ජාත්‍යන්තර රූපවාහිනි ක්ෂේත්‍රයේ දැවැන්ත සම්මාන උලෙළක් ලෙස සැලකෙන එමී සම්මාන උලෙළේ දී ලාංකිකයෙකුට සම්මානයක් හිමි ව තිබේ.

වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව ඇත.

ලයිකා සමුහ වියාපාරයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය පිටපත් රචිකාවියක් වන බුද්ධිනි ජයවර්ධන පසුගිය දවසක තම මුහුණු පොතෙහි අන්දොලත්මක සටහනක් තබමින් පවසා තිබුනේ චැනල් වල ලොකු පුටුවල ඉන්න ලොක්කන්ගේ ක්‍රියාකලාපය ගැනය. ඇය ඒ පිළිබදව මුහුණු පොතෙහි තැබූ සටහන මෙසේය,

''චැනල්වල ලොකු පුටුවල ඉන්න අයට බොන්නයි ටෙලි නාට්‍යවල රඟපාන සමහර බට්ටිච්චියන්වයි දීලා තමන්ගෙ නාට්‍ය දික් කරගන්නයි..නාට්‍ය දාගන්නයි එපා. ඒක හරි කැතයි. ඒවට ලොල් වුනාම ලොක්කො lineup වුන ඒවත් ගලවලා දානවා. ඒකෙන් අසාධාරණය වෙන්නෙ තවත් නිර්මාණවේදියෙක්ට. සමහරක් ලොක්කන්ගෙ මානසික විකෘතිතාව අඳුනගෙන ඒකට හරියන්න ටෙලි කරනවා තැන තැන කියව කියව " අරූගෙ ටේස්ට් එක මේක" කියලා.
මේ සටහන ලිව්වෙ මේ දවස්වල අපේම කීප දෙනෙක් මා එක්ක කිව්ව දේවල් එක්ක. ප්‍රවීනම අයගෙ lineup වෙච්ච ඒවා ගලවලා. ඒ ඔවුන් තමන්ගෙ නිර්මාණය හින්දා ලොක්කන්ට බොන්නයි ගෑනුයි නොදුන්න නිසා. එහෙමත් නැත්නම් ලොක්කන්ගෙ ලිංගික අසහනය සංසිඳුවගන්න නිර්මාණ නොකරන නිසා. එයාලව ගලවලා දාන්නෙ නිකම්ම නෙවෙයි . චැනල් එකක නාට්‍ය ගන්න ක්‍රියාවලියත් වෙනස් කරලා.
ඉස්සරහට නම් එක්කම දාන්න පුළුවන් වෙයි.
ලොකු පුටුවලට ලොකුයි කියලා හිතලා ගන්න එවුන් ගැන උන්ව දාන ලොක්කොත් හිතන්න ඕන මීට වඩා''

Screenshot 2023 12 18 094611

රංගන ක්ෂේත්‍රය තුළ පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයේ ලොකු ලොක්කන් පිනවන්න එකී මාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදීනියන්ට සිදුවන අකටයුතුකම් පසුගිය කාලය තුළද සමාජ මාධ්‍යතුල දැඩි කතාබහට ලක්විය. වරෙක සමාජ මාධ්‍යතුල කාන්තාවක් ඇයට සිදු වූ සිදුවීම වීඩියෝවක් හරහා නිකුත් කරමින් කියා සිටියේ ලංකාවේ අංක එක යැයි කියා ගන්නා ප්‍රධාන පුද්ගලික නාලිකාවක සම්මුඛ පරීක්ෂණයකදී එකී ආයතනයේ ප්‍රධානින් විසින් රැකියාව දෙන්න නම් ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවය.

තවත් විටෙක ස්වාධින රුපවාහිනී ජනප්‍රිය මාධ්‍යවේදිනියක වූ ඉෂාරා දේවින්ද්ද්‍රා තම මුහුණු පොතෙහි ආන්දෝලාත්මක සටහනක් තබමින් පවසා සිටියේ ආසම රස්සාව ආත්ම ගරුත්වය වෙනුවෙන් අත්හැරිය බවය.

''මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම ගරුත්වය වෙනුවෙන්..

මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා....

2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.

මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.

මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා...

මම මේ ගැන සාක්ශි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.

ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

"ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට ඔබට ස්තූතියි....????''

කෙසේවෙතත් මෙම සටහන සමග එකී ආයතනයේ සභාපතිවරයා ඇතුළු පාර්ශවයන්ට එරෙහිව මාධ්‍යවේදීන්ගේ සංගම් මගින් ලිඛිතව ජනාධිපතිවරයා වෙතද වහාම පරීක්ෂණ පවත්වා සාධාරණයක් ඉල්ලා සිටියේය.

ඒ පිළිබදව එකී ආයතයේ සභාපතිවරයා දන්වා සිටියේ තමා කිසිවක් නොදන්නා බවත් වහා පරිෂණ සිදු කරන බවත් කියමින් මාධ්‍යවේදීන්ගේ පැනයන්ගෙන් කට්ටි පමිනින් සිටියේය. අවසානයේ තවත් එක් දක්ෂ මාධ්‍යවේදිනියක් රටට අහිමි කරමින් සියලු දේ කාලය සමග යටපත් කර ගැනීමට එකී ආයතනයේ සභාපතිවරයා පියවර ගෙන ඇත.

-P.M

ලිංගික සංසර්ගයට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳ වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකදී හෙළිවී තිබේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු නාරහේන්පිට දාබරේ මාවතේදී අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

කමුද  තිබ්බටු

Published in අනං මනං
Monday, 11 December 2023 12:13

එළබටු,තිබ්බටු, වම්බටු, තලන බටු  ආදී  බටු වර්ග අතර රසයෙන් හා ගුණයෙන් පොහොසත් ගමේ ගොඩේ නිතරම හමුවෙන,වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන බොහෝ දෙනා ප්‍රිය කරන  බටු වර්ගයක් වන තිබ්බටු ගැන දැනගමුද?

පහතරට වියළි කලාපයේ හේන් වගාවෙන් පසු කනතු වල ස්වාභාවිකව තිබ්බටු වගා වූ අතර නියගයට ඔරොත්තු දීමේ හැකියාව, පෝෂණීය ගුණය මෙන්ම ක්‍රියාකාරී ආහාරයක් ලෙස දළ තන්තු සහ ප්‍රතිඔක්සිකාරක මෙන්ම වෙළඳපොළේ ඉහළ මිල නිසා මේ වගාව වාණිජ වගාවක් ලෙස ප්‍රචලිත වෙමින් පවතිනවා.

තිබ්බටු ගසක් සාමාන්‍යයෙන් අඩි හතරක්,පහක් පමණ උසට වැවෙන අතර එහි මල් සුදු හා නිල් ලෙසින් වර්ග දෙකක් දකින්නට ලැබෙනවා.

තිබ්බටු රසවත් ආහාරයක් වගේම තිබ්බටු ගසේ පංචාංගයම ආයුර්වේදයේ දී විවිධ රෝගයන්ට ඖෂධ වශයෙන් භාවිතා කරනු ලබනවා.

ආහාරමය වශයෙන් ගත්තාම, තිබ්බටු තෙම්පරාදුවක් ,මැල්ලුමක්, සම්බෝලයක් හෝ තිබ්බටු මඤ්ඤොක්කා කොල මැල්ලුම ආදී ලෙස ආකාර කිහිපයකට පිළියෙල කරගන්න පුළුවන්

තිබ්බටු ශාකය ආහාරමය වටිනා ශාකයක් සේම ඖෂධීය ගුණයන්ගෙන්ද පිරුණු ශාකයක් වන අතර වෛරස් , බැක්ටීරියා , ක්ෂුද්‍ර ජීවි හා වේදනා නාශක ගුණ සහිත බව සදහන් වන අතර යකඩ , කැල්සියම් , ප්‍රෝටින් , තන්තු , කාබොහයිඩ්රේට් , පොස්පරස් , සින්ක් , විටමින් A , C , B ප්‍රභේද, සැපොනින් ඇල්කලොයිඩ ඇතුළු පෝෂක රසායනවලින් මෙන්ම ප්රතිඔක්සිකාරක ගුණවලින් ද තිබ්බටු ශාකය අනූන බව සදහන් වෙනවා

තිබ්බටුවලින් අත් බෙහෙත් :-


* දියවැඩියාවට තිබ්බටු කොළ වේළා කුඩුකර දිනකට වරක් තේ මෙන් සකසා ගෙන පානය කිරීම.


* උණ සෙම්ප්‍රතිශ්‍යාව සදහා තිබ්බටු ගෙඩි වියළා කුඩුකර තේ මෙන් සකසා පානය කිරීම.


* සෙම් රෝගවලට වියළා ගත් තිබ්බටු පස් පංගුව හෝ දඬු හා මුල් හෝ තම්බා බීම.


* දත් හිරි වැටීම සදහා තිබ්බටු ගෙඩි පුළුස්සා ගෑම.


* යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි.


* උඳුගොව්වා කෑමට ඉදුණු ගෙඩි පුළුස්සා තල තෙල් සමග අනා ගෑම.


* හිස්සොරිවලට තිබ්බටු තලා හිසේ ආලේප කිරීම.


* මාස් ශුද්ධියෙන් වේදනා විඳින කාන්තාවන්ට තිබ්බටු ගෙඩි තැම්බූ වතුර ඉතා කදිම ඔසුවකි.


* ඇදුමට ශාකය කැබලිකර වියළා ගත් කොටස් කොත්තමල්ලි සමග තම්බා බීම.


* වියළි කාලයේ සමේ රෝගවලින් ආරක්ෂාවීමට තිබ්බටු වියළි ශාක කැබලි වෙනිවැල්ගැටයක් සමග තම්බා ගත් දියෙන් ඇඟ සේදීම.

වාත පිත කප සමනය කරන ගුණැති තිබ්බටු ශාකය උණ පාචන අතීසාර වකුගඩු ගල් , මුත්‍රා ගැටලු, චර්ම , මුඛ , දන්ත , අක්ෂි ආබාධ ඇතුළු රෝග ගණනාවක ට ප්‍රතිකාර සඳහා යොදාගන්නා බව ආයුර්වේදය සඳහන් කරනවා. රට රටවලත් පාරම්පරික වෛද්‍ය ක්‍රමවලත් ඔසුවක් ලෙසට තිබ්බටු ශාකය භාවිතා කරනවා. සෙම් රෝග පාලනය කිරීමේ හැකියාව මෙන්ම කැස්සට හා නරක් වූ සෙම ඉවත්කර හැර උගුරේ ආබාධ ද සුව කිරීමට තිබ්බටු ශාකය උපයෝගී කරගන්නා අතරම උදර ආබාධ සඳහාත් තිබ්බටු ගූණදායක අතර අජීර්ණ වේදනා සමනය කරනවා. ඒ වගේම උදරයේ පිරෙන වාතය මුදා හැරීමේ හැකියාවක්, ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා හා පණුවන් විනාශ කිරීමේ හැකියාව ද එහි පවතිනවා. එමෙන්ම මල බද්ධයට , අර්ශස්වලට එරෙහිව ක්‍රියාකිරීහේ ප්‍රබල හැකියාවක් මේ තිබ්බොටු ශාකය සතුයි.

තිත්ත තිබ්බොටු

335403982 1361308091389834 2641550718932934044 n

තිබ්බටු ගැන කතා කරද්දී, තිත්ත තිබ්බටු ගැනත් අමතක කරන්න බැහැ.

බටු කුලයේම ඖෂධීය ගුණයෙන් සපිරි, ඉතා වියළි ශුෂ්ක කලාපවල වගේම, උඩරට පහත රට තෙත් කලාපවල ද කිසිම සාත්තුවකින් තොරව ඉතා සරුවට වැවෙන ශාකයක් තමයි තිත්ත තිබ්බටු ශාකය.

තිත්ත තිබ්බටු මදක් තිත්ත කටුක රසයෙන් යුක්ත නිසා බොහෝ දෙනා ආහාරයට ගනු ලබන්නේ ඉතා අඩුවෙන්.

එහෙත්, ශරීර උෂ්ණත්වය පහත හෙලන අර්ශස් රෝගයට ද ඉතා සුවදෙන, ලේ පිරිසිදු කරන,තිත්ත තිබ්බටු ඖෂධීය ගුණයෙන් නම් හරිම පොහොසත්.

තිත්ත තිබ්බොටු ආනම -


කබලේ බැදගත් තිත්ත තිබ්බටු සහ රන්වන් පැහැවන තෙක් බැද ගත් පොල් ස්වල්පයක් පසෙකින් තබා ගන්න.

අනතුරුව පසුව සුදුළුනු ,අබ ඇට ස්වල්පයක්,කොච්චි,ලුණූ ස්වල්පයක් දමා ගලේ අඹරා ගන්න.

ඊටත් පසුව භාජනයක් ගෙන අර කලින් බැදගත් තිත්ත තිබ්බටු දමා හැන්දෙන් පොඩිකර,පසුව මා පෙර කී බැදගත් පොල් සහ කුළුබඩු මිශ්‍රණය දමා පදමට ජලය එක්කාසු කොට පිසගන්න.

ශරීරයට හිතකර විටමින් වර්ග,ප්‍රොටීන්, ඛනිජ ලවණ කැල්සියම් ,පොටෑසියම් ආදී පෝෂණ ගුණ රැසකින් යුක්ත තිබ්බටු වල ඇති ඖෂධීය ගුණ නම් බොහොමයි.


* හෘද රෝග පාලනය කරයි.(අධි රුධිර පීඩන තත්වයන් පාලනය කිරීමට ඉතා ගුණදායකයි.)

* ඇස් පෙනීම හා දන්ත රෝග සුව කරයි.(වයස්ගත වීමත් සමඟ ඇතිවන ඇස් නොපෙනීම සහ රාත්‍රී අන්ධතාවය පාලනය කරයි.

* දත් හිරිවැටීම දත් කැක්කුම වළක්වමින්,දත් ශක්තිමත් කරයි.කැක්කුම ඇති විට තිබ්බටු ගෙඩි පුච්චා ඒ දත මුල් ආලේප කිරීමෙන් වේදනාව සමනය කරගන්න පුලුවන්

* හිසරදය සමනය කරයි.

* උදුගොව්වන් කෑම සුව කරයි. (ඉදුණු තිබ්බටු ගෙඩි කිහිපයක් පුළුස්සා,තල තෙලින් අනා උදුගොව්වන් කෑ ස්ථානවල ආලේප කිරීමෙන් සමනය කරගන්න පුළුවන් )

* ගෑස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත රෝගය සමනය කරයි.

* පණුවන් මර්දනය කරයි. (ආහාර මාර්ගයේ සිටින පණුවන් සහ වෙනත් ජීවීන් ජීවීන් මර්ධනය කරනු ලබයි.

* ශ්වසන රෝග සමනය කරයි. (ඇදුම ,පීනස, පෙනහළු ආශ්‍රිත පිළිකා පාලනය කරයි.)

මල බද්ධය සමනය කරයි. (ආහාර ජීර්ණය පහසු කරනවා වගේම,තිබ්බටු වල තියෙන තන්තු වලින් මලබද්ධය ඇතිවීම පාලනය කරයි)

මතක ශක්තිය වැඩිදියුණු කරයි.

ශරීරයේ ඇති වන වේදනා, ඉදිමුම් සමනය කරයි.(පාද⁣ ඉදිමුම ,ඇඟිලි හිරිවැටීම, තුනටියේ වේදනාව,)

ආර්තව චක්‍රය ක්‍රමවත් කරයි.

මේ ආදි වශයෙන්, ශරීරය සිසිල් කිරීම,පිළිකාව, අධිරුධිර පීඩනය,අර්ශස් රෝගය,දියවැඩියාව,මූත්‍ර ගල් දියකිරීම,රක්තහීනතාවය,කක්කල් කැස්ස යන රෝග රැසකට තිබ්බටු ගුණදායක ආහාරයක් වග කිව හැකියි

images 1.

 

ලෝකයේ දැනට සිදු කරල තියෙන වටිනාම පරීක්ෂණය/ අධ්‍යයනය හෝ සොයා ගැනීම  කුමක් වෙන්න පුලුවන්ද  ?

අමායා කියන්නේ කවුද?

මම පිටට පෙනෙන කෙනා නෙවෙයි. හරිම සාධාරණ චරිතයක්. මම හොද අම්ම කෙනෙක්, හොද සහෝදරියක්, මගෙ දෙමාපියන්ට මම හොද දරුවෙක්, හස්බන්ලට ‌හොද වයිෆ් කෙනෙක් ද කියන්න දන්නෙ නැහැ. නමුත් මම මගේ ජීවිතේ හරිම සරලව ගෙවන මනුෂ්‍යයෙක්.

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us