මෙවර එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ කටයුතු සිදුකරන බව අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටින සංවිධාන ප්‍රමාණය මේ වනවිට 40 ඉක්මවා තිබෙන බව සඳහන් කරයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (09) පුද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබේ.සතියක පමණ කාලයක් ලන්ඩනයේ ගත කිරීමෙන් පසු අැය යළි මෙරටට පැමිණ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියොත් ආරක්‍ෂාව තවත් වැඩි කිරීමට සූදානම් බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේය.හිටපු ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව දීම සම්බන්ධයෙන් වන ශ්‍රේරෂ්ඨාධිකරණය ලබාදුන් සීමාවන්ට වඩා ආරක්‍ෂාවක්‌ මේ වන විටත් හිටපු ජනාධිපතිවරයාට ලබා දී අැත.නමුත්  බුද්ධි අංශ හා වෙනත් සාධක මත ආරක්‍ෂාව තවත් ඉල්ලා සිටියහොත් වැඩි කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසුවේය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක්‌ ගොඩ කිරීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්‌නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඇත.

කැබිනට් තීරණ දැනුම්දීමේ ඊයේ(09) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නගමින් අසා සිටියේ ජනාධිපතිවරයා පක්ෂය බාර ගැනීමෙන් පසු උගුලකට අසුවුණාදැයි යනුවෙනි.එහිදී රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ “එහෙම දෙයකුත් තියෙනවා” යනුවෙනි.
 
ජනාධිපතිවරයා ජනවරම පාවාදුන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට ද ඇමතිවරයා ඉහත පිළිතුරම ලබාදුන් අතර ජනතාව එල්ල කරන චෝදනාද ජනාධිපතිවරයාට දැනී තිබෙන බව ඇමතිවරයා කියා සිටියේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයක්‌ සඳහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නම්කර ඇතත් ඒ මහතා එය ප්‍රතික්‍ෂේප කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලබාදීමේ ක්‍රියාවලිය ගැන තමන් බලවත් සේ කළකිරීමටත් සිත් තැවුලටත් පත්ව සිටින බව ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (08) රාත්‍රියේ දැනුම් දී තිබේ.

ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා සකස් කිරීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගනු ලබන තීරණය කෙරෙහි ඔහුට ඡන්දය දුන් සියලූ දෙනා ඉතා ඕනෑකමින් බලා සිටින බව මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් පැවසුවේය.

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us