ලස්සන වෙන්න පලතුරු විතරක් මදි

Published in Gossip
Thursday, 29 January 2015 16:36

ලස්සන වෙන්න නම් පලතුරු කන්න ඕන කියලා සමාජයේ කා අතරත් ප්‍රසිද්ධ කථාබහක් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ලස්සන වෙන්න හිතාගෙන සමහර අය පලතුරු මුහුණෙත් ආලේප කරනවා.

ඒත් සමහර අය නම් කෙට්ටුවෙන්න කියලා හිතාගෙනත් පලතුරු විතරක්ම කන්නත් උනන්දු වෙනවා. ඒ වුණාට පලතුරු විතරක් කාලා ශරීරය කෙට්ටු කර ගන්න පුළුවන් වෙනවා කියලා හිතුවාට නැති ප්‍රශ්න ගොඩක් බලෙන් ඇගේ දාගන්නවා වගේ වැඩක් ද මේ කරන්නේ කියලා ටිකක් කල්පනා කරලා බලන්න වටිනවා.

ශරීර සෞඛ්‍ය පිළිබඳ හිතලා බලන කොට පලතුරු විතරක් කාලා ඉන්න එක පෝෂණය පිළිබඳ සලකා බැලීමේදී ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි.

සාමාන්‍යයෙන් පලතුරුවල විටමින්, ඛනිජ ලවණ වැනි පෝෂණ කොටස් බහුලව අන්තර්ගත වෙලා තිබුණත් එය කිසිසේත්ම සමබල ආහාරවේලක් ලෙස සැලකිය නොහැකියි. ඒ විතරක්ම නෙමෙයි කෙසෙල්, අලිගැටපේර, අඹ වැනි කාබෝහයිඩ්‍රේට් සහ මේදය වැනි පෝෂණ කොටස් මෙන්ම පලතුරුවල අඩංගු සීනි මඟින් ශරීරයට අහිතකර බලපෑම් ද ඇතිවිය හැකියි.

පසුකාලීනව මෙමඟින් රුධිරගත සීනි මට්ටමට ද යම් බලපෑමක් ඇති කරවිය හැකියි. ඒ නිසා ශරීරයේ බර පිළිබඳව සැලකිලිමත් වී ඔබ නිවැරදි, සමබර මෙන්ම පෝෂ්‍යදායී ආහාර රටාවෙන් බැහැර වීමට උත්සාහ දරනවා නම් එය කිසිසේත්ම ඔබගේ ශරීරයට යහපතක් ඇති නොකරාවි.

ඒ වගේම ශරීරයට අවශ්‍ය නිසි ව්‍යායාමය හා සමබල ආහාර වේල් ප්‍රමාණයක් ඔබගේ වයසට සෞඛ්‍යයට අනුව සකසා ගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්නට පුරුදු විය හැකි නම් එය වඩාත් යහපත්.

(arogya)

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us