ලිංගික විප්ලවය ලංකාවට මැජික්ද?

Published in Gossip
Monday, 29 December 2014 17:44

 

සමාජය හා සම්මතය විසින් මිනිසුන්ගේ ස්වාභාවික ලිංගික හැසිරීම් හා ක්‍රියාකාරකම් මැදින් ගසා තිබූ සීමාවන් 1960 කාලය මැද භාගයේදී බටහිර රටවල කෙමෙන් වෙනස් වන්නට වුණා. අදරය, සම්බන්ධකම්, විවාහය, ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී තිබුනු සමාජමය සීමාවන් ප්‍රශ්න කිරීම 1960 දී විශ්වවිද්‍යාල හා තරුණ කණ්ඩායම් අතරින් ආරම්භ වුණා.

 

ලිංගික නිදහස ඇතුලේ එහෙමත් නැත්නම් මේ ලිංගික විප්ලවයත් එක්ක ස්ත්‍රී අයිතිවාසිකම්, සමලිංගිකත්වය, ගැබ් ගැනීම් වැළැක්වීම, උපත් පාලන පෙති, නිරුවත යන මෙන්න මේ කාරණාවල පිළිගැනීම වැඩි වුණා. ඒ වගේම ගබ්සාව නීතිගත කිරීම් බටහිර රටවල් වල සිද්ධ වුණේ මේ ලිංගික විප්ලවයත් එක්ක.සමාජයේ ඇති වුණු ලිංගික විප්ලවයත් එක්ක විවෘත වුණු වෙළෙද පොළට නිල් චිත්‍රපටි එකතු වුණා.ඒ වගේම උපත් පාලන පෙති මාකර්ට් වෙන්න පටන් ගත්තා.ලිංගික විප්ලවය ගැන ඇති වුණු නොයෙක් මත අතර එකක් වුණේ මේ ලිංගික විප්ලවය ඇති වුණේ විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම, ස්වයං වින්දනය, රාගික ෆැන්ටසි, අසභ්‍ය චිත්‍රපටි සහ ලිංගිකත්වය එළියට පැමිණීමත් සමගම කියලා.

 

ලිංගික විප්ලවය එහෙමත් නැත්නම් ලිංගික නිදහස ප්‍රසාරනය වීම ඉතිහාසය හොදින් කියවීමේදි අපිට දකින්න හම්බෙනවා.

 

මීඩියා වලින් මෙම රැඩිකල් එසේත් නැත්නම් පැවතුනු සම්මත රීතීන්ට පටහැනිව මතු වුනු අදහස් සමාජය තුළ ව්‍යාප්ත කළා. 19 වන ශත වර්ශයේ කාර්මික විප්ලවය සහ විද්‍යාව, තාක්ෂණය,බෙහෙත්, සෞඛාරක්ෂණයේ වර්ධනයේ ප්‍රතිපලයක් විදියට වඩාත් ක්‍රමවේදී උපත් පාලනයක් විදියට කොන්ඩම් නිශ්පාදනය වුනා. මේ සම්බන්ධ හැදෑරීම්හි මුල්ම වාචික උපත් පාලන ක්‍රමයක් වන පෙති නිශ්පාදනය වුණා. ඊටත් පස්සේ කාමඋද්දීපක ‍ඹෟෂධ, විවිධ වර්ගයේ ලිංගික කෙළි බඩු නිශ්පාදනය සහ ඒවයෙහි ඉහළ මිළදී ගැනීමත් සමග සමාජයේ පරපීඩා සහ ස්වපීඩා කාමුකත්වය සාමාන්‍ය වුණා.1960/ 1970 /1980 වන විට දික්කසාදය නිත්‍යානුකූල සහ පහසුවෙන් දික්කසාදය ලබා ගැනීමේ තත්වය ලෝකයේ බොහෝ රටවල ඇතිවුණා‍. මොර්ඩන් කල්චර් එක තුළ ලිංගික අයිතීන්හි නිදහස විවෘතව කථා කළා.

ලෝකේ බොහෝමයක් රටවල මිනිස්සුන්ගේ අධ්‍යාපනයේ හා හැදෑරීම් වල කියවීම් වල ඇති වුනු වෙනසත් එක්ක සංස්කෘතිමය වෙනස් කම් ඇති වුනා.බටහිර රටවලට සාපේක්ෂව ආසියාතික රටවල්වලත් මෙම වෙනස්කම් ඇති වුනා.නමුත් බොහොම හෙමින්. මිනිසුන්ගේ ලිංගික නිදහස, විශම ලිංගික විවාහයන් අනිවාර්ය නොවන යන මතය, උපත් පාලන ක්‍රමයන් හරහා ස්ත්‍රීන් ඔවුන්ගේ ජීවිත හා ලිංගික නිදහස උපරිම විදීම යනාදී කාරණා ඉදිරියේ ලංකාවේ මිනිස්සු තාමත් හිර වෙලා කියලා මට හිතෙනවා.

 


තාමත් කන්‍යාභාවය ඇතුලේ හිර වෙලා ඉන්න දූපත්වාසීන්ගෙන් පිරිලා තියන ලංකාව ඇතුලේ ලැජ්ජාවෙන් මූණ රතු කර කරගෙන ෆාමසියකින් කොන්ඩම් එකක් ඉල්ලන උන් ඉන්නවා. ලිංගාශ්‍රිත රෝගාබාධයකට ප්‍රතිකාර ගන්න පැකිළෙන උන් ඉන්නවා. මේකට හේතුව තාමත් පරණ සත පහකට වැඩක් නැති හිස් සම්මතය අස්සේ හිර වෙලා ඉන්න නිසා.අඩු වයසින් දරු උපත් සිදු කිරීමත් අනාරක්ෂිත ලිංගික ඇසුරු වර්ධනය වී සමාජ රෝග හට ගැනීමත් ලිංගික කුහකත්වය වර්ධනය වී දූෂන හා අතවර සිදුවීමත් යන කාරණා සිද්ධ වෙන්න මූලිකම හේතුව වෙන්නේ ලංකාව තාමත් කන්‍යාබාවය ඇතුලේ හිර වෙලා ඉන්න දූපතක් නිසා.

 

ජීවිතයේ නිදහස හා ආදරයේ නිදහසත් ලිංගිකත්වයේ නිදහසත් නියමාකාරයෙන් විදින්න තියන අකමැත්තට වඩා තියෙන්නේ බය.එතනින් බිහිවෙන්නේ ලිංගික අසහනකාරයෝ විතරයි. නිල් චිත්‍රපටි තහනම් කිරීම මගින් ලංකාවේ සංස්කෘතිය සභ්‍යත්වය රකින්න උත්සාහ කරනවා නං ඒක මහ විහිළුවක්.

 

විවාහක කාන්තාවන් මූලික කරගෙන බෙදා හැරුනු උපත් පාලන පෙති පසුව සියළු කාන්තාවන් වෙනුවෙන් නියමිත වුණා.විවාහෙන් පසු ලිංගික සම්බන්ධතාවල යෙදිය යුතුය යන සමාජ සම්මතය බිදිලා යන්නේ සමාජය ඇතුලෙම ඇති වුනු වෙනස්වීම් වල ප්‍රතිපළයකින්. මානවයා කියන්නේ ස්වාභධර්මයේ නිර්මාණයක්. පසුව ජන සමාජයක් ලෙසින් දියුණු වීමේදී උන් කූඩු වෙනවා.උන් උන් විසින්ම හදාගන්න සමාජ සම්මතයන් විප්ලවීය මතවාද පැන නැගිලා වෙනස් වෙනවා.මේක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවේ උන් තාමත් ඉන්නේ සෙක්ස් මැජික් කියන තැන.

 

රෝයල් පාක් ඉවෝන්ගේ මරණයත් එක්ක ලංකවේ සමාජයට මොඩර්න් කල්චර් එක සහ ලිංගික නිදහස එළියට ආවා. මිනිස්සු ‍ඉවෝන්ගේ මරණය ගැන දුක් වුණාට වඩා පුදුම වුනේ ඉවෝන් ජීවත් වුනු කල්චර් එකේ තිබුනු ලිංගික නිදහස ගැන. පත්තර වලින් උලුප්පලා පෙන්නුවේ ලිංගික නිදහස හා මෝර්ඩන් කල්චර් එකේ කෙල්ලෝ කොල්ලෝ විදින නිදහස ගැන. අන්තිමේදී හැමදේම එළියට ඇවිත් මේ සම්මතය එක්ක හිර වෙලා ඉන්න උන් නිර්මාණය කරගත්තේ මෝඩර්න් කල්චර් එක සහ ලිංගික නිදහස කියන්නේ යකෙක් කියලා.

 

ලංකාවේ මීඩියා මාකර්ට් කරන්නේ මිනිස්සුන්ගේ දූපත්මානසික මට්ටම. ලිංගික නිදහස තාමත් මැජික් එකක් වෙච්ච ලංකාවේ උන් ප්‍රසිද්ධියේ මොඩර්න් කලචර් එක විවේචනය කරන කොට යටිහිතින් ඒ ගැන කුහකත්වයක් තියනවා.

 

ලිංගික නිදහස කියන්නේ යකෙක් නෙමේ. එහෙමත් නැත්තං හංගගෙන තියාගෙන ඉන්න ඕන දෙයක් නෙමේ. විවාහය සහ ලිංගිකත්වයේ කිසිම සම්බන්ධකමක් නෑ. එහෙම සම්බන්ධකම් හදන්නත් එපා.

 

සෙක්ස් මැජික් එකක් කරගත්තොත් අපිට අපිව හොයාගන්න බැරි වෙයි. අපි ස්වාභධර්මයේ නිර්මාණයක්ද? එහෙමත් නැත්නම් සමාජමය හිරකාරයින්ද? මගේ උත්තරය අපි සමාජමය සංස්කෘතික සභ්‍යත්වය මේ හැම මගුලක් විසින්ම කපලා කොටලා හදපු නිර්මාණයන්. මෙතනින් එළියට එන්න සෑහෙන්න කාලයක් ගත වේවි.

 

එතකල් නිදහසේ ජීවත් වෙන උන්ට හැමදාම කුහකයින් එක්ක ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්න වෙයි.

 

(magejointeka )

 

Last modified on Monday, 29 December 2014 17:46

Leave a comment

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයකට ප.ව. 2න් පසු වැසි

පළාත් කිහිපයකට ප.ව. 2න් පසු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us