ඇමැති රේගුවට දාපු වෙට්‍ටුව ජනපති ගාව හිරවෙයි
Published in
පුවත්
Wednesday, 17 May 2017 17:09
ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ සේනානායක මහතා අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරමින් සිටිය දී අසාධාරණ ලෙස ස්ථාන මාරුවක් ලබා දීමට මුදල් ඇමැතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව දැන ගැනීමට තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කීර්තිමත් සේවා ඉතිහාසයක් ඔහුට තිබිණි.