87 -89 ඝාතනවලට වගකිව යුත්තන් සෙවිය යුතු බවට ජනාධිපතිට යෝජනාවක්.

Published in Gossip
Tuesday, 06 October 2015 23:41

1987- 89 වසරේ දකුණේ අතුරුදන් කොට මරාදැමූ 60,000 ගේ මිනීමැරුම් සම්බන්ධයෙන් හා ඊට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලනීප මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි දැන ගන්නට තිබේ.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා සම්බන්ධව සිටි බවට සැක කෙරෙන 1999 වසරේ සිදුවූ ඝාතනයක් නිසා අද දින ඒ මහතාව අත් අඩංගුවට ගැනීම සිදු විය මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ගිය ශ්‍රී ලනීප මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා පවසා ඇත්තේ චෝදනා බරපතල බැවින් තමන්ට කිසිවක් කළ නොහැකි බවත් කිසිදු අපරාධයක් සම්බන්ධයෙන්වත් පොලීසිය සිදු කරන පරීක්ෂණ වලට තමන් අත නොදමන බවත්ය.

ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත්තේ මෙය එජාපය විසින් ශ්‍රී ලනීප මන්ත්‍රීවරුන්ට එරෙහිව කරනු ලබන කුමන්ත්‍රන කාරී දෙයක් විය හැකි බවය. මේ නිසා 87- 89 කාලයේදී වූ ඝාතන සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු ආරම්බ කිරීම සිදු විය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.

කෙසේ නමුත් මේවන විට 1989 වසරේදී පන පිටින් පුලුස්සා දැමූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ මහතාගේ බිරිඳ හා දරුවන් පරීක්ෂණයක් ඉල්ලා ඇත.මේ වෙනුවෙන්ද සත්‍ය කොමිසමක් පත් කළ යුතු බවටද සිවිල් සමජය තුල මතයක් නිර්මාණ වී ඇත.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us