එදිනෙදා භාවිතා කරන විෂබීජ ආකර

Published in Gossip
Friday, 20 February 2015 14:51

නිරෝගීව ජීවත් වෙන්න පිරිසිඳුකමත් ගොඩක් වැදගත්. ඒ අපිරිසුදුකම බොහෝ ලෙඩ රෝගවලට හේතුවෙන නිසා.

එදිනෙදා වැඩ කටයුතු වල නිරත වීමේදී අපි ඕනෑතරම් විෂබීජ වලට නිරාවරණය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. බොහෝ වෙලාවට විෂබීජ අපි නිතර භාවිතා කරන උපකරණවල තියෙනවා. ඒත් වැඩි දෙනෙක් මේ එදිනෙදා භාවිතා කරන දේවල්වල සිටිය හැකි බැක්ටීරියා පිලිබඳ සැලකිළිමත් නෑ.


ජංගම දුරකථනයේ බැක්ටීරියා කාණ්ඩ 7000ක්

ජංගම දුරකථනය අප දිනකට 150 වරකට වඩා අල්ලයි. කොපමණ බැක්ටීරියා ප්‍රමාණයක් ඔබේ අතේ තැවරිය හැකිද? දිනකට වාර 150කට වඩා ස්පර්ශ කරන දුරකථන 51ක බැක්ටීරියා කාණ්ඩ 7000ක් පමණ තිබෙන බව පර්යේෂකයෝ පවසති. මේවා බොහොමයක් හානි කර නැති උනත් හානිකර බැක්ටීරියාද මේ සමඟ තියෙන්න පුළුවන්. දුරකථනය භාවිතා කරද්දී එහි උෂ්ණත්වය ඉහළ යයි. මෙසේ උෂ්ණත්වය ඉහළ යාම බැක්ටීරියාවල වර්ධනයට රුකුලකි.

දුරකථනවල, මලවල ඇති එන්ටරෝකොකස් පස්වල සහ සතුන්ගේ ඇති සියුඩුමොනාස් වැනි බැක්ටීරියා ඇත. ඒ නිසා ඉන් ඇතිවිය හැකි දරුණු විපාකවලින් බේරීමට නම් දිනපතා ජංගම දුරකථනය බැක්ටීරියා නාශකයකින් පිරිසුදු කරනවානම් ගොඩක් හොඳයි.

මුදල් පසුම්බියේ බැක්ටීරියා

අපේ මුදල් පසුම්බියේ මුදල් වලට වඩා බැක්ටිරියානම් තියෙන්න පුළුවන්. අප දෑත් කෙතරම් පිරිසුදු කළත් භාණ්ඩයක් ගැනීමට මුදල් හුවමාරු කර ගැනීමේදී ඒ මුදල්වල මොනතරම් විෂබීජ තැවරෙනවාද? ඒවා ඔබේ මුදල් පසුම්බිය විසබීජ ගබඩාවක් බවට පත් කරයි.

මුදල්වල වගේම ක්‍රෙඩිට් කාඩ් පත්වල ද විෂබීජ අඩුවක් නැතිව ඇත. මේ නිසා මුදල් පසුම්බිය නිතර සේදිය යුතු භාණ්ඩ අතර තිබේ. සතිපතා මුදල් පසුම්බිය සේදිය යුත්තේ ඒ නිසායි.

ඩෙනිම මාස ගානකින් හෝදලා නැහැ නේද?

වැඩි දෙනෙක් ඩෙනිම් කලිසම් නොසෝදා දින ගණනක් ඇඳීම පුරුද්දක්. අනිත් කාරණය ඩෙනිම් හැමදාම හෝදන්න ගියොත් ඒකත් ලොකු කරදරයක්. සෝදන තුරු බැක්ටීරියා නාශක සුවඳැති ස්පේ‍්‍ර කාණ්ඩයකින් එහි නැවුම් බව රැකගන්න.

බ්‍රෙෂියරවල විෂබීජ

අත් හා කඳ වටා ස්පර්ශ වන බ්‍රෙෂියරවල කෙතරම් විෂබීජ තිබෙනවාද? බ්‍රෙසියර අඩු වශයෙන් දෙදිනකට වරක් වත් සෝදන්න.

අත්පිස්නාවත් බැක්ටීරියා ආකරයක්

අත්පිසනා වල ඇති ඊ - කෝලි නම් බැක්ටීරියාව සෑම මිනිත්තු 40කට වරක්ම දෙගුණ වෙයි. ඒ නිසා මෙවැනි රෙදි නටන උණු වතුරේ මිනිත්තු 5ක් පමණ පොඟවා සේදිය යුතුය.

ඇඳ රෙද්දෙ හැදෙන දූවිලි මැක්කො

මිලියන ගණනක් මියගිය සෛල හෙළන්නේ, අධික දහදිය ප්‍රමාණයකින් තෙත් වන්නේ ඇඳ රෙද්දයි. මේ පසුබිම දූවිලි මැක්කන්ට කදිම තෝතැන්නකි. දූවිලි මැක්කන් පීනස, ඇදුම වැනි අසාත්මික රෝග තත්ත්ව උත්සන්න කරයි. ඒ නිසා සතියකට වරක් ඇඳ රෙද්ද සෝදන්න. සෙල්සියස් අංශක හැටක උෂ්ණත්වයේ සේදීමෙන් බැක්ටීරියා විනාශ කළ හැකිය. දිනපතා කොට්ට උර, ඇඳ රෙද්ද අව්වේ දමන්න. මෙට්ට ද ෂැම්පුවලින් තෙමූ රෙදි කැබැල්ලකින් පිරිසුදු කරන්න.

සතුන්ගේ ඇඟේ සිටින මැක්කන්

නිවසේ සුනඛයා ද අපට නිතර ස්පර්ශ වන දෑ තරමටම පිරිසුදු විය යුතුයි. නොනාවා සිටින විට මැක්කන් බෝවෙන අතර මැක්කන් නිසා සමේ ආසාදන ඇති වෙයි. බැක්ටීරියා නාශක ෂැම්පු වර්ග පිරිසුදු කිරීමේදී භාවිතා කරන්න.

Last modified on Friday, 20 February 2015 14:53

Leave a comment

ld add copy

Connet With Us