subash

subash

1995 වර්ෂයේ ඇන්ජලීනා ජොලී විසින් දායක වූ උඩුකය නිරුවත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ.

(update) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඔහුගේ පරිවාර රථයකට ඊයේ වැලිකඩ ප්‍රදේශයෙදී දරුවන් දෙදෙනකු යට වී ඇති අතර මෙම දරුවන් දෙදෙනා මේ වන විටත් රෝහල් ගතව සිටී.

මගීන් සහ කාර්ය මණ්ඩලයේ 162 සමඟ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ ජාවා මුහුදේ තිබී සොයාගෙන අැත.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාතර - පඹුරන ඡන්ද මධ්‍යස්ථානයට අයත් වෙලේගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් අද (30) අලුයම 3.00 ට පමණ පරාජය හමුවේ වියරු වැටී සිටින රාජපක්ෂ රෙජිමයේ මැරයන් විසින් කඩා බිද දමා තිබූණි.

අද (30)පෙරවරුවේ දෙමළ ජාතික සන්ධානය කොළඹදී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් තම සන්ධානයට අයත් සියලූ පක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කළ බව පැවැසීය.

ත්‍රීරෝද රථ කර්මාන්තයේ නිරත වන ලක්ෂ 3කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය සිය සහාය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන බව ඊයේ(29) නිවේදනය කළේය.

එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතින බව ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත තරුණ සංසදය පවසයි. එහි සභාපති චමීර පුබුදු කුමාර මහතා පැවසුවේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා ඡන්ද ම්‍යස්ථාන වෙත තවත් අයෙකු සමග යාමට මැතිවරණ කොමසාරිස්වරයා අවස්ථාව සලසා දී ඇති බවයි.

රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා පැවසුවේය. ඊයේ (29)පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

සෝමාලියාවේ අල්ෂබාබ් ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කල්ලියේ නායකයන් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ඊයේ (29) ගුවන් ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක කළේය.

නිදහස් හා සාමකාමී මෙන්ම විශ්වාසවන්ත ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා රජය පියවර ගනු ඇතැයි තමාගේ විශ්වාසය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා පවසයි.

Connet With Us