විදුලි බල්බ නිසා සාංකාව

Published in Gossip
Monday, 27 April 2015 14:42

විදුලි බලය ඉතුරු කරගැනීමට හැකියාව තිබෙන නිසා පැරණි විදුලි බල්බ ඉවතලමින්, පරිසර හිතකාමී විදුලිය ඉතිරිකරන බල්බ භාවිතයට බොහෝ දෙනෙක් පුරුදුව සිටිනවා. එමගින් විදුලි බලය ඉතුරු වෙන බවනම් සත්‍යයක්, නමුත් ඔබ නොදැන සිටියාට එහි සැගවුණු භයානක කමක් පවතිනවා. අලූත් පරම්පරාවේ විදුලිය ඉතිරිකරන විදුලි බල්බ ඉතාමත් විෂ සහිත බව ඔබ දන්නවද?

එම බල්බයක් බිම වැටී බිදී ගියහොත් ඔබ වාහාම අනුගමනය කලයුතු හදිසි උපදෙස් මාලාවක් තිබෙනවා. වාර්තා වෙන පරිදි, ඇමෙරිකානු පාරසරික ආරක්ෂණ කාර්යාංශය තමයි එම ආරක්ෂණ උපදෙස් නිර්මාණය කර තිබෙන්නේ. ඉන් විෂ වායුන් නිදහස් වෙන නිසා මෙවැනි අවධානමක් පවතිනවා. නිවස ඇතුලතදී මෙම බල්බයක් බිදී ගියහොත්, 20 ගුණයකටත් වඩා වැඩි අධික රසදිය සාන්ද‍්‍රණයක් වාතයට එකතු වෙන බව හොඳින් මතක තබා ගන්න.


විදුලි බලය ඉතුරු කරන විදුලි බල්බ නිසා මෙවැනි සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්නට පුළුවන්.

ඉස කරකැවිල්ල
හිසරදය
හදිසි ආබාද
වෙහෙස
මානසික එකාග‍්‍රතාවය ගිලිහීයාම
සාංකාව

විදුලිය ඉතිරිකරන බල්බ හේතුවෙන් සාංකාව සහ හිසරදය ඇතිවෙනවා සේම පිලිකා තත්වයන් පවා ඇතිවීමේ අවධානමක් තිබෙනවා.

1. විදුලිය ඉතිරිකරන බල්බ වල රසදිය අන්තර්ගතයි.

රසදිය යනු විශේෂයෙන්ම ඝර්භනී කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට අහිතකර ස්නායු විෂකාරකයකි. එය විශේෂයෙන්ම මොලයට, ස්නායු පද්ධතියට, අක්මාවට සහ වකුගඩු වලටද විෂ සහිතයි.

2. පිළිකාවන් පවා ඇතිවෙන්නට පුළුවන්.

පීටර් බ්‍රෝන් මහතා ජර්මනියේ ඇලබ් විද්‍යාගාරයේදී අලූත් අධ්‍යයනයක් සිදුකලා. එම විදුලි බල්බ වල පිළිකාවන් පවා ඇතිකිරීමට සමත් විෂකුරු පිළිකාකාරක ද‍්‍රව්‍ය අන්තර්ගත වෙන බව ඔහුට සොයාගැනීමට හැකි වී තිබෙනවා.

ෆිනොල්, නැෆ්තලීන් සහ ස්ටයිරින් එම පිළිකාකාරකයන්ය.

3. විදුලිය ඉතිරිකරන බල්බ වලින් අල්ට‍්‍රා වයලට් කිරණ පිටවෙනවා.

අල්ට‍්‍රා වයලට් කිරණ සමට සහ ඇස් වලට ඉතාමත්ම අහිතකරයි. මෙම බල්බ වලින් පිටකරන එම කිරණ වල බලපෑම ප‍්‍රතිශක්ත පද්ධතියට රිජුවම එල්ල වෙනවා.

වැරදීමකින් හෝ මෙම බල්බයක් බිමවැටී බිඳුනොත්, ඔබේ නිවසේ ඇති සියලූම දොරවල් සහ ජනේල විවුර්ත කරන්න. ඉන් නිකුත් වෙන විෂ සහිත වායුන් වලට නිරාවරණය නොවීමට අඩුමතරමේ මිනිත්තු 15ක් වත් නිවසෙන් බැහැරවී සිටින්න. තව නොබෝ කාලයකදී තාපදීප්ත විදුලි බල්බ වෙළඳ පොලෙන් ඔබට මිලදී ගැනීමට නොහැකි වේවි කියා අප සිතනවා. එය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

උපුටාගැනීම: crazylankanews

Leave a comment

worky

worky1

ld add copy

Latest News

Connet With Us