subash
අද ආර්ථික විසංතුලනයේ දරිද්‍රතාවයේ පාරිසරික තර්ජනයන්හි හා ත්‍රස්‌තවාදයේ අති විශාල අභියෝගයන්ට මුහුණ දෙන ලෝකයට ක්‍රිස්‌තුස් වහන්සේගේ උපතේ පණිවුඩය ගෙනා බෙත්ලෙහෙමේ තාරකාව සමග ඇරඹි දයාවේ හා ඉවසීමේ පණිවුඩයෙන් බොහෝ සේ යහපත සලසා ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නත්තල් උත්සවය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
ඡේසුස් ක්‍රිස්‌තුන් වහන්සේව නිසි ලෙස අනුගමනය කිරීමට නත්තල් සමයේ කිතුණු ඔබ ගන්නා තීරණය අනිවාර්යයෙන්ම ඔබ හදවත් තුළ සාමය හා සමාදානය දල්වමින් නත්තලේ නියම ප්‍රීතිය අත්දැකීමට හේතුවන බව විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නත්තල් දින සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි. එම පණිවුඩය මෙසේය.
සීතාවක ප්‍රාදේශීය සභාවේ උපසභාපති ඇතුලු 5ක් මෛත්‍රීට
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු 5දෙනෙකු අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තීරණය කර තිබේ.
විමල් වීරවංශ විසින් නඩත්තු කරන ජාතික සංවිධාන එකමුතුව නමින් වන සංවිධානයක් යටතේ පැමිණි මැරයන් පිරිසක් අද(24) එජාප මුලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළහ.
මෙහිදී මෙම මැරයන්ට ආරක්ෂාව සැපයීමය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ලැජ්ජා සහගත ලෙස පියවර ගනු ලැබුවේය. එම නිසා මැර ප්‍රහාර හමුවේ නිවට නොවී ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට එජාප සාමාජිකයින්ට සිදුවිය.
අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් පී.ඩී නුගලියද්ද මහතා අද (24) එජාප පාර්ලිමේන්තු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මහනුවර නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉදිරි ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව පැවසීය.
ඔබට කවදා හෝ තරු පහේ හෝටලයක උත්සවයක් සඳහා ආරාධනා ලැබිල ඇති. එවැනි තැනකදී අනුගමනය කරන විශේෂ සිරිත් තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධාන පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ගේ සහය විපක්ෂයට එක්විය.
බොදුබල සේනා කොන්දෙසි විරහිතව මහින්දට සහය දෙයි !
නත්තල් උත්සවය හේතුවෙන් අත්අඩංගුවේ පසුවන ධීවරයන් රැසක් මුදා හැරීමට ඉන්දු ලංකා රජයන් කටයුතු කර අැත. ඒ අනුව ඉන්දියාව විසින් ඊයේ මුදා හරින ලද ලාංකීය ධීවරයන් තිස් දෙනා අද මෙරටට ළගා වීමට නියමිතය.
මුලින්ම ගල් ගැහුවේ විමල්ගේ මැරයන් පොලීසිය කියයි
එක්සත් අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් 1500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වෙද්දී පිටතින් පැමිණි 250ක පමණ පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
