කෝපිවල හොඳ නරක

Published in Gossip
Wednesday, 18 March 2015 16:46

සිසිල් දේශගුණයක් නැතත් කොයි කවුරුත් කැමැති වෙහෙස දුරු කර ප්‍රබෝධයක් ලබා ගැනීමට කෝපි කෝප්පයක රස බැලීමටයි. මේ අරුම පුුදුම පානයේ රස වගේම ගුණත් ප්‍රණීතයි. එහෙත් කෝපිවල සැඟවුණු තිත්ත වගේ අමිහිරි වන අවස්ථා ද නැත්තේ නොවෙයි. මේ සිරුරේ හිසේ සිට පාදාන්තය දක්වා කෝපි කෝප්පයක් කරන බලපෑමයි.

සිහින් ඉණක්

සිරුර සිහින් කර ගැනීමට ආධාර වෙයි. කුසගින්න මට්ටු කිරීමේ හැකියාවක් ද මීට තිබේ. මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇති අන්දමට රෝස්ට් නොකළ කෝපි විශේෂයෙන් බර අඩු කර ගැනීමට උපකාර වෙයි. බඩවැල්වල සීනි ප්‍රමාණය උරා ගැනීම, සිරුරේ මේදය වේගයෙන් දහනය කිරීම මඟින් මෙසේ සිරුර සිහින් කර ගැනීමට කෝපි ආධාර වන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

හුස්ම

කෝපි අධික ලෙස පානය කිරීමෙන් විජලනය ඇති වෙයි. මුවද මෙවිට වියළෙන අතර මුවේ දුගඳ ඇති වේ. මේ නිසා කෝපි බොනවා නම් ජලයත් පානය කළ යුතුය. කෝපි පානයෙන් පසු ජලය පානය කළ යුතුය. සීනි රහිත චුවින්ගම් සපා කෑම ද විසඳුමකි.

සම

සමේ පිළිකා කෝපිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක නිසා අඩු වේ.

මොළය

ඇල්සයිමර් රෝගය ඇති වීමේ අවදානම 20%න් කෝපි පානයෙන් අඩු කිරීමට පුළුවන. මොළයේ ඇතිවන ප්‍රදාහ වැළැක්වීමට කෝපිවල අඩංගු කැෆේන් සහ අනෙකුත් රසායන ආධාර වෙයි.

මාංසපේශි

මාංසපේශි උත්තේජනය කර සවිමත්ව පවත්වා ගැනීමට උපකාර කරයි. මේ සියල්ල සැබෑවක් වුවද කෝපිවල කැෆේන් ගත විඩාපත් කරන බව නම් නොකියාම බැරිය.

කෙසේ නමුත් පැය විසිහතරකදී කෝපි කෝප්ප තුනකට වඩා බීම නම් සුදුසු නැත.

අස්ථි

පමණට වැඩි කෝපි පානය නිසා අස්ථි කැඩෙන සුළු භාවයට පත් වෙයි. ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වෙයි. කැෆේන්, අලුත් අස්ථි සෛල මරා දැමීම මීට හේතුවක්.

දිනකට කෝපි කෝප්ප තුනකට වඩා පානය කිරිම නුසුදුසුයි. ඒ වගේම කිරි එක්කර කෝපි පානය වඩාත් නුවණැතියි. ඒ අස්ථි ක්ෂය කරන ගුණය එයින් අඩු වන නිසයි.

දත්

කෝපිවලට වඩා තේවල ටැනින් දත්වල කහට පැල්ලම් ඇති කරයි. එහෙත් කෝපිවලින් ද පැල්ලම් ඇති වෙයි. ඒ කහට එතරම් කහටක් නොවන්නේ එයින් දත්වල දන්තපථ ඇති කරන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මර්දනය කරන නිසයි.

වකුගඩු

කෝපි, මුත්‍රා පිටවීම වැඩි කරයි. ඒ නිසා විජලනයට ඇති ඉඩ ද වැඩිවෙයි. නිරෝගී කෙනෙකුට මෙය නිසිලෙස ජලය පානය කරනවා නම් ගැටලුවක් නොවන අතර වකුගඩු ආබාධ සහ අධි ක්‍රියාකාරී මුත්‍රාශයක් ඇති විට කෝපි දිගුකාලීනව භාවිත කිරීම අහිතකර වෙයි.

මේ ප්‍රණීත පානය ඔක්සලේට්වලින් පොහොසත්ය. ඔක්සලේට් සහ කැල්සියම් සංයෝග වී කැල්සියම් ඔක්සලේට් සෑදෙයි. මේවා මුත්‍රා ගල්වල ප්‍රධාන සංඝටකයයි. මේ නිසා වකුගඩු ගැටලු මුත්‍රා ගල් ඇත්නම් කොපි රස බැලීමට පෙර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

බඩවැල්

සමහරුන් කෝපි මල බද්ධයට හේතුවන බව පැවසුවත් කෝපිවල අඩංගු කැෆේන් බඩවැල්වල හැකිළීම දිගහැරීම වේගවත් කරයි. මේ නිසා මළ පිටවීම ඉක්මන් වෙයි. එහෙත් මේ වේගවත්කම නිසා පෝෂක උරා ගැනීමට ද වැඩි කාලයක් ඉතිරි නොවෙයි. විශේෂයෙන්ම සමබල ආහාරයක් නොගත්තොත් සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබී යයි. කැෆේන් යකඩ උරා ගැනීමට ද බලපෑම් කරයි. මේ නිසා යකඩ සාර ආහාර ගත් විගස කෝපි පානය නොකරන්න.

මල පිට කිරිම කෝපි ඉක්මන් කළත් දිගින් දිගටම කෝපි පානය කිරීමෙන් විජලනය ඇති වී මල බද්ධය හට ගනී. කෝපි මල බද්ධය ඇති කරන බවට විශ්වාසයක් තිබෙන්නේත් මේ නිසයි. කෝපි ආහාර සමඟ ගන්නා ලෙසට නිර්දේශ කරන්නේ ආමාශයේ ආමාශයික යුෂ නිපදවීම වැඩිකර එමඟින් ගැස්ට්‍රයිටීස් තත්ත්වයක් ඇති කරන නිසයි. යුෂ වැඩි වී ජීර්ණය වීමට ආහාර නැති විට ආමාශ දාහය හෙවත් ගැස්ට්‍රයිටීස් ඇති වේ. අධික ආමාශයික යුෂ නිසා ආමාශයේ සහ බඩවැල්වල ආස්තරණය අපහසුතාවට පත් වී වේදනාව සහ මල බුරුලට යාම වැනි ලකුණු ඇති වේ. මේ නිසා කෝපි සමඟ ආහාරයක් ගැනීමට අමතක නොකරන්න.

හදවත

එක කෝපි කෝප්පයකට මිනිත්තුවකට හද ගැහෙන වේගය 100 දක්වා ඉහළ නැංවිය හැකියි. සාමාන්‍යයෙන් හදවත ගැහෙන්නේ මිනිත්තුවකට 60,80 ක් වශයෙනි. රුධිර පීඩනය ද කෝපි මඟින් ඉහළ නැංවෙයි. නිරෝගී කෙනෙකුට මෙය හිතකර තත්ත්වයකි. දිනකට කෝපි කෝප්පයක් පානය කිරීමෙන් හෘද රෝග අවම කරගත හැකියි. දකුණු කොරියාවේ හෘද රෝග පිළිබඳ ජර්නලයේ විද්‍යාඥයන් සඳහන් කර තිබුණේ නියමිත ප්‍රමාණයෙන් කෝපි රස බලන කාන්තාවන්ගේ රුධිර නාලවල කැල්සියම් මට්ටම අඩු බවයි. කැල්සියම් රුධිර නාල අවහිර කරන ප්‍රධාන සාධකයකි. එහෙත් හෘද අකර්මණ්‍යතාවක් ඇති අය කෝපි පානය කිරීමෙන් හදවත වඩාත් පීඩාවට පත් වෙයි. මේ නිසා හදවත් රෝගීන්ට කෝපි සුදුසු නැත. ක්ෂණික කෝපි කෙසේවත් හදවත් රෝගීන්ට සුදුසු නොවන්නේ එහි අධික ලෙස පොටෑසියම් අඩංගු නිසයි. පොටෑසියම් හදවතේ රිද්මයට අහිතකර ලෙස බලපායි.

 

උපුටාගැනීම : arogya

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us