Hand Phone එකෙන් ඇත්තටම පිළිකා හැදෙනවද?

Published in Gossip
Wednesday, 21 January 2015 16:42

ජංගම දුරකථනය එහෙමත් නැත්නම් hand phone එක මේ වෙනකොට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්වෙලා. ගොඩක් දෙනෙක්ට එක phone එකකට අමතරව දෙක තුනක්ම තියනවා. කොටින්ම කියනවා නම් රටේ ඉන්න මිනිස්සුන්ටත් වඩා රටේ තියෙන ජංගම දුරකථන ප්‍රමාණය වැඩියි කියලත් අනාවරණය වෙලා තියනවා.

තවත් සමහර අය නිදාගන්න යනකොටත් තමාගේ ජංගම දුරකථනය ළඟ තබාගන්නේ තමන්ගේ ශරීරයේ කොටසක් වගේ. තවත් පිරිසක් නිදා ගන්න කොට උදේට නැඟිටින්න එළාම් එකත් තියා ගන්නේ මේ phone එකෙන්. හොඳට ඇහෙන්න ඕන නිසා කොට්ටයට යටින් හරි ඔලුවට ළඟින් හරි තියාගන්නවා.

ඇත්තටම හිස ළඟින් හෑන්ඩ් ෆොන් තබා ගැනීම කොතරම් දුරට සෞඛ්‍යයට හිතකරද කියලා හොයලා බලමුද?

දැනට ලොව පුරා සිදු කර ඇති පර්යේෂණ මඟින් මෙම ජංගම දුරකථන හරහා නිකුත් වන තරංග මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවන බවයි පෙන්වා දී තිබෙන්නේ. නමුත් ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනයේ නිගමනවලට අනුව දිගු දුරකථන සංවාද සීමා කිරීම වගේම කුඩා දරුවන්ට ජංගම දුරකථන භාවිතා කිරීම සීමා කළ යුතුයි.

ඒ විතරක්ම නෙමෙයි මෙම ෆෝන්වල වර්ගය අනුව එහි විකිරණ ශක්තියේ ගුණාත්මක බවද අඩු වැඩි විය හැකියි. අපගේ ශරීරය හැකි තරම් විකිරණවලින් දුරස්ව තබා ගැනීම වැදගත් නිසා හැකි තරම් අඩු විකිරණ ශක්තියක් ඇති ජංගම දුරකථනයක් භාවිතා කිරීම වඩාත් නුවණට හුරුයි.

වෙළඳ පොළේ ඇති බාල වර්ගයේ ජංගම දුරකථන පාවිච්චියේදී ඒ ගැන දෙතුන් වරක් සිතා බලනවානම් හොඳයි. හැකි සෑමවිටම ඔබගේ ජංගම දුරකථනය ශරීරයට මඳක් ඈතින් තබා ගන්නට හැකි නම් එය ඔබගේ සෞඛ්‍යයට වඩාත් හිතකර වේවි.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us