පිළිකා දළුදම්මන කෘමිනාශක ලංකාවේ

Published in Gossip
Thursday, 09 April 2015 13:34

පිළිකා අවදානම සහිත කෘමිනාශක වර්ග 5 ක් පිළිබඳ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයයි. ග්ලයිෆොසේට් නැමති වල් නාශකය සහ මැලතියන්, ඩයිසිනෝන්, ටෙට‍්‍රක්ලෝර්වින්ෆෝස්ට්, පැරතියෝන් යන කෘමිනාශක මෙලෙස පිළිකා කාරක ලෙස හඳුන්වා දී තිබේ.

ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය පෙන්වා දෙන්නේ ඉහත දැක්වූ රසායනික භාවිතය දීර්ඝකාලීනව බලපෑම් එල්ල කරන දැඩි අහිතකර රසායනික ද්‍රව්‍යයන් බවය.

මේ අතරින් ග්ලයිෆොසේට් නැමති වල් නාශකය ලොව පුරා වැඩි වශයෙන් භාවිතයට ගැනෙන වල් නාශකයක් ලෙස හඳුනාගෙන ඇත. අැමරිකාව පමණක් වසරකට ග්ලයිෆොසේට් ටොන් අසූ පන්දහසක් පමණ විවිධ වගාවන් සඳහා යොදවන බව ජාත්‍යන්තර වශයෙන් සිදුකල ගණනය කිරීම් වලදී හෙළිවී ඇත.

ශ‍්‍රී ලංකාව ද ඉහත සඳහන් අනතුරුදායක රසායනින යෙදුම් කාරක බහුලව භාවිතයට ගන්නා රටක් ලෙස හඳුනාගෙන තිබේ.

Leave a comment

ld add copy

Connet With Us