෙයිණි.

තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට හැකිනම් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී විපක්ෂයට එක්වන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥාණසාර හිමියෝ අභියෝග කරති. මීට පෙර කිහිප වතාවකදීම මුස්තාපා මහතා පවසා තිබුණේ බොදුබල සේනා සංවිධානය ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.

skype කියන්නෙ ජනප්‍රිය සන්නිවේදන මෘදුකාංගයක්. බොහෝවිට skype මෘදුකාංගය භාවිතා කරන්නේ එකිනෙකා අතර වීඩියෝ කෝල්ස් ලබා ගැනීම සඳහායි.  

පන්දුවක් හිසේ වැදී ෆිල් හියුස් මියයාමෙන් පසු තවත් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෙකුගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමේ සිදුවීමක් ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තාකරයි.

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ මූලිකත්වයෙන් සහ දිවයිනේ සියළු උසස් තාක්ෂණ ආයතන ශිෂ්‍යන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (22) දහවල් පැවැත්වූ දැවැන්ත විරෝධතා පාගමනට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයක් එල්ල වුණි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ.

Connet With Us