ඉතිහාසය මා නිදහස් කරනු ඇත යන්න කියුබාවේ පිදෙල් ක්‍රැස්තෝ කළ ප්‍රකාශයකි. ඔහු ඒ ප්‍රකාශය කළේ කියුබානු අධිකරණය ඉදිරියේදිය. සත්තකින්ම එදා පිදෙල් ආමන්ත්‍රණය කළේ අධිකරණයට නොවේ. සකල මානව සංහතියට ඇසෙන්නට ය. එය අනාගත ජයග්‍රහණ කෙරෙහි විශ්වාසය තබා කැපවීමෙන් ක්‍රියා  කරන මිනිසුන්ට ආශ්වාද ජනක පණිවිඩයකි.

1

" මෙයාලා දක්ෂයි, එ්ත් කිසිම හේතුවක් නැතිව ආඩම්බරයි" කියා කිවේ  අප නොව බන්දු සමරසිංහය. කීවේද මට නොව මේ ආඩම්බර රටේ ආඩම්බරකාර තාත්තාටය.ඒ කීවේ අප ගැනනොව මේ රටේ කලාකරුවන් ගැනය. මේ දිනවල තවත් කිසිම හේතුවක් නැති ආඩම්බර සිනමා පටයක් පස්වැනි මණ්ඩලයේ නොව ෆෙස් බුක් පුරා වෛරසයක් මෙන් පැතිර යයි. 

1

"ගවං චේතර මානානං ජිව්හං ගච්චති පුංගවෝ" බුදුන් විසින් ප්‍රකාශිත වදනකි. එහි අරුත වන්නේ "නායක ගවයා ගමන් කරන්නේ යම් සේද, සෙසු ගවයෝද එමග ගමන් කරයි" යන්නයි. එය වර්තමාන බෞද්ධ භික්ෂුහු හිතා මතා හෝ සිය ජීවිත අවධානම වෙනුවෙන් අමතකර ඇති බවයි ලියුම්කරුගේ අදහස.

1

No More July නාමයෙන් පසුගිය 23 දින විහාර මහ දේවි එළිමහන් රංග පීඨයෙදී සිදු වූ ඓතිහාසික අමන, තකතීරු සිදුවීම් ජාලය අප තරයේ හෙළා දකිමු. රාජපක්‍ෂවාදී වත්මන් ලාංකේය යුග මොහොත තුළ ජාතිවාදී/වර්ගවාදී ප‍්‍රචණ්ඩත්වය අත්කරගෙන ඇති සුවිශේෂී සංයුක්ත තත්තවය පිළිබඳ කිසිදු විශ්ලේෂණයකින් තොරව සංවිධානය කළ මෙම ඊනියා සංස්කෘතික ප‍්‍රදර්ශනය නිමා වූයේ ජුගුප්සාජනක කළකිරීමක් අප තුළ ශේෂ කළ බව සිහි කැඳවන්නේ අපුලකිනි. අලූත්ගම-බේරුවල පැන නැගි ගිනිජාලා පදනම් කරගෙන අප කළ න්‍යායික විශ්ලේෂණය රැගත් පොත් පිඬ සමාජගත කිරීම හා ලාංකේය ඊනියා විකල්ප කලා/සංස්කෘතික ක්ෂේත‍්‍රයේ ඇති චින්තන දරිද්‍රතාවය විවේචනයට ලක් කරමින් සිදුකළ යුතු අරගලය ගැන පත‍්‍රිකා බෙදාහැරීමක් සඳහා එම ස්ථානයට පැමිණි අපි එහිදී කළු ජූලියට එරෙහි කලා/සංස්කෘතික විරෝධයක නාමයෙන් සංවිධානය කර තිබූ සිදුවීම්-අවස්ථා දැක විමතියටත්, කළකිරිමටත් පත්වීමු. එනයින් මෙම අවස්ථාව අවසානයට පත් වූ අයුරු අනපේක්‍ෂිත නොවන බව අපගේ ඉඳුරා විශ්වාසය යි.

කළු ජූලිය ඇති වූ සංයුක්ත සමාජ දේශපාලන මොහොත හා වත්මන් සිංහල-බෞද්ධ වාර්ගික ප‍්‍රචණ්ඩත්වය මුදා හැරෙන උපායමාර්ගික දේශපාලන සැකැස්ම පිළිබඳ පඩයකවත් දැනුමකින් තොරව නරුමවාදී නොදැනුමකින් යුතුව මෙම සංවිධායක මුග්ධ රැල විසින් (ජාතීන්ගේ ප‍්‍රශ්න පිළිබඳ සාධකයේදී මතවාදී විනයක් අඛණ්ඩව නඩත්තු කළ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සොයුරිය හා පීඩිත ජනවර්ගය පිළිබඳ ප‍්‍රශ්නය ගැන අඛණ්ඩව න්‍යායිකව සංවේදී විරාජ් ලියනාරච්චි සොයුරා දක්වන නියෝජිත මුහුණුවර අපට අපැහැදිලිය) සැකසූ මෙම වැඩසටහන නිසා ප‍්‍රති හෙජමොනික දේශපාලනික පරිකල්පනයන් ගොඩනැගීමේ ප‍්‍රයත්නයන්ට සිදුකළ හානිය සුළුපටු නැත. මිනීකඳු, රුධිර ගංඟා ගලා ගිය ඉතිහාසයක් මත සිට තිරිසන් විපරීත නර්තන ප‍්‍රමෝදයන් හා තැනින් තැන විවිධ සාදයන්ගෙන් කළ සැමරීම විසින් අපට ගෙන හිරිවැටෙන සුළු ත‍්‍රස්තයක් දෙසටය.

පවත්නා හිංසක, වර්ගවාදී දේහපාලන වර්ගවාදී බලාධිකාරයන් හා සත්‍යාධිකාරයන් අලූත් වටයකින් ශක්තිමත් කරන හා පෝෂණය කරන මෙවැනි කුප‍්‍රකට මැදිහත්වීම් අපි ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ ලෙස නැවත වරක් තරයේ හෙළා දකිමු.

අප අවසාන වශයෙන් කියන්නේ No More July කියාය.

මෙයට
සංස්කෘතික විමුක්ති ගිවිසුම වෙනුවෙන්,
විදර්ශන කන්නන්ගර / ප‍්‍රභාත් හේමන්ත

1

නිරන්තරයෙන් ම පාහේ බැඳ තබා ඇති කරන බල්ලෙකු වුව ද දිගු කාලයක් රඳවා ගැනීමට අවශ්‍ය නම් ඉඳ හිට ලිහා දැමිය යුතු ය. එවිට ඌ පිස්සුවෙන් වටපිටාවේ දුව ඇවිද නටා දඟලා පොරයට වැටී හෙම්බත් වූ පසු නැවත ස්වාමියා වෙත එයි. මේ තාවකාලික හෝ බුරුල නොදෙන්නේ නම් බල්ලා ස්වාමියා කෙරෙහි උරණ වීම හෝ කළකිරීම බොහෝ විට සිදුවිය හැක. රාජ්‍යයේ මර්ධන යන්ත්‍රය හෙවත් දඩ බල්ලන් සම්බන්ධයෙන් ද මේ තත්වය පොදු ය.

1

චන්ද්‍රිකා ආපසු පැමිණ විහාර මහා දේවියට අඳින තුරු බලා සිටි රිලා පණික්කියන් සද්දයක් නැත. මාදුළුවාවේ සෝභිත යමා මහ පෙළහර පාන තෙක් බලා සිටි සැදැහැවතුන් එකිනෙකා කාටත් නොකියා ම විසිර ගොසිනි. අනුර කුමාරගේ ජනාධිපති සිහිනය ගැන කතාව ඊට අදාළ ඉතිහාසයේ කුණු බක්කියට ම භාර කරමින් බැලුව ද වේදිකාව යමක් සඳහා විවර වෙමින් පවතී. මේ නග්න ඒකාධිපතිවාදය දෙසට බලයේ දිගුවක් වනු ඇතිද , නොඑසේ නම් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට බල තුලනයක් වනු ඇතිද ? ඉතිහාසය බලා හිඳින්නේ ඔබ දෙස ය.

1

කෝමල් නලුවා උදේ පාන්දරම ඇහැරුනේ අටසිය ගාණට මළපැනලාය. මීඩියා යුනිට් එකේ එකෙක්ගෙන ලැබුණු කෝල් එකේ හැටියට නම් දයාසොරියා හත්පොලේ ගාගෙන මදිවාට තමාගේ ඇඟෙත් අතුල්ලා තියෙන බව සිහිවෙද්දී මූගේ අමුවෙන් බඩ මාළු කෑවත් මදි බව හිතුණත් ඒවා කරන සෙට් එකක් වෙනම ඉන්නා නිසා හිත සන්සුන් කරගන්න හිතාගෙන කාලෙක පටන් එකතු කරන බුදු පිළිම දෙදාස් පන්සීය හොයාගෙන ගොස් එකින් එකට දෙදාස් පන්සීය වතාවක් වැන්දේය. දයාසොරියා හොයාගෙන ගෙදරටම ගොස් දත් දෙකක් බඩට අරින්නටම හිතුනත් දත් මිටි කාගෙන ම කෝමලයා ඌට කෝල් එකක් ගත්තේය.

1

''සියුම් රෙදි විවීමේ කලාවට නව පනක් දිමට රිසි වූ දඹදෙනියේ තුන්වැනි විජයබාහූ රජතුමා මීරා ලෙබ්බේ නමින් වන මුස්ලිම් කෙනෙකුට සන්නස් හා ප`ඩුරු පාක්කුඩම් දී දකුණු ඉන්දියාවට යැවීය. එම ලෙබ්බේ පෙහෙර ඇදුරන් අටදෙනෙකු මෙහි ගෙනාවේය. රජතුමා ඔවුන්ට ගම් බිම් හා තාන්න මාන්න දී භාර්යාවන් ද සලසා දුන්නේය.

1

මම හිටියේ බස් හෝල්ට් එකේ, බස් එකක් එනකන්… තව කීප දෙනෙක් හිටියා. බස් එක එන පැත්ත බලාගෙන ඉද්දී ඒ පැත්තේ ඉඳන් ඇවිදගෙන එන අය අතරේ කෙනෙක් විශේෂ වුණා. ගෑනු කෙනෙක් සාරියක් ඇඳල සාරි පොටෙන් ඔළුව වහලා පොටේ කෙළවර ඉණ පිටිපස්සෙන් සාරිය ඇතුළට ගහලා. අතේ බඩු මල්ලක් තිබුණා. එයා ඇවිද්දේ ටිකක් විමසිල්මත්ව, පරිස්සමෙන්, වටපිට බලමින්. බයෙන් බයෙන්! මුස්ලිම් වෙන්නැති!

1
Page 4 of 4

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+