කෙල්ලො ආස කොහොමද ?

Published in Gossip
Wednesday, 22 July 2015 13:28

ලෝකෙට ඕනෑතරම් ප්‍රශ්න නම් තියෙනවා. අරක උනේ කොහොමද මේක උනේ කොහොමද? ඇත්තටම දෙවියො ඉන්නවද? ලෝකෙ  අවේ කොහෙන්ද? ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න. වෙලාවකට හිතෙනවා ලෝකෙ තියෙන්නෙ ප්‍රශ්න සහ ඒවාට දෙන උත්තර පමණද කියලත්.

මේ ප්‍රශ්න අතර සමහරුන්ට වෙනස්  විදිහේ ප්‍රශ්නත් තියෙනවා. මනා පෙනුමක් සහිත පුරුෂ ලිංගයකට හේතුවන කාරණා මොනවාද යන කරණයට උත්තර හොයාගන්න විද්‍යාඥයෝ පිරිසක් උත්සහ ගෙන  තිබෙනවා.

සූරිච් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් පවත්වපු මේ අධ්‍යනයේදී කාන්තාවන් පුරුෂ ලිංගය පිලිබඳ දක්වන අදහස සැලකිල්ලට ගෙන තිබෙනවා. මේ  පිළිබඳ වයස 16ත් 45ත් අතර කාන්තාවන් 105 කුගෙන් අදහස් විමසා ඇති බව පැවසෙනවා.

ඒවගේම පුරුෂ ලිංගය කුඩා යයි දුක්වෙන බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව දුක් නොවෙන ලෙස මෙම පරීක්ෂකයින් පවසනවා. ආකර්ෂණය සඳහා පුරුෂ ලිංගයේ දිග ප්‍රමාණය හේතු නොවන බවයි ඔවුන්ගේ අදහස.

මූලිකව පුරුෂ ලිංගයේ ඇති රෝම කූපවල ස්වරූපය , එහි සම සහ වටප්‍රමාණය වැදගත්වන බව මෙහිදී අනාවරණය වී තිබේ. මීට අමතරව ශිෂ්ණයට සමාන්තරව අන්ඩ කෝෂ පිහිටිය යුතුබව පරීක්ෂකයින් පෙන්වා දෙයි.

 උපතින් මුත්‍ර මාර්ගය යටින් පිහිටන හෝ මුත්‍ර මාර්ගයේ යම් විකෘතිතා  කාන්තාවන් සාමාන්‍ය තත්වයක් ලෙස තේරුම් ගන්නා බව පරීක්ෂකයින් පෙන්වා දෙයි. මෙම අධ්‍යනයට අනුව පුරුෂ ලිංගයක සාමාන්‍ය බාහිර ස්වරූපයේදී මුත්‍ර මාර්ගය පිහිටන ආකාරය  එතරම් වැදගත් නොවන බව පැහැදිලි වන බව පරීක්ෂකයින් පවසයි.  

මීට අමතරව සාමාන්‍යයෙන් වයස්ගත කාන්තාවන් පුරුෂ ලිංගයේ පෙනුම පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බව හෙළිව තිබේ.  

අවසාන වශයෙන්  ආකර්ශනීය පුරුෂ ලිංගයක් පිළිබඳ අදහස් දක්වන පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ ඒ සඳහා බලපාන එක් කාරණයක් පමණක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us