ජනාධිපති, දහම් පුතාට දක්වන සැලකිල්ල රටේ දරුවන්ට නෑ Featured

Published in පුවත්
Sunday, 18 March 2018 18:31

ඊයේ (17) අලුයම තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී අනතුරට පත්වූ මෝටර් රථය ජනාධිපතිවරයාගේ පුතා වූ දහම් සිරිසේනට අයත් බවත් අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු එය පදවා ඇති බවට පළවූ පුවත සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පොලීසියට නියමකර ඇති බව මෛත්‍රීපාර්ශ්වයේ හිතවත්කම් ඇති වෙබ් අඩවි වාර්තා කරයි.

ජනාධිපති කාර්යාලයෙන් සෘජුවම ලැබුණු තොරතුරු රැසක් අනුව එම වාර්තා පළකර තිබෙන බව හැ‍ඟෙන අතර මෙම ප්‍රවෘත්තිවල පළකර ඇති විස්තර අනුව ජනාධිපතිවරයා සිය පුතා සුද්දවන්තයකු කිරීම වෙනුවෙන් සිය විධායක ජනාධිපති බලතල පාවිච්චියේ යොදවා ඇති බවත් පැහැදිලිය.

මෙම රිය අනතුරට ජනාධිපති පුත්‍රයාගේ කිසියම් හෝ සම්බන්ධයක් නැති බව මේ වන විට පොලිසිය සිය 'විමර්ශන' මඟින් ද අනාවරණය කරගෙන ඇති අතර එම රිය අනතුරට අදාලව වන විමර්ශන නිසි පරිදි සිදු වෙමින්ද තිබේ..ඒ නිසා ජනාධිපතිවරයාට මේ ගැන කළබල වීමට හේතුවක් නැත.

ඔහුට කළඹලවීමට වෙනත් ඕනෑතරම් ගැටලු මේ රටේ තිබුණද ඔහු ඒවා ගැන කළඹලයක් නැත. දේශපාලන හේතූන් මත අසාධාරණයට ලක්වූ දූ පුතුන් ‍රැසක් මේ රටේ සිටී. තමන්ට සාධාරණය ඉ‍ටු කර දෙන මෙන් පසුගිය වසර ගනනාවක් තිස්සෙ ඇවටිලි කළද ජනාධිපතිවරයා නොවේ ඊට කළඹල වූයේ. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නෙට කළඹල වූයේ නැත. රාජපක්ෂ නඩයේ දූෂිතයන්ට අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කරන්න කළඹලයක් ද නැත.

ඒ තබා තමන් බලයට පත් වීමදී ලබා දුන් විධායක ජනාධිපතිධුරය ඉවත් අහෝසි කිරීම ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වෙනස් කිරීමේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන තවමත් ඔහුට කළඹලයක් නැත. සිය ධුරකාලය අවසන් වීමට ඇත්තේද තව වසර දෙකකට ආසන්න කාලයකි. ඒත් මීක් නැත. මොන දහන් ගැටයක් හො ගසා ඒ දික්කර ගැනීමට නම් පසුගිය කාලයේ ලොකු වෙහෙසක් ගත් නමුදු ඊට නීතියෙන් ඉඩක් නොවුනු තැන දැන් දේශපාලන ජිල්මා‍ට්ටුවක් හෝ දමා ගැනීමට වැයම් කරමින් තිබේ..

තමන් බලයට තිබෙන කෑදර කමෙන් බදා ගන්න දඟලන විධායක බලතල, පුතාගේ නම සුද්ද කරගන්න බාවිතා කිරීමට තිබූ තදියම මේ ගැටලු විසඳන්නත් යොදා ගත්තාම මේවා මෙහෙම ලියන්න සිදු වන්නේ නැත.

කොහොම නමුත් අදාල වෙබ් අඩවිවල සඳහන් කර ඇති ලෙස අදාළ මෝටර් රථය අනතුර වූ අවස්ථාවේ පදවා ඇත්තේ කවුද? එහි හිමිකරු කවුද? අනතුර සිදුවීමෙන් පසුව අනතුරට වගකිව යුතු පාර්ශවය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවාද? ඊට අදාළව සිදුකර ඇති විමර්ශන මොනවාද? පසුගියදා ජපානයේ සිදුකළ නිල සංචාරය අවසන් කර තමන් සමඟ එකට පැමිණෙමින් සිටි තම පුතා වූ දහම් සිරිසේන මෙම මෝටර් රථය පැදවූ බවට පුවතක් නිර්මාණය වූයේ කෙසේද ? යන කාරණා ඇතුළත් සවිස්තර වාර්තාවක් මේ වන විටත් ජනාධිපතිවරයාට ලබාදීමට පොලීසිය කටයුතු කර ඇති බවද වාර්තා කරයි.

ඒ අනුව තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය එම අවස්ථාවේ ධාවනය කර ඇත්තේ කබීර් හෂීම් අමාත්‍යවරයාගේ මස්සිනා වන රිකාස් හුසේන් නම් ව්‍යාපාරිකයා ය. ( එහෙත් මේ ධාවකයා අවසන් වරට පිටත් වූ  රාත්‍රී සමාජශාලාවේ ආරංචි මාර්ග අනුව නම් ඒ මේ කියන පුද්ගලා නොවේ)

ඊයේ (17) අලුයම 6.15 පමණ සිදුවූ මෙම අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී මෝටර් රථය තවම ලියාපදිංචි අංක තහඩුව පවා නිකුත්ව නොමැති නවතම රථයක් වන අතර එහි හිමිකරු වන්නේ තවත් ව්‍යාපාරිකයකු වන රිෂාඩ් හමීඩ් නමැත්තෙකි.

මෙම මෝටර් රථය තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී අනතුරට ලක්වීමට පෙර ඇක්සියෝ හා කොරොල්ලා වර්ගයේ මෝටර් රථ දෙකක ගැටී ඇති අතර ඒ හේතුවෙන් අධිකව බීමත්ව සිට ඇති 'ඇමති මස්සිනා' දැඩි බියට පත්ව එම ස්ථානයෙන් පලාගොස් ඇත. අදාළ අනතුරේ වගකීම ගැනීම සඳහා වෙනත් රියදුරෙකු තලවතුගොඩ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

එහෙත් අනතුර සිදුවීමට පෙර බීමත්ව රිය පදවා මාර්ග අනතුරක් සිදුකර ඇති බැවින් මෝටර් රථයේ හිමිකරුද ඉදිරිපත් විය යුතු බව පොලිසිය වාහනයේ හිමිකරු වූ රිෂාඩ් හමීඩ් වෙත දන්වා ඇත. ඒ එම වාහනයට අදාළ නිල ලියවිලි රිෂාඩ් හමීඩ් ගේ , BMW- Bavarian Motors Pvt Ltd ආයතනය සතුය.


ජනාධිපතිගේ උදහස

ඒ අතර තුර මෝටර් රථය දහම් සිරිසේනට අයත් බවටත් අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු එම මෝටර් රථය පැදවූ බවට පුවත් සමාජ ජාල ක්‍රියාකාරීන් හරහා එය ප්‍රසිද්ධ විය. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ පුතාගේ නම ගෑවීම හේතුවෙන් ජනාධිපතිවරයා උදහස් වී ඇති අතර සිය ජපන් සංචාරය අවසන් කර දිවයිනට පැමිණි වහාම සිදුවීමට අදාළ සියළු තොරතුරු දන්වන ලෙස පොලීසිය දැනුවත් කර ඇති බව ැම වෙබ් අඩවි පවසයි.

තමන්ට එරෙහිව සමාජජාලාවල ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසා එය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස පසුගියදා මහනුවර ජාතිවාදී සිදුවීම දඩමීමා කරගෙන සමාජ ජාලා තහනම් කළද ඒ පාලනය වී නැති බව දැන ගැනීම ජනාධිපතිවරයාගේ උදහසට සැබෑ හේතුව වී ඇති බව මේ තොරතුරු අනුව පැහැදිලිවේ.

තමන් සමඟ ජපානයේ සිටියා යැයි කියන පුතා ඒ මොහොතේදී ලංකාවේ වරදක් කර ඇති බවට කවුරු මොනවා කීවත් ඊට නිසි පිළිතුරු තිබියදී ජනාධිපතිවරයාට කළඹලවීමට වෙනත් හේතුවක් නැත.

කොහොම නමුත් අදාල ව්‍යාපාරිකයා හා රාජපක්ෂවරුන් අතර සම්බන්ධයක් ඇති බවත් පොලීසිය සොයා ගැනීමට සමත්ව තිබේ. කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ඔහුගේ BMW- Bavarian Motors Pvt Ltd ආයතනය සඳහා මුදල් ආයෝජනය කිරීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා යෝෂිත රාජපක්ෂ විසින් බවටද තොරතුරු ඇති බවත් රග්බි ක්‍රීඩක තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් ද රහස් පොලිසිය මොහුගෙන් කටඋත්තර ලබාගෙන ඇති බවත් මෙම වෙබ් අඩවි වාර්තා කරයි.

මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා නිකරුණේ සිය දරුවන් අපවාදයට ලක්වීමට ඉඩදිය නොහැකි බවත් තම පවුලේ කීර්තිනාමය කැතකරන්නට උත්සාහ කළ සියළු දෙනා නීතිය හමුවට පමුණුවන ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇති බව ද වාර්තා කරයි. මිිට පෙර ද ජනාධිපති පුතා නම කැත කරගැනීමට ලක් වූ අතර ඒවා බේරාදීමට ජනාධිපති මාධ්‍ය  අංශයට ද ලොකු වෙහෙසක් ගැනීමට සිදුවිය.

එපමණක් මේ වෙබ් අඩවි අනුව මේ සිදිධියට අගමැතිවරයා හා ඥාති සම්බන්ධතාවයක් තිබෙන බවත් සොයාගෙන ඇති අතර. දැන් මෙය අගමැතිවරයාට හා අදාල එජාප ඇමැතිවරයාට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීම ජනාධිපති කාර්යාල ඇම්බැට්ටයන්ගේ උත්සාහය වී ඇත. මෙම තොරතුරු මෛත්‍රී පාර්ශ්වයේ වෙබ් අඩවි වෙත ලැබෙන්නේ ඒ අනුව බවද පැහැදිලිය.

Last modified on Sunday, 18 March 2018 23:44

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us