subash
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබූ හිරු වෑන් රථය අල්ලයි
ඇසෑම් බෙදුම්වාදීන් සාමාන්‍ය වැසියන් 52ක් ඝාතනය කරයි
ඉන්දියාවේ අසාම් ප්‍රදේශයේ බෝඩෝ කැරලි කණ්ඩායමක් විසින් සිදු කර ඇති ප්‍රහාරයන් කිහිපයක් හේතුවේ මේ වන විට 52 දෙනෙක් මිය ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර තිබේ. වාර්තා සඳහන් කරන අන්දමට මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් බවත්, එම වාර්තාවල සඳහන් කර ඇත. මොවුන්ට වෙඩි තබා ඇත්තේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවි වලින් බව සනාථ වී තිබේ.
වතුකරයේ ගැටළුවලට මහින්ද ගාව විසඳුම් නෑ, CWC උපනායක කියයි
අවි වෙළෙඳාම පාලනයට අදාළ ජාත්‍යන්තර ගිවිසුමක් බල පැවැත්වීම දැන් ආරම්භ වී ඇත.
මහින්දට අත්සන් එකතුකරන්න ගිය යාපනයේ උපකුලපතිනියව ආචාර්යවරු පන්නා ගනී
යාපනය සරසවියෙහි උප කුලපති මහාචාර්‍ය වසන්ති අරසරත්තිනම් මහත්මිය විසින් ඉදිරියදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයදී වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය පලකර පුවත්පත් දැන්වීමක් පළ කිරීම සඳහා සරසවියේ සියළු පීඨ ජේෂ්ඨ කථිකාචාර්‍යන් හා මහචාර්‍යවරුන්ගේ අත්සන ඉල්ලා ලිපියක් යවා තිබේ.
තම ස්ත්‍රී ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණ කරන ජපන් කලාකාරියකට එරහිව අශික්ෂිත දේ කිරීම පදනම් කොට ගෙන චෝදනාවට ලක් කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ තරුණ හමුවක් ඊයේ (24) දෙල්කදදී පැවැත්විණි.
වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා බිලියඩ් හා ස්‌නූකර් සංගමය විසින් 62 වැනි වරටත් පවත්වන ලද ජාතික බිලියඩ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් තරග වැදී කේ. එච්. සිරිසෝම සමත්විය.
කොළඹ සුගතදාස හෝටල පරිශ්‍රයේ පැවැති අදාළ තරගාවලියේදී සිරිසෝම විසින් මුවර්ස් ක්‍රීඩා සමාජයේ එස්. එච්. එම්. අස්‌ලම්ව තරග වට 6-4 ක් ලෙස පරාජයකට ඇද දමිමින් 22 වැනි වරටත් ජාතික ශූරතාවට හිමිකම් කියනු ලැබීය.
සුපිරි ක්‍රීඩක සනත් ජයසුරිය මහතාගේ පුත්‍රයා වන රනුක ජයසුරිය ඊයේ දිනයේ ක්‍රිකට් පුහුණු වීම් තරගයකට සහභාගී වුණා.
