පියයුරු පිළිකා අවධානමෙන් මිදෙමු

Published in Gossip
Friday, 23 January 2015 17:17

පියයුරු කුඩා කරගැනීමට සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල වල ආසාදනයක් හේතුවෙන් රෝහල් ගතකළ කාන්තාවක් පිළිබඳ පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් ඔස්සේ වාර්තා උනා. බොහෝ කාන්තාවන්ට තම පියයුරු පිළිබඳ විවිධාකාරයේ ගැටළු පවතිනවා.

මේ නිසාම බොහෝදෙනෙකුට කුඩා පියයුරු විශාල කරගැනීමටත් විශාල පියයුරු කුඩා කිරීමටත් අවශ්‍ය වෙනවා. මේ සඳහා කාන්තාවන් විවිධාකාරයේ උපක්‍රම අනුගමනය කරන්න පෙළඹෙනවා. නමුත් මේවයින් ඇතිවන අතුරු අබාධ පිළිබඳ බොහෝදෙනෙක් අවධානය යොමුකරන්නෙ ඉතා අඩුවෙන්. පියයුරු පිළිබඳ අවධානය යොමු කිරීම හොඳ දෙයක්. නමුත් කාන්තාවක් ලෙස පියයුරේ ප්‍රමාණය ලොකු හෝ පොඩි කරගැනීමට වඩා අද ලෝකයේම කාන්තාවන් මුහුණ දී සිටින ව්‍යසනයක් වන පියයුරු පිළිකා අවධානමෙන් මිදීම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේවි.

පියයුරු පිළිකා කියන්නේ අද ලොව වටා කාන්තාවන් මුහුණපා සිටින ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක්. මෙය තවත් බැරෑරුම් වෙන්නේ පියයුරු පිළිකා ඇතිවීමට බලපාන හේතු තවමත් නිසිපරිදි හඳුනාගෙන නොමැතිවීමයි. මේ ව්‍යසනයට හේතු සොයමින් ලොවපුරා සමීක්ෂණ සිදුකෙරෙනවා. මෙම සමීක්ෂණ හරහා පියයුරු පිළිකා සඳහා බලපෑ හැකි විවිධාකාරයේ හේතු සාධක අනාවරණය වී තිබෙනවා. මුලික හේතු සාධක ලෙස හෙළිව ඇත්තේ මෙය ජානමය බලපෑම්, පාරිසරික සාධක හා ජිවන රටාව මත ඇතිවන බවයි.

කෙසේවෙතත් ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව අනාවරණ වී තිබෙන්නේ දිනකට විනාඩි 15ක කාලයක් ඇඟ හොදින් වෙහෙසෙන ආකාරයේ ව්‍යායාම කිරීමෙන් පියයුරු පිළිකා වැළඳීමේ සම්බාවිතව ඉතා අඩුවන බවයි.

මේ ආකාරයට වගේම විවිධ සමීක්ෂණ වලින් හෙළි වුනු පියයුරු පිළිකා අවධානම අඩු කරගත හැකි විවිධ ක්‍රම තිබෙනවා

පියයුරු පිළිබඳ පරික්ෂාකාරී වන්න.
බොහෝ පියයුරු පිළිකා හඳුනාගන්නේ කාන්තාවන් කුමක් හෝ අසාමාන්‍ය තත්ත්වයක් පිළිබඳ සැක සිතී ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරු හමුවන අවස්ථාවේදීය. මේ නිසා ඔබේ පියයුරු පිළිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත්. විවිධ මාසයන් වලදී ඔබේ පියයුරු වල ස්වභාවය හා පියයුරු දැනෙන ආකාරය පිළිබඳ අවධානයෙන් සිටීම හොද දෙයක්.

මව් කිරීම ලබාදීම
2013 වර්ෂයේ ලෝක පිළිකා පිළිබඳ සමීක්ෂණ ආයතනය මගින් හෙළිකරගත් කරුණු අනුව අවම වශයෙන් මාස 6ට වරක්වත් මව් කිරි දීම හරහා පියයුරු පිළිකා අවධානම 10%න් අඩු වේ. එසේම මෙම අධ්‍යනයේදී අනාවරණය වී ඇති අනෙක් කරුණ වන්නේ කිරි දෙන මව්වරුන්ට හදවත් රෝග ඇතිවීමේ අවධානම 17%න අඩුවන බවයි.

ඇල්කොහොල් භාවිතය අවම කිරීම
බොස්ටන් සරසවිය මගින් සිදු කළ අධ්‍යනයකට අනුව හෙළිව ඇත්තේ 15%ක් පියයුරු පිළිකා මරණ වලට හේතුවී ඇත්තේ ඇල්කොහොල් පමණ ඉක්මවා භාවිතය බවයි.

අධික තෙල් සහිත ආහාර අනුභවයෙන් වැළකී සිටීම
සමීක්ෂණ මගින් හෙළිව ඇත්තේ අධික තෙල් සහිත කෑම වර්ග ආහාරයට ගැනීම හරහා පියයුරු පිළිකා අවධානම හතර ගුණයකින් ඉහළ යන බවයි. මීට හේතුවන්නේ සංතෘප්ත මේධය මගින් පියයුරු පිළිකා ඇතිකරන හෝමෝන ප්‍රමාණය 28%න් ඉහල දැමීමයි.

බර පිළිබඳ සැලකිළිමත් වන්න
එසේම කාන්තාවක් ආර්ථවාභාවයට පත්වීමෙන් අනතුරුවද පියයුරු පිළිකා අවධානම ඉහල යයි. එමෙන්ම ස්ථුල බවද පියයුරු පිළිකා සඳහා බලපාන්නකි. බර පිළිබඳ සැලකිලිමත් වෙමින් නිරෝගී ජීවිතයක් ගත කිරීමෙන් පියයුරු පිළිකා අවධානම අවම කරගත හැක.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us