රාජපක්ෂ සහෝදර බල අරගලය උග්‍ර අතට

Published in Gossip
Thursday, 07 July 2016 11:20

ආණ්ඩුව ගෙදර යැවීමට කියමින් ශ්‍රීලනිප මහින්ද පාර්ශවය වෙනම දේශපාලන ගමනක් වෙනුවෙන් බදුල්ලෙන් වැඩ ඇල්ලීමට සුදානම් වීමත් සමඟ අන්තවාදී කහකඩ බලකායන් හරහා ආණ්ඩු විරෝධී රැල්ලක් බිහිකිරීමටත් ගෝඨාභය රාජපක්‍ෂව දේශපාලනයෙන් ඉවත් කිරීමේත් මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මේවන විට ප්‍රසිද්ධියේ මෛත්‍රී හිතවාදියකු ලෙස පෙනී සිටීමත් පසුගිය ජනාධිපතිවරණයට පෙර සිටම මෛත්‍රීපාල සිරිසේන සමඟ වන හිතවත්කම තව දුරටත් එලෙසම පවත්වාගෙන යාම ආදී හේතු නිසා නව දේශපාලන ව්‍යාපාරයේ වගකීම සහගත කටයුතුවලින් ඔහුව ඈත් කර තැබීම සුදුසු බව මහින්ද රාජපක්ෂගෙම තීරණයක් බවද දැන ගැනීමට තිබේ. මෙතෙක් බැසිල් විරෝධී පිළිවෙතක සිටි විමල් වීරවංශද හදිසියේ බැසිල් අනුගාමියෙකුවුයේද ඒ අනුව බවද වාර්තා වෙයි. ගෝඨාභය රාජපක්ෂව තමුන්ගේ නායකයා කර ගැනීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් පසුගිය කාලයේ දැඩි වෙහෙසක් ගත්තද ඒ සාර්තක වූයේ නැත.

අප වෙත වාර්තා වී ඇති ආකාරයට 2020 ආණ්ඩු පෙරළියේ නායකත්වය කාටද යන කාරණය පිළිබඳ මහින්දගේ නඩය තුළ පසුගිය සමය පුරා බරපතල ලෙස සාකච්ඡා කෙරී ඇත. එහිදී එම පාර්ශවයේ බුද්ධිමණ්ඩල සාමාජිකයින්ද බෙදී ඇත. එම බුද්ධිමණ්ඩලය පාර්ශව දෙකක් ලෙස මෙතෙක් කටයුතු කරමින් සිටියේ "වියතුන්ගේ හඬ" සහ "යුතුකම සංවාද කවය" ලෙසින්ය. වියතුන්ගේ හඬ කොටස දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිගත් අන්තවාදය බැහැර කර ජාතිකවාදී ස්ථාවරයක සිට කටයුතු කළ අතර යුතුකම සංවාද නඩය පැහැදිළිව කටයුතු කළේ අන්ත ජාතිවාදී ස්ථාවරයක සිටිමින්ය. ඒ තුළ පළමු බෙදීම ඇතිව තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිලිගෙන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මෙම ගමන යායුතු බවත් විශේෂයෙන්ම බැසිල් හා ගෝඨාභය ව කෙසේවත් සම්බන්ධ කර නොගත යුතු බවත් වියතුන්ගේ හඬ යෝජනා කිරීම තුළය. නමුත් යුතුකම නඩයේ ස්ථාවරය වී ඇත්තේ ගෝඨාභයව ජාතික දේශපාලනයේ ඉදිරියට ගෙන ආ යුතු බවය.

එසේම බොදුබල සේනා ඇතුළු ආගමික අන්තවාදීන් හරහා ආණ්ඩුව නැවත වරක් ගැටුමකට යැවිය යුතු බවත් ඒ තුළ සිංහල බෞද්ධ ප්‍රජාව තුළ මෙන්ම සුළු ජාතිකයින්ටද ආණ්ඩුව එපා කරවීමේ වාසි දෙකම එකවර ලැබිය හැකි බව ඔවුන් පෙන්වා දී ඇත. ගොඨාභය රාජපක්ෂට මෙරට මධ්‍යම පාන්තිකයන් තුල ඉහළ පිලිගැනීමක් තිබීම අමතර වාසියක් බවද ඔවුන් පෙන්වා දී ඇත.

මේ ගැටුම පසුව මහින්ද දක්වා ගොස් ඇති අතර මහින්ද, දෙපාර්ශවයෙන්ම අසා ඇත්තේ ගෝඨාද බැසිල්ද කියා තමුසෙලා වාද කරමින් සිටින්නේ මං මැරිලා කියලා හිතලද කියාය. එහිදී මහින්ද වැඩිදුරටත් කියා ඇත්තේ තමන් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් 2020 ආණ්ඩු පෙරලියේ නායකයා තමන් බව දැනගෙන කටයුතු කරන ලෙසය.

ඒ අනුව ජාතික නායකයකු ලෙස ඉදිරියට ගෙනෙන්නට තමන්ට වාඩාත් හීල විමල් වීරවංශ යොදා ගන්නා ලෙසත් තම පාර්ශවයේ සියලු ජන හමු වල නායකත්වය ඔහුට දියයුතු බවත් මහින්ද එම පාර්ශව වෙත දැනුම් දී ඇත. පසුගියදා බැසිල් රාජපක්ෂගේ සංවිධානත්වයෙන් දියත්වූ බදුලු රැළියේ ප්‍රධාන කතිකයා ලෙස විමල් ව යොදා ගැනුනේද ඒ අනුවය.

එසේම මූලික අදියරේදී යුතුකම සංවාද නඩය යෝජනා කළ ජාතිවාදී ප්‍රවණතාවය ඉස්මතු කිරීම වැදගත් බව මහින්ද විසින්ද පිළිගෙන ඇති අතර ඒ අනුව මහින්ද පාර්ශ්වයේ මුලිකත්වයෙන් ගොඩනගන නව දේශපාලන බලවේගය කලඑළි බැසීමත් සමඟ භික්ෂුන්වහන්සේලා සහ ආණ්ඩුව ගැටෙන්නට සලස්වන රටපුරා ජාතිවාදී කලබල ඇති කිරීමේ මෙහෙයුමද දියත්වීමට නියමිතව තිබේ. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වෙනුවෙන් බොදුබල සේනා සංවිධානය මෙන්ම ජාතික භික්ෂු පෙරමුණ යොදා ගැනීමට නියමිතව තිබේ.

පසුගිය දිනක මහින්ද පාර්ශවයේ සිටින විශ්වාස වන්ත නායකයින් කැඳවූ අවස්ථාවක බැසිල්ගේ බුද්ධි මණ්ඩල සාමාජිකයින් තමන්ගේ මෙම සැලැස්ම විස්තර කරදී ඇත. එම සැලැස්ම අනුව මහින්ද පාර්ශවයේ සිටින බොහෝ දෙනෙකු පසුගිය සමයේ විවිධ චෝදනා වලට වැරදිකරුවන් වීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ට ජන ප්‍රසාදයක් නොමැති බවත් ඒ නිසා සිංහල බෞද්ධ ජන්ද දිනා ගැනීමට නම් ආණ්ඩුව සහ භික්ෂුන් වහන්සේලා අතර ගැටුම් ඇති කිරීමත් ඒ තුල මහ නායක හිමිවරුන් ඇතුළු නායක භික්ෂුන් අතර ආණ්ඩුව ගැන කළකිරීමක් ඇති කළ හැකි බවත් පෙන්වා දී ඇත. ඊට සමගාමීව ආගමික පදනමින් සුළු ජන කොටස් වෙත ප්‍රහාර එල්ල කිරීමද සිදුකළ යුතු බවත් ඒ සඳහා ප්‍රචාරණය ලබාදිය යුත්තේ තමන්ට හිතවත් මාධ්‍ය හරහා නොව ස්වාධීන ලෙස පෙනෙන පෞද්ගලික මාධ්‍ය හරහා බවද බුද්ධි මණ්ඩලය අවධාරණය කර ඇත.

මෙම සැලසුමේ ප්‍රතිපල ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ භික්ෂුන් වහන්සේලා සමඟ ආණ්ඩුවේ ගැටුම් ගැන මහ නායක හිමිවරුන් හරහා ප්‍රසිද්ධ නිවේදන නිකුත් කර ජනතාව තුල ආණ්ඩුව ගැන කළකිරීමක් ඇති කිරීම සහ දිගින් දිගටම ජාතිවාදී/ ආගම්වාදී පදනමින් සුළු ජන කොටස් වෙත මැදිහත්වීම තුල වත්මන් ආණ්ඩුව හමුවේ පවා තමන් අනාරක්ෂිත බව හඟවා ඔවුන් තුලද ආණ්ඩුව ගැන කළකිරීමක් ඇතිකරවීමය.

මේ තුල දේශපාලන ජයග්‍රහණයක් ලැබීමට ඇති හැකියාවද බුද්ධි මණ්ඩල සාමාජිකයින් මැතිවරණ දත්ත ඇසුරින් පෙන්වා දී ඇති බවද වාර්තා වෙයි.

පසුගියදා බදුල්ල මහියංගණය ප්‍රදේශයට ඥානසාර යවා මුස්ලීම් ජනතාව භීතියට පත්වන අන්දමේ ප්‍රකාශයක් නිකුත් කරවුයේ එහි පළමු පියවර ලෙසින් බවත් දෙවන පියවර ලෙස ඊයේ (06 ) ජාතික භික්ෂු පෙරමුණ ලවා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රසිද්ධියේ ආණ්ඩුවට රතු එළි පෙන්වූ බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේම එම මාධ්‍ය හමුව විමල්ගේ මඩ පුවත් වෙබ් අඩවිය හෝ රාජපක්ෂ රෙජීමයේ අනෙක් වෙබ් අඩවි හෝ ප්‍රමුඛතාවයෙන් යුතුව වාර්තා නොකළේද මෙම බුද්ධි මණ්ඩල තීරණය අනුව බවද වාර්තා වෙයි.

එසේම මහින්ද වාදී පාර්ශවය තුළ ගෝඨාභයගේ දේශපාලනය අවසන් කළ යුතු හෙයින් ඒ පිළිබඳ විස්තර විරුද්ධවාදීන් වෙත ලබා දීමේ වගකීමද විමල් වෙත පවරා ඇත. පසුගියදා ගෝඨාභය නිදහසේ ඇමරිකානු වීසා ලබාගත්තේ ඔහු CIA නිසා බවට පුවත් ප්‍රචාරය කෙරුණේත් එසේ ගිය ගමනේදී 2020 ජනාධිපති ලෙස නිවේදනය වූ බවට පුවත් විමල්ගේ වෙබ් අඩවි ප්‍රචාරය කලෙත් ඒ අනුව බව මහින්ද පාර්ශවයේ මාධ්‍ය අංශය නියෝජනය කරන අයෙකු අප සමඟ පැවසීය.

කෙසේ නමුත් මේ සහෝදර බල පොරය කොතනින් අවසන් වේදැයි තමන්ටද සිතා ගත නොහැකි බවත් පාට මාරු කරන විමල් වැනි දේශපාලන කටුස්සන් හැර තමන් වැනි ජාතික ව්‍යාපාරය පෝෂණය කරන අවංක අයද දැන් දැන් මහින්ද අත්හරිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලනිප මහින්ද පාර්ශවය වෙනම දේශපාලන ගමනක් වෙනුවෙන් බදුල්ලෙන් වැඩ ඇල්ලීම සමඟ භික්ෂුන්වහන්සේලා සහ ආණ්ඩුව ගැටෙන්නට සලස්වන රටපුරා ජාතිවාදී කලබල ඇති කිරීමේ මෙහෙයුමක්ද සංවිධානය කර ඇති බව වාර්තා වෙයි. එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වෙනුවෙන් බොදුබල සේනා සංවිධානය මෙන්ම ජාතික භික්ෂු පෙරමුණ යොදා ගැනීමට නියමිතව තිබේ.

පසුගිය දිනක මහින්ද පාර්ශවයේ සිටින විශ්වාස වන්ත නායකයින් කැඳවූ අවස්ථාවක බැසිල්ගේ බුද්ධි මණ්ඩල (think tank ( සාමාජිකයින් තමන්ගේ මෙම සැලැස්ම විස්තර කරදී ඇත. එම සැලැස්ම අනුව මහින්ද පාර්ශවයේ සිටින බොහෝ දෙනෙකු පසුගිය සමයේ විවිධ චෝදනා වලට වැරදිකරුවන් වීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ට ජන ප්‍රසාදයක් නොමැති බවත් ඒ නිසා සිංහල බෞද්ධ ජන්ද දිනා ගැනීමට නම් ආණ්ඩුව සහ භික්ෂුන් වහන්සේලා අතර ගැටුම් ඇති කිරීමත් ඒ තුල මහ නායක හිමිවරුන් ඇතුළු නායක භික්ෂුන් අතර ආණ්ඩුව ගැන කළකිරීමක් ඇති කල හැකි බවත් පෙන්වා දී ඇත. ඊට සමගාමීව ආගමික පදනමින් සුළු ජන කොටස් වෙත ප්‍රහාර එල්ල කිරීමද සිදුකළ යුතු බවත් ඒ සඳහා ප්‍රචාරණය ලබාදිය යුත්තේ තමන්ට හිතවත් මාධ්‍ය හරහා නොව ස්වාධීන ලෙස පෙනෙන පෞද්ගලික මාධ්‍ය හරහා බවද බුද්ධි මණ්ඩලය අවධාරණය කර ඇත.

මෙම සැලසුමේ ප්‍රතිපල ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ භික්ෂුන් වහන්සේලා සමඟ ආණ්ඩුවේ ගැටුම් ගැන මහ නායක හිමිවරුන් හරහා ප්‍රසිද්ධ නිවේදන නිකුත් කර ජනතාව තුල ආණ්ඩුව ගැන කළකිරීමක් ඇති කිරීම සහ දිගින් දිගටම ජාතිවාදී/ ආගම්වාදී පදනමින් සුළු ජන කොටස් වෙත මැදිහත්වීම තුල වත්මන් ආණ්ඩුව හමුවේ පවා තමන් අනාරක්ෂිත බව හඟවා ඔවුන් තුලද ආණ්ඩුව ගැන කළකිරීමක් ඇතිකරවීමය.

මේ තුල දේශපාලන ජයග්‍රහණයක් ලැබීමට ඇති හැකියාවද බුද්ධි මණ්ඩල සාමාජිකයින් මැතිවරණ දත්ත ඇසුරින් පෙන්වා දී ඇති බවද වාර්තා වෙයි.

පසුගියදා බදුල්ල මහියංගණය ප්‍රදේශයට ඥානසාර යවා මුස්ලීම් ජනතාව භීතියට පත්වන අන්දමේ ප්‍රකාශයක් නිකුත් කරවුයේ එහි පළමු පියවර ලෙසින් බවත් දෙවන පියවර ලෙස ඊයේ (6 ( ජාතික භික්ෂු පෙරමුණ ලවා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රසිද්ධියේ ආණ්ඩුවට රතු එළි පෙන්වූ බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේම එම මාධ්‍ය හමුව විමල්ගේ මඩ පුවත් වෙබ් අඩවිය හෝ රාජපක්ෂ රෙජීමයේ වෙබ් අඩවි වාර්තා නොකළේද මෙම බුද්ධි මණ්ඩල තීරණය අනුව බවද වාර්තා වෙයි.

එසේම ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය කිරීමේ සැලසුම්ද ක්‍රියාත්මක කර ඇති බවත් ඒ වෙනුවෙන් මේ වන විටත් ජනාධිපති වරයා වටා සිටින එජාප විරෝධීන් එය ඉටුකරමින් සිටින බවත් බුද්ධි මණ්ඩල සාමාජිකයින් පවසා ඇති මුත් ඊට වඩා විස්තරයක් ඔවුන් ඒ ගැන සිදුකර නැත.

Last modified on Thursday, 07 July 2016 11:22

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us