යාල ජාතික උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කර අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අද (27) දින සිට ආරම්භවේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සම්බන්ධ සියලු පක්‍ෂවල සහාය ලබාගෙන ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එස්‌. බී. දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත ඊයේ (26) පත් කරන ලදී.

මෙවර අපොස උසස්පෙළ විභාගය පැවැත්වීමට නියමිත කාලයෙහි මහ මැතිවරණය කැඳවීම නිසා එම සිසුන්ට බරපතල අසාධාරණයක් වන බව ගුරුවරුන් හා මාපියන් පවසා සිටිති.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සටන මෙහෙයැවීම සඳහා පළාත් පාලන, යහපාලන හා බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පත්කළ බව එජාප මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන නව දේශපාලන පක්‌ෂයේ මංගල සමුළුව අද 27 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

මහින්ද රාජපක්ෂට සහය පළ කරන කණ්ඩායම වෙනත් පක්ෂයකින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන දිනවීමට සහය දුන් පක්ෂ සන්ධානයක් ලෙස හංසයා ලකුණින් ඉදිරි මැතිවරණය ඉදිරපත් වීමට සූදානම්  බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් නොවන බව  වාර්තා වේ. එසේම මැතිවරණය ඉදිරිපත් නොවීමේ තීරණයට හිලව්වක් ලෙස  මහින්ද රාජපක්ෂ හිතවත් පාර්ශවයේ කිහිප දෙනෙකුට නාම යෝජනා ලබාදීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට  පැමිණීමට උත්සාහ ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි මහමැතිවරණය අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us