subash

subash

අද දින (02) ජනාධිපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යාපනය හා මන්නාරම ප්‍රදෙශයන් හී පැවැත්වෙන ජන‍රැළිවලදී ඔහුට එරෙහිව 'හූ' කීමටත් කෑකෝ ගැසීමටත් ආරක්ෂක හමුදා කණ්ඩයක් සූදානම් කර ඇතැයි වාර්තා වේ. 

ඊයේ(01) රාත්‍රීයේ පොලීසිය විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පොස්ටර් තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පවුලක් ඉදිරි දින කිහිපයේදී වැදගත් දේශපාලන තීරණයක් ගැනීමට සූදානමින් පසුවන බව එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

පොදු විපක්ෂයෙන් අවම ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ බලාපොරොත්තු විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද(01) දින රාජගිරිය සිංහ සමාජ ශාලාවේ දී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන කලාකරුවන්ට පසුගියදා කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී එල්ලවූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් මහින්ද පිලේ සිටි බොහෝ කලා කරුවන් මේ වනවිට ඉන් ඉවත්වෙමින් සිටී.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

වත්මනේ රටේ බහුතරය කාන්තාවන් වුවත් එම කාන්තාවන්ට රටේ ව්‍යවස්තාවට අනුව නීතියෙන් ලැබිය යුතු සමාන අයිතිවාසිකම් ලබා දීමට රජය ක්‍රියා නොකරන බව විපක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක පෝස්ටරයක් ඊයේ රාත්‍රියේදී රට පුරා ඇලවීමට කටයුතු කර ඇති අතර එහිදී ශ්‍රී ජයවර්ධන පුර කොට්ටේ ජුබිලිකණුව නමින් හැඳින්වෙන මංසන්දියේ පිහි‍ටුවා ඇති ඓතිහාසික ස්මාරකයකද එම පොස්ටර් අලවා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ  ෆේස් බුක්  මිතුරු පි‍ටුවට කැමැත්ත ප්‍රකාශ කිරීම ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනට සම්බන්ධ පුද්ගලයකුට ලැබුණු ඉහළම ප්‍රතිචාරය මෙය වන අතර එය වාර්තාවකි. වත්මනෙහි දෙවැනි තැන සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාය. තෙවැනි තැන මෛත්‍රීපාල සිරිසේන මහතා හිමිකරගෙන සිටී.

Connet With Us