මාළුන්ට කියල මසාජ් කරගන්න

Published in Gossip
Tuesday, 20 January 2015 16:46

අපි ඇළක දොළක නාන්න ගිය වෙලාවට මාළුවෙක් කකුල කනකොට අපිට දැනෙන්නේ අමුතු කිතියක්. ඒ අත්දැකීම ඔබ කවදා හෝ විඳලා ඇති.

මෙය බොහෝදෙනෙක් විඳින්න කැමති ආකාරයේ විනෝද ජනක අත්දැකීමක්. නමුත් ඔබ නොදන්නවා ඇති ලෝකයේ මාළුන් මගින් සම්බාහනය සිදු කරන සම්බාහන ආයතන ගනාවක් තිබෙන බව. මේ ක්‍රමය ඔබේ පාදයේ සම නිරෝගිමත් වීම සඳහා හොඳ ක්‍රමයක්. මීට අමතරව තවත් වාසි රැසක් පවතිනවා.

  • මාළු අපේ කකුල් සැපීම මගින් අපේ කකුල් වල ඇති මැරුණු සම හා බැක්ටීරියාවන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. මැරුණු සම ඉවත්වීම හරහා අලුත් සම වර්ධනය වී කකුලේ සම පැහැපත් වීමක් සිදු වේ.

 

  • ඒ වගේම කකුල් දෙකට අධික මහන්සියක් දැනෙන විට කකුල් වලට මද විවේකයක් ලබා දීමටත් මෙම ක්‍රමය හොඳ දෙයක්.

 

  • අපි මාළු ඉන්න ටැංකියකට හෝ ජලාශයකට අපේ කකුල දැමු විට බොහෝවිට දකින්න ලැබෙන දෙයක් තමයි සියලු මාළුන් එකතු වී කකුල සැපීමට පටන් ගැනීම. මේ ආකාරයට කකුල සපාකෑම මගින් මොලයේ endorphins නම් හෝමෝනයේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මෙම හෝමෝනය මගින් අපේ සිත තුල සතුටුදායක හැඟීම් ඇතිවන බව පැවසේ.

 

  • ඒවගේම කකුල්වල ඇති අසාදන තත්ත්වයන් සහ කකුලේ ඇති කැළැල් ඉවත් වීමත් මාළුන් සපාකෑම මගින් සිදු වෙනවා.

 

  • මාළු අපේ කකුල් සැපීම මගින් ශරීරය තුල රුධිර සංසරණය ක්‍රමවත් වීමක් සිදු වේ. මෙය නිරෝගී සහ පැහැපත් සමක් ඇතිවීම සඳහා බලපායි.

 

  • ඒවගේම ලොව වටා ඉන්නන් ඉවත් කිරීමට සහ සෝරෛයසිස් (psoriasis) නම් චර්ම රෝගයට ප්‍රතිකර්මයක් ලෙස මාළු මගින් පාද සම්බාහනය කිරීම සිදු කරයි.

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us