ජනපතිගේ ආර්ථික කමි‍ටුව 'ග්ලයිපොසේට්' තහනම ඉවත් කරයි ! Featured

Published in පුවත්
Friday, 16 March 2018 17:42

තේ වගාව ඇතුලු වානිජ වගාවන් හී වල් නාශකයක් ලෙස බහුලව යොදා ගන්නා ‘ග්ලයිපොසේට් නැමැති වල් නාශකය ඇතුලු තවත් වල් නාශක කිහිපයකට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික ආර්ථික කමි‍ටුව තීරණය කර තිබේ.

මෙරට පැතිර යමින් තිබෙන වකුගඩු රෝගය හා මෙම වල් නාශකය අත්ර සම්බන්ධයක් තිබෙන බවට දැඩි මතයක් ඇති නමුත් මේ බව මෙතෙක් ඔප්පු කර නොමැති වීම මෙම තහනම ඉවත් කිරීම සඳහා පදනම් වී තිබේ. වල් නාශක තහනම් කිරීම නිසා පසුගිය කාලයේ රුපියල් බිලියන 20 ක පමණ කෘෂි අස්වනු පාඩුවක් සිදුව ඇති බවත් පැවසේ.

ග්ලයිෆොසේට් තේ වගාවට අත්‍යවශ්‍ය දෙයක් නොවේ

- මහාචාර්ය සිසිර සිරිබද්ධන පීඨාධිපති රජරට විශ්වවිද්‍යාලය

තේ වගාවට ග්ලයි‍පොසේට් අත්‍යවශ්‍ය යැයි කීම පිළිගන්නට අමාරුයි. මොකද දිගු කාලයක් භාවිතා කිරීම නිසා තේවතු ආශ්‍රිතව වැවෙන වල් පැලෑටි ග්ලයි‍පොසේට්වලට ප්‍රතිරෝධ දක්වනවා. ඒ නිසා ඔය කියන තරම් වල් වර්ධනයක් වෙන්නේ නෑ.
ග්ලයි‍පොසේට් භාවිතා කළත් වතුර ආශ්‍රිතව වකුගඩු රෝගය වසංගත මට්ටමින් පැතිර නැත්තේ ඒ ප්‍රදේශවල ජලය කිවුල් සහිත නොවීම නිසාය. ග්ලයි‍පොසේට්වල අඩංගු රසායනික ද්‍රව්‍ය කිවුල් ජලයේ තැන්පත් වෙනවා. එනිසා බැරලෝහ වැනි හානිකර ද්‍රව්‍ය ජල පානය කිරීමේදී ශරීර ගතවිය හැකිය. ඒ වගේම කඳුකර පළාත්වල නිසා ‍පොළවට යොදන රසායන සේදී යනවා වෙන්නත් පුළුවන්. ග්ලයි‍පොසේට් වකුගඩු රෝගවලට හේතුව බව තහවුරුව අවසන්. අනිත් කාරණය ග්ලයි‍පොසේට් භාවිතය නිසා වකුගඩු රෝගවලට අමතරව පිළිකා වැනි රෝගත් වේගයෙන් පැතිරෙන්නට පුළුවන්. මොකද කඳුකර පළාත්වල වැවෙන එළවළු වැනි දේ මගින් අපේ ශරීරයට එය ඇතුල්වන්නට පුළුවන්. මේ වන විටත් ලෝකයේ රටවල් ගණනාවක ග්ලයි‍පොසේට් තහනම් කර තිබෙනවා. ඒ එහි ඇති හානිකර බව තහවුරුව ඇති නිසා.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us