subash

subash

මෙරට ජනතාවගෙන් අවස්ථාවාදී දේශපාලනයට ඉඩ නොලැබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයා කියා සිටියේ කිසි දිනක තමා අතහැර නොගිය මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරණයේදීද තමා සමග සිටින බවය.

පසුගිය ඉරිදා(28) දින ගිනිගෙන අනතුරට පත් වූ ග්‍රීක නෝර්මන් ඇට්ලැන්ටික් නෞකාවේ සිටි 400 ක් පමණ වන මගීන් සියලු දෙනා සහන සේවකයන් විසින් මුදාගෙන ඇති බව ඉතාලි බලධාරින් මාධ්‍යට පවසා තිබේ.

හම්බන්තොටදී හා කුරුණෑගලදී කලාකරුවන් පිරිසකට නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල්බලකා මැර කල්ලිය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයාගේ සංගීත උපදේශක රෝහණ වීරසිංහ තව දුරටත් මෙම ප්‍රහාරකයන් ආරක්ෂ කිරීමට ඉදිරිපත්ව තිබේ. ඔහුට තිබෙන වේදනාව තමන්ගේ ජීවීතේ වැඩිම කාලයක් තමා සමඟ එකට වැඩ කළ මිතුර වන ලක්ෂ්මන් විජේසේකරට හා එම දියනියට හෝ තමාගේම දරුවන් වැනි වූ තරුණ කලාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නොවේ. මේ මෘග පාලනය මෙහෙයවන ජනාධිපති රාජපක්ෂගේ "කීර්ති නාමය"කෙළසීම ගැනය.

ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්‌ථාවේ සිට අවසන් ප්‍රතිඵලය නිකුත් වන තෙක්‌ ක්‍රියාවලිය තුළ කිසිදු ආකාරයක දූෂිත ක්‍රියාවක්‌ සිදු වීමට කිසිසේත්ම ඉඩක්‌ නොමැති බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අයවැයෙන් පොරොන්දු වූ ආකාරයට ගුරු හා විදුහල්පති උසස්‌ වීම් ලබා නොදීමට එරෙහිව නව පාසල් වාරය ආරම්භයේදී වැඩවර්ජනය කිරීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.

දෙමළ සන්ධානය හෝ තමන් කිසි දිනෙක ඊළමක්‌ ඉල්ලුවේ නැති බවත් ඒකීය රටක්‌ තුළ සමානාත්මතාවකින් ජීවත්වීම දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා ඊයේ (30 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අද  පිටරටින් නළු නිළියෝ ගෙනල්ලා ඉතාමත්ම පහත් අන්දමින් තමන්ගෙ ඇඟ බේර ගන්න හදනකොට අනිත් පැත්තෙන් මිහින්ද රාජපක්ෂ කොයිතරම් බංකොළොත් වෙලාද කිව්වොත් අද යුද්ධය විකුණගෙන කාල ඒකත් හරි යන්නෙ නැතුව රණවිරුවෝ විකුණගෙන කාපු මහින්ද රාජපක්ෂ දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීයත් විකුණගෙන කන තත්වයට පත් වෙලා. මහින්ද රාජපක්ෂගෙ දැන්විම් ව්‍යාපාරයට ජාතික ගියේ කොටස් එක් කර ගැනීමෙන් ඒක පැහැදිලි වෙනවා. යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද පැවැති මාධය සාකච්ඡාවකදි පැවසීය.

වත්මන් ආණ්ඩුවට එරෙහිව දෙවැනි නිදහස අරගලය දියත් කිරීමට තමන්ගෙන් ඉගෙන ගත් ලක්ෂ 12ක සිසු පිරිසකට ආරාධනා කර සිටින බව උපුල්ශාන්ත සන්නස්ගල මහතා පැවසීය.
 
සියඹලාණ්ඩුවේ සිටිනා සත්තු යොදාගෙන මිනිස්සු පාලනය කිරීමට පටන් ගෙන තිබීම අනුමත කළ නොහැකි බවත්, එවැනි රටක ජීවත්වීමෙන් ඵලක් නොවන බවත් ඔහු පැවසුවේය. 
ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති  ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයකු හා ජනාධිපතිගේ කලා උපදේශකයා යැයි කියනු ලබන  ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වන සමන් දිසානායක වහා ක්‍රියාත්මක වන පරිදී  කලා ක්ෂේත්‍රයේ  ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු බාර දී තිබේ.

ජනප්‍රිය කලාකාරිනී සමනලී ෆොන්සේකා ඇතුළු 'අලුත් පරපුර' නියෝජනය කරන තරුණ කලා කරුවන්ට ඊයේ(29) නිල් බලකායේ මැරයන් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

ඊයේ කුරුණැගල පැවැති එම කණ්ඩායමේ වැඩ සටහනක් අතර තුරදී මේ සිදුවිය.

Connet With Us