subash
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් ඊයේ රුවන්වැල්ලේදී පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදී අනුගමනය කළ ක‍්‍රියාමාර්ග අද ලොව බලවත් රටවල් පවා අනුගමනය කරන බවයි.
ජවිපෙ දෙණියාය සංවිධායකට එස් ටී එෆ් එකෙන් පහරදීලා
දෙනියාය එන්සල්වත්ත වතුයායේ සේවයේ නියුතු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය ප‍්‍රදේශයේ සංවිධායක වරයෙකු ද වන ඒ.ඞී. ආරියදාස සහෝදරයාට ඊයේ රාත‍්‍රි 12.30 ට පමණ ආණ්ඩුවේ මැර පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බව එම සංගමයේ සභාපති රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා පවසයි.
සල්ලි තියෙන ජේෂ්ඨ පුරවැසියන් ආදායම් බද්දෙන් නිදහස්
වත්මන් රජය ජනතාවගේ මූලිකව අවශ්‍යවන භාණ්ඩ සඳහා බදු අයකරමින්, කැසිනෝ ව්‍යාපාර පවත්වන්නන්ට වසර 25ක බදු මුදල් ඉවත් කර ඇති බව ඊයේ (23) සෝලිස් හොටෙල් හිදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සාධාරණ සමාජයක් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ.
ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඔහුගේ පෙම්වතිය ලෙස සැළකෙන මිරැන්ඩා කෙර් වෙත ඩොලර් ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා දියමන්ති කරාබු දෙකක් තෑගි කර ඇතැයි වාර්තා වේ.
රාජපක්ෂ පවුල් ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා වූ සංඝ ආඥාවක් ජාතික භික්ෂු එකමුතුව විසින් ඊයේ (23දා) කොළඹ හයිඩ් පිටියේදී ප්‍රකාශයට පත් කරන ලදී.
'හයිඩ් සම්මුතිය' ලෙස හැඳින්වෙන එම සම්මුතියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා මාතෘභූමිය චෞර පාලනයකින් හෙම්බත් කොට ජනතාව දුගී බවේ පතුලටම ඇද දමා නීතියද, ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද, නොතකන දුරාචාර, අපචාර, මිනීමැරුම්වලින් මෙන්ම හෙරොයින්, එතනෝල්, කැසිනෝවලින්ද රට වනසමින් ආගමික සහජීවනයද බිඳ දමා ජාතීන් අතර වෛරය අවුලා රට පරගැතියන්ගේ
වඳුරඹ පොලිස් ස්ථානාධිපති හදිසියේම ඉල්ලා අස්වී ගෙදර යෑම පොලිස් ආඥා පනතේ 83 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බැවින් වසරක සිර දඬුවමකට යටත් කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.
