ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

Published in Gossip
Friday, 30 June 2017 10:30

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතුර පාවිච්චි කරමින් නළුකමට පිවිස ඇතැයි රූපවාහිනි සේවකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන පරිදි ඔහු 'රඟන' අවස්තාවන් සහිත රූපරාමු ඇතුලත් වීඩියෝ පට මුදා හැරීම වෙනුවෙන් මැලැව්වෙතන්ත්‍රී මහතා ජනපතිවරයා සමඟ පවතින සමිප සම්බන්ධතාවය බලයක් ලෙස පාවිච්චි කර වීඩියෝ සංරක්ෂණ අංශයේ සේවකයන්ට සිදු කළ අයතා බලපෑම සම්බන්ධයෙන් සේවක විරෝධයක් මේ වන විටත් ඇතිව තිබේ.

සේවක විරෝධය කෙසේ වෙතත් ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් මාධ්‍ය ප්‍රධානින් විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම කිහිපයක් ගැන පසුගියදා දැනුම් දී තිබූ අතර එහිදී මාධ්‍ය ප්‍රධානින් ' නළුවන්' නොවිය යුතු බව අවධාරණය කර තිබිණි.

ඊට හේතුව වී තිබුණේ මාධ්‍ය ප්‍රධානින් එම ආයතන සම්බන්ධ වැඩ සටහන් වලදී ඔහුගේ සහභාගිත්වය උලුප්පා දක්වමින් පෞද්ගලික ප්‍රතිරූප ගොඩනංවා ගැනීම සඳහා රූපවාහිනී මාධ්‍ය පාවිච්චි කිරීම ය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සම්බන්ධ වන ජාතික උත්සව හා වැඩ සටහන් වලට මෙම ප්‍රධානින්ද සහභාගී වන අතර එම අවස්ථාවන් වැඩි වශයෙන් ප්‍රචාරය කරමින් තමන් හා රටේ නායකයන් අතර සමීප සම්බන්ධතා ඇති බව ඒත්තු ගැන්වීම හරහා වෙනත් පල ප්‍රයොජන ලබා ගැනිමට ඇතැම් ප්‍රධානින් කටයුතු කොට තිබූ බවට පසුගිය කාලයෙ චෝදනා එල්ලව තිබිණි.

කෙසේ නමුත් ජනමාධ්‍ය ඇමැතිවරයා මේ දැනුම් දීම සිදු කර දින කිහිපයක් යන්නට මත්තෙන් ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මේ නොතකා හැර පමණක් නොව තමන් ජනාධිපතිවරයා සමඟ සිටින් රූප රාමු සහිත ඩීවීඩී (dvd) පට සිය හිතවතුන් අතරේ බේදාහැරීමටද කටයුතු කොට ඇති බව රූපවාහිනි සේවකයෝ පවසයි.

පසුගියදා කොළඹ තරංගනී සිනමා ශාලා පරිශ්‍රයේදී ධර්මසේන පතිරාජ සිනමාවේදිය සම්බන්ධයෙන් පැවැති උපහාර උත්සවය සඳහා ජනාධිපතිවරයා සහභාගී වී සිටි අතර රුපවාහිනී අධ්‍යක්ෂ ජනරාල්වරයාද ජනාධිපතිවරයා සමීපයෙම ගැවසෙමින් සිටියේය. එම අවස්ථාවන් සහිත රුපවාහිනී සංස්ථාව විසින් පටිගත කරන ලද වීඩියො පටවල ඩීවීඩී පිටපත් 10 ක් එම අංශය භාර සේවකයන් හරහා මැල්ලවගේ මහතා විසින් ලබා ගෙන ඇත.

සාමාන්‍යයෙන් රූපවාහිනියේ තැන්පත් කර තිබෙන වීඩියො වල පිටපත් නිසි අවසරයකින් තොරව අධ්‍යක්ෂ ජනරාල්වරයාට වුවත් ලබා දීම සිදු නොකරේ. එහෙත් තමන් ජනාධිපතිවරයාගේ නියොජිතයෙක් බවත් මෙම පිටපත් ජනාධිපතිවරයා සම්බන්ධ කටයුත්තකට බවත් ආදි වශයෙන් බලකිරීම සිදු කර ඩී වී ඩී පිටපත් 10 ‍රැගෙන ගොස් තිබේ.

රූපවාහිනි සංස්ථාවේ පරිපාලනයේ ඉහළම බලතල සහිත නිලධාරියා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූවද මෙම නිලධාරියා රූපවාහිනීයේ කටයුතුවලට සම්බන්ධ නොවී ඔහුගේ නිතිඥ වෘත්තියෙහි නිරන්තරයෙන් යේදීම නිසා රූපවාහිනියේ පරිපාලන කටයුතු අඩපණව ඇති බව අප පසුගිය සතියේ අනාවරණය කළෙමු. එම පුවත මෙතැනින් 'රුපවාහිනිය නාය යන ලකුණු.. අධ්‍යක්ෂ ජනරාල් උසාවියේ පදිංචි වෙයි


මොහුව මෙම තනතුරෙන් ඉවත් කිරීමට ජනමාධ්‍ය ඇමැතිවරයා කටයුතු කළත් තව දුරටත් එම තනතුරේ තබා ගතයු‍තු බවට ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය ඇමැති වරයාගෙන් කළ දැඩි ඉල්ලීම මත ඒ වැලැක්විනි. එම තත්වය යටතේ ජනමාධ්‍ය ඇමැතිවරයා සිය ඇමැති තනතුරෙන් ඉවත් වන බවටද ජනාධිපතිවරයාට දැනුම් දීම දක්වා මෙම ගැ‍ටුම දුර දිග ගොස් තිබූ බව මාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ නමුත් අවසානයේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට තනතුරු නාමය පමණක් ප්‍රමාණවත් බවත් එම තනතුරට අදාල සියලු බලතල 'ක්‍රියාකාරී අධයක්ෂවරයාට' පැවැරීමටත් යෝජනා කිරීම නිසා ඒ අනුව ගැටුම සමතයක පත්ව තිබේ, මේ අනුව නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ අමල් ඉංදික ගජමන්ගේ මහතාට මේ වන විට අධ්‍යක්ෂ ජනරාල් වරයා සතු සියලු බලතල පවරා ඇත.

අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සිටින තුසිර මැලැව්වෙතන්ත්‍රීගේ යනු දැන් කොහොමත් නළුවෙක් පමණි. එහෙත් ආයතනයෙන් වැ‍ටුප් ගෙවමින් එහි දේපොළ හා වරප්‍රසාද පාවිච්චි කරමින් මේ නළුවන්ට රඟන්න ඉඩ දීමෙන් ජනාධිපතිවරයා ලබන සතුට කුමක්ද යන්න පැහැදිලි නැත.

Leave a comment

ld add copy

Connet With Us