රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

Published in Gossip
Sunday, 02 July 2017 10:08

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල් පරිශ්‍රයකදී සංවිධානය කළ රාත්‍රී නර්තන ප්‍රසංගයක් අතර තුරදී ඒ සඳහා ගීතයෙන් දායක වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාට ප්‍රහාරයක් එල්ලවී තිබේ. සුනිල් පෙරේරරා මහතා තමන්ගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා උපහාසාත්මකව ගායනා කිරීම නිසා ඉන් උරණ වූ පිරිසක් මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම සිදුවීම අවසන්  වන විට අද (02) පාන්දර 1 පමණ වී තිබූ බවත් එහි සිටියකු පැවසීය.

මෙම අවස්ථාවේදී ගැ‍ටුම සමතයකට පත් කිරීමට මැදිහත් වූ එම වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ ස්වාධීන රුපවාහිනි නිවේදක මහේෂ් සේනානායකටද එම පිරිස් වෙතින් සුළු ප්‍රහාරයක් එල්ලවී ඇත. කෙසේ නමුත් උත්සව සංවිධායකයන් ගැ‍ටුම සමතයකට පත් කර එම උත්සවයේ කටයුතුද අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

මිට පෙර අවස්ථා කිහිපයකදීද ගායක සුනිල් පෙරේරා මහතා මෙලෙස රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා ගීත ගායනා කිරීම නිසා ගැ‍ටුම් වලද මැදිව තිබිණි.

Last modified on Sunday, 02 July 2017 10:31

Leave a comment

ld add copy

Connet With Us