තරුණ වෙන්න මැජික් එකක්

Published in Gossip
Wednesday, 01 April 2015 17:02

තරුණ වෙන්න අපි හැමෝම කැමතියි. ඒකනෙ අපි වයස හංගන්නෙ. අපි වයස නොකිව්වත් අපේ පෙනුමෙන් වයස මනින්න පුළුවන්. ඒක නිසා වයස ගැන නෙමේ පෙනුම ගැන කරදර වෙන එක ඇඟට ගුණයි.

ඒත් ඉතින් එකපාරට තරුණ වෙන්න මැජික් එකක් නෑනෙ. ටිකක් මහන්සි වෙන්න වෙයි. මහන්සි වෙන්න කියන්නෙ එක එක කෘතීම ප්‍රතිකාර ක්‍රම, බෙහෙත් බොන එක ගැන නෙමේ. අපේ නිරෝගී කමට ඍජුවම බලපාන්නේ අපි ගන්න කෑම. ඉතින් හොඳ අහාර වේලක් ගත්තොත් තරුණ වෙන එක මහා ලොකු මැජික් එකක් නෙමෙයි. මෙතැනදී සමහර ආහාර විශේෂයි. එවැනි ආහාර කීපයක් ගැන කියන්න අපි හිතුවා.

කැරට්
කැරට් යනු තරුණභාවය රැක ගැනීමට උපකාරී වන එළවළුවක් නිසාවෙන් කාන්තා පාර්ශවය අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. කැරට් ආහාරයට ගැනීමෙන් නොයෙකුත් විටමින් වර්ග රාශියක්ම ශරීරයට ලැබෙන අතර සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා පෝෂ පදාර්ථයන්ද ශරීරයට ලැබෙනවා. ඒ වගේම තැඹීලි පැහැයෙන් යුතු මෙම එළවළු වර්ගය ඇල්ෆා බීටා කැරෝටීන් ලබා ගෙනීමට හොඳ ප්‍රභවයක් වෙනවා. ඒ මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කරන අතර පිළිකාවන්ට එරෙහිව සටන් කිරීමට අවැසි ශක්තියද ශරීරයට ලබා දෙනවා. කැරට් වල ඇති කැරටිනොයිඩ් සමට ඉහල ආරක්ෂාවක් සපයනවා. විශේෂයෙන් UV කිරණ වලින් සම ආරක්ෂා කිරීමක් සිදු කරනවා. මේ සියල්ලටම වඩා ඔබේ සම පැහැපත් කිරීමට කැරොටීන් දායක වෙනවා. මේ නිසා ඔබේ ආහාරයට කැරට් එකතු කරගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

ඔලිව් තෙල්

ඔලිව් තෙල් වලින් යහමින් monounsaturated fat අන්තර්ගතව පවතින නිසා පිළිකාවන් සහ හදවත් රෝගයන් වලට එරෙහිව සටන් කිරීමට හැකි සුවීශේෂී බලයක් එහි තිබෙනවා. ග්‍රීසියේ වැසියන් අර පිසීම සඳහා දිනපතා ඔලිව් තෙල් භාවිතයට ගන්නා බව සැවොම දන්නා කරුණක්. එ වාගේම විද්‍යාඥයන් විසින් සනාත කර තිබෙනවා ග්‍රීසියේ වැසියන් ඔලිව් තෙල් පරීභෝජනය කරන නිසා ඔවුන් අතර හදවත් රෝග කියන රෝගී තත්වය ඉතාමත් අඩු තත්වයන් පවතින බවයි. ඔලිව් තෙල්වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් සහ පොලිෆෙනොලිස් හේතුවන් වයසට යෑමේ දී වැළෙදන නොයෙකුත් රෝග තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා. ඒම නිසා ඔබේ ආහාරයට ඔලිව් තෙල් ඒකතු කර ගන්නේ නම් ඒය වඩාත් යෝග්‍ය වෙනවා

චොක්ලට්

චොක්ලට් වල අන්තරගතව පවතින ප්‍රධානම ද්‍රව්‍ය වන්නේ කොකෝවා බව සමහවිට ඔබ දන්නවා ඇති . එහි පවතින "ෆෙල්වනොය්ස්" අධිසාන්ද්‍රණ රුධිරවාහිනී සදහා ඉතාමත් හිතකකර වෙනවා. රුධිරවාහිනී නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් දියවැඩියාව, අධිරුධිර පීඩනය, අතැම් මානසික රෝග සහ වකුගඩු රෝගයන් වැළදීමට ඇති අවදානම ආදිය ඉතා පහත මට්ටමක පවතිනවා. අන්න ඒ හේතුව නිසාවෙන් තමයි චොක්ලට් අනුභව කිරීම සෞඛ්‍ය සම්පන්න වෙන්නේ. නමුත් මතක තබා ගන්න ඕනවට වඩා චොක්ලට් අනුභව කිරීම ද සෞඛ්‍ය සම්පන්න නොවනබව.

යෝගට්

අවුරුදු 100 කට වඩා වැඩිපුර ජීවත් වූ මිනිසුන් වැඩි වශයෙන් වාසය කල රට ලෙසට මීට අවුරුදු කිහිපයකට ඉහතදී කාගේත් අවදානය දිනා ගැනීමට සමත්ව සිටියේ ජෝර්ජියාවයි. දිගු කාලයක් සදහා ජීවත් වීමට අවශ්‍ය බලය ඔවුන්ට ලබා දී තිබුනේ යෝගට් බව පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. මින් පෙර ඔබ සමහර විට අසා නැතුව ඇති වයසට යෑමේ ශාරීරික ක්‍රියාවලිය යම් තරමක් ප්‍රමාද කිරීමට යෝගට් වලට හැකියාව තිබෙන බව. යෝගට්වල බහුලව කැල්සියම් තිබෙන නිසාවෙන් අස්ථි දිරායාමේ රෝගී තත්වය ( ඔස්ටිව්පොරෝසස්) වැලදීම වලක්වා ගෙනීමට හැකියාව ලැබෙනවා. තව දුරටත් යෝගට් වල අඩංගු වෙන බැක්ටීරියාවන් විසින් ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමක්ද සිදු කරනවා. ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කියන්නේ බොහෝමයක් ලෙඩ රෝග වලින් වැළකීමේ ශක්තියක් ඇති බවයි.

Leave a comment

ld add copy

Connet With Us