පිරිමි අකමැතිම විලාසිතා

Published in Gossip
Wednesday, 10 June 2015 12:34

"අනේ ඔයා කොහොම හිටියත් මට ලස්සනයි.........". ගොඩක් පිරිමි තමන්ගෙ පෙම්වතියට, බිරිඳට කියන්නෙ ඔය කතාව. ඒත් ඉතින් පිරිමිත් කැමතියි තමන්ගෙ සහකාරිය ලස්සනට ඉන්නවා දකින්න. ලස්සන වෙන්න කියල අපි අනුගමනය කරන බොහෝ විලාසිතා නිසා තියෙන පෙනුමත් නැතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. පිරිමින් ආකර්ෂණය නොවන එවැනි විලාසිතා කිහිපයක් මෙසේයි.

සංකීර්ණ කොණ්ඩා විලාසිතා

ඇතැම් සංකීර්ණ කොණ්ඩා විලාසිතා විශේෂ උත්සව අවස්ථා හෝ රූගත කිරීම් වැනි අවස්ථා වලට පමණක් උචිත විය හැකියි. නමුත් අනෙක් බොහෝ අවස්ථා වලදී ඔබේ ස්වභාවික හිසකෙස් වලට සරල විලාසිතාවක් යොදා ගැනීම විවිධ ජෙල් හා නිෂ්පාදන ගල්වා කරන විලාසිත වලට වඩා ආකර්ෂණිය වෙයි.

ෆවුන්ඩේෂන් වැඩිපුර ගැල්වීම

ෆවුන්ඩේෂන් ආලේප කරන්නේ සමේ ලප කැලැල් හා වැරැදි වැසිමටය.එය ඔබේ සමට මෘදු නිරෝගී බවක් ගෙනදීමට සමත්ය. නමුත් ඔබේ සමේ වර්ණයට වඩා එය කැපී පෙනෙන විට ස්වාභාවික ලස්සන මැකී ගොස් කෘතිම බවක් ලැබිය හැකියි.

ඇහි පියවල දිස්නය

ඔබේ මේකප් පිළිබද එතරම් නොදන්නා අයෙක්නම් ඇහි පියවල දීප්තියක් ලබා දෙන glitter වැනි ආලේපන නොගල්වන්න. එය වැඩිපුර ගැල්වීමෙන් ඔබ අවලස්සන වීමට පුළුවන්.

ඇහි පිහාටු ඇලවීම

ඇස් පිහාටු වල ඝනකම වන ලෙස මස්කාරා තවරන්නේද මේ නිසයි.ඇස් පිහාටු ඇලවීමෙන් දෑස් වලට වැඩි අලංකාර බවක් ගෙන දෙන බවනම් සැබෑවක් නොව ප්‍රමිතිගත මස්කාරා නිෂ්පාදනයක් ගල්වා කුඩා පින්සලකින් ඇස් පිහාටු පීරා ගැනීමෙන් පමණක් දෑසට වැඩි අලංකාර බවක් ගෙන දිය හැකියි.

නිවැරදිව ශරීරයේ රෝම ඉවත් නොකිරීම

කාන්තාවන්ගේ මෘදු සමට පිරිමින් වැඩි කැමැත්තක් දක්වනවා.මේ මෘදු බව ඔබේ සිරුර පුරාම පවත්වා ගන්න උත්සාහ කරන්න පාද හා කිහිලි වල අනවශ්‍ය රෝම ඉවත් කිරීම පිරිසිදු වීමටත් පහසුවකි.

වියළි සම

වියළි සමක් තිබීම නම් කාන්තාවකගේ සුන්දරත්වයට හානියකි. වැලමිට හා විලුඹ වැනි ස්ථාන වලත් වියළීම වලක්වා ගැනීම වැදගත්.මේ නිසා ස්නානය කරන විටත් තෙතමනය සුරකින ජෙල් එකක් භාවිතා කරන්න.ඉන් පසුව සිරුරට සුදුසු ක්‍රීම් එකක් ගල්වන්න.

මුඛයේ දුගඳ හා කහ පැහැති දත්

මුඛයෙන් පිටවන දුගඳ හා කහ පැහැති දත් නම් ඔබව අන් අයගේ අප්‍රසාදයට ලක්වන මුලික කරුණක්. කෝපි වයින් වැනි පාන වැඩිපුර පානයත් මෙයට හේතු විය හැකියි.මේ නිසා දත් සුදු කරන striips හා mouthspray එකක් ඔබට වෛද්‍ය නිර්දේශය ඇතිව ලබාගන්න පුළුවන්.

වැරදි Lip liner භාවිතය

තොල් අලේපනයේ වර්ණයෙන්ම Lip liner එකක් තෝරා ගැනීම වැදගත්. තොල් අලේපනයට වඩා කැපී පෙනෙන කළු වර්ණයෙන් Lip liner ඇදීමෙන් ඔබ අවලස්සන කරවයි.

Leave a comment

ld add copy

Connet With Us