සෝභිත හිමිගේ ආදාහනයදා ෆීල්ඩ් මාර්ෂල්ට පු‍ටුව නැතුව ජරමර

Published in Gossip
Friday, 13 November 2015 21:42

මාදුළුවාවේ සෝභිත හිමිගේ ආදානොත්සවය වෙනුවෙන් සහභාගී වූ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානාකවරයාට සමගාමීව ඔහුගේ නමින් ආසනයක් වෙන් කර නොතිබීම නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බාල ගෝලයන් එම උත්සව සභාව තුලදී එම සංවිධායකයන් සමඟ යුද්ධයක පැටැලී තිබෙන බව වාර්තාවේ.

කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියෙහි පැවැති මෙම උත්සවය සඳහා ආසන පැනවීමේදී ජනාධිපතිවරයාට අගමැතිවරයාට කතානායකවරයාට,  විපක්ෂ නායකවරයාට, බුද්ධ ශාසන ඇමැතිවරයාට හා රජය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කළ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට ඔවුන්ගේ නමින් ආසන වෙන් කර තිබු අතර ඊට පසු පෙල කැබිනට් ඇමතිවරුන් සඳහා පොදුවේ ආසන කොටසක් වෙන් කර තිබිණි. තානාපතිවරුන්ට හා ආරක්ෂක අංශ ඉහල නිළධාරන්ට යනාදි වශයෙන්ද ආසන වෙන්කර තිබිණි. 

මෙම උත්සව සභාවට සහභගී වීමට නියමිත ෆොන්සේකා මහතා ගේ බාල ගෝලයකු එම උත්සවයට පැය 3 කට පමණ පෙර එහි පැමිණ තම ස්වාමීයා හා එම බිරිඳ වෙනුවෙන් ඔවුන්ගේ නමින් ආසනයක් වෙන් කර නොමැති බව දැක උරනව සංවිධායකවරයකුගෙන් ඒ ගැන විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ එතුමා කැබිනට් ඇමතිවරයකු හා සමාන නිසා එම කොටසේ කැමැති ආසනයක අසුන් ගත හැකි බවය.

එහෙත් ඊට එරෙහිව ඇති ගෝලයා , ෆොන්සේකා මහතාගේ  නමින් ආසන 2 ක් වෙනම අවශ්‍ය බවට ගෝරනාඩුවක් කර ඇත. පසුව මෙම උත්සවයේ ආසන පැනවීම සිදු කළ කොළඹ මහ දිසාපතිවරයා පැමිණ මෙහි ආසන වෙන් කර ඇති පිළිවෙල පැහැදිලි කර දී ෆොසේකා මහතාට අවශ්ය නම් කඩදාසිය නම ලියාගෙන පැමිණ පු‍ටුවේ අලවා වාඩි විය හැකි බව මේ අපූරු ගෝලයාට පවසා ඇත.

ඉන් පසුව ඔහු පිටව ගොස් විනාඩි කිහිපයකින් නම සඳහන් කඩදාසි 2ක් ගෙනවිත් ඉදිරිපෙළ පු‍ටු දෙකක අලවා ඇත.

 සොභිත හිමි වෙනුවෙන් ෆොන්සේකා මහතා ශෝක වීමට පටන් ගත්තේ ඒ අනුව අසුන් ගෙනයය..

සාමාන්‍යයෙන් රාජ්‍ය උත්සව වලදී ආසන පැන වීම යනු අනිවාර්යෙන්ම එම සංවිධායකවරුන්ට දෝශාරෝපණය එල්ල වන කටයුත්තකි. එහෙත් මෙම උත්සව සභාවේදී රජයේ ප්‍රබල අමාත්‍ය වරුන් පවා පසු පෙල අසුන්වල වාඩි වී සිටිනු දකින්නට ලැබිණි. හිටපු ජනාධිපතිනිය පවා පසුපෙළ අසුනකට ගොස් වාඩි වීමට සූදානම් වෙද්දී ඇයට ඉදිරි පෙළ අසුනක් කිසිවකු විසින් ලබාදුන්නා මිසක රණ්ඩු කරන්නට ගියේ නැත. එහෙත් ෆීල්ඩ් මාර්ෂල්ලා එහෙම නැත.

Last modified on Friday, 13 November 2015 22:07

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us