"සන් ස්ක්‍රීන්" ගැන සැඟවු සත්‍ය හෙලිවේ !

Published in Gossip
Thursday, 10 July 2014 10:08

හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීම සඳහා බොහෝ රටවල ජනතාව  "සන් ස්ක්‍රීන්" හෙවත් හිරු ආලේපන භාවිතා කිරීමට පුරුදුව සිටිති. විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් මේ සඳහා වැඩි ඉල්ලුමක් පවති. මේවා නිෂ්පාදනය කරන ආයතන, තම ආලේපන හිරු එළියෙන් සම ආරක්ෂා කරන බවත් සමට මනා පෝෂණයක් සපයන බවත් පවසති.



එහෙත් මේ පිළිබඳව පර්යේෂණ කළ විද්‍යාඥයන් ඊට ඉඳුරාම වෙනස් ඉතාම වැදගත් තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිබේ. අවාසනාවකට ආලේපන වර්ග නිෂ්පාදකයන්ගේ වෙළඳ දැන්වීම් හරහා ලැබෙන අති විශාල ධනස්කන්ධය නිසා, ජනතාවට මේවායින් වන හානිය පිළිබඳ තොරතුරු මාධ්‍ය ආයතන විසින් වසන් කරනු ලැබේ.

පාරිසරික ක්‍රියාකාරී කණ්ඩායම (EWG) නම් වූ සංවිධානයක් විසින්, පසුගියදා මේ පිළිබඳව පර්යේෂණ තොරතුරු ඇතුලත් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ. ඒ අනුව මූලිකවම හිරු අලේපන වලට හිරු එළියෙන් සමට වන හානිය වලක්වා ගත නොහැකිව වන අතර දෙවනුව හිරු ආලේපනවල ඇති රසායන ද්‍රව්‍ය ශරීරයට අතිශයින්ම විෂ සහිත වේ. එම නිසා අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් ආලේපන භාවිතා කළහොත් බරපතල රෝග තත්වයන් ඇතිවීමට එය හේතුවක් වේ.

හිරු එළියේ ඇති "අල්ට්‍රා වයලට්" කිරණ උරාගැනීමට ආලේපන වලට එක්කරන oxybenzone සෘජුවම ශරීරයට අවශෝෂණය වී “ඊස්ට්‍රජන්” හෝමෝනයට සමාන ලෙස ශරීරයේ ක්‍රියාත්මක වේ. මේ නිසා නිසි වයසට පෙර ගැහැනු ළමයින් වැඩි වියට පත්වීම සිදුවේ. එමෙන්ම විවිධ අසාත්මිකතා ඇතිවීමටද හේතු වේ. එමෙන්ම ආලේපන වලට එක් කරන තවත් සංයෝගයක් වන retinyl palmitate ( විටමින් A වල එක් ආකාරයකි) නිසා සමේ තුවාල සහ අර්බූද වර්ධනය වීමේ වේගය ඉහල යන බැව් සොයාගෙන ඇත. එමෙන්ම retinyl palmitate හිරු එළිය සමග ක්‍රියාකාරී වී නිදහස් වන “මුක්ත ඛණ්ඩක” DNA අනුවල ව්‍යූහය බිඳ දමන අතර ඒ හේතුවෙන් පිළිකා ඇතිවීමේ හැකියාව ඉහල යයි.

හිරු ආලේපන හිරු එළියේ ඇති UVB කිරණ වලට බාධා කරයි. එවිට ශරීරයේ සිදුවන ස්වාභාවික විටමින් D සංස්ලේශණය ඇණහිටී. UVB කිරණ වලට බාධා කිරීමෙන් වන එක් වාසියක් පමණක් තිබේ. ඒ අධික හිරු රශ්මිය ඇති විටෙක සම පිලිස්සෙන ගතියෙන් ආරක්ෂා වීමයි. සෘජුවම අත්දැකිය හැකි එම කරුණ නිසා නිසා නිෂ්පාදකයින්ට තම ආලේපන ලබාගැනීමට පාරිභෝගිකයන් ලෙහෙසියෙන් රවටාගත හැකිය. එහෙත් UVA කිරණ සඳහා හිරු අලේපන වලින් බාධා වන්නේ ඉතාම අල්ප වශයෙනි. මේ නිසා එය සමේ ගැඹුරටම අවශෝෂණය වී ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කිරීමට සමත් වේ. එමෙන්ම සමේ සෛල වැහැරීමකට ලක් කරන අතර පිළිකා ඇති කිරීමටද දායක වේ.

හිරු අලේපන නිපදවීමේ මූලික අරමුණ හිරු එළියෙන් වන හානිය වැලැක්වීම නොව ලාභ ලබා ගැනීම බවත් අනෙක් බොහෝ භාණ්ඩ වර්ග මෙන් එයද මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් වී ඇති බවත් මේ අනුව පැහැදිලි වේ.

විද්‍යාඥයන්ගේ මේ අනාවරණයන් නිසා ඕස්ට්‍රේලියානු රජය එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ හිරු එළිය තපින විට සැහැල්ලු ඇඳුමකින් ඇඟ ආවරණය කරගැනීම වඩාත් යෝග්‍ය බවයි. මේ නිසාම විනිවිද පෙනෙන සුළු ඇඳුම් වර්ගයක් බොහෝ සංචාරකයන් අතර ජනප්‍රිය වී ඇත. එමෙන්ම ස්වාභාවිත තෙල් වර්ග භාවිතා කිරීමද විකල්පයක් බව හෙලි වී ඇත.

එහෙත් ලංකාව වැනි සමකය ආසන්න රටවල ජනයාගේ සම ස්වාභාවිකවම හිරු එළියෙන් ආරක්ෂා විය හැකි වනසේ තලෙළු හෝ කළු පැහැයෙන් යුක්ත වේ. එය පරිණාමයේදී සොබාදහමෙන් ලැබුණු දායාදයකි. එහෙයින් ලංකාව වැනි රටවල ජනයාට හිරු ආලේපනවලින් හානියක්ම මිස සැලකිය හැකි ප්‍රයෝජනයක් නැත. 

(ලංකා ට්රුත් )

Leave a comment

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us