2020 දී මහින්ද+ ගෝඨා+ බැසිල් පූට්‍ටුව පරදවන්න ආයෙත් පොදු අපේක්ෂකයෙක් Featured

Published in පුවත්
Wednesday, 14 March 2018 12:46

එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපෂක්වරු යළි බලවත් වීම වැලැක්වීම සඳහා 2015 දී රාජපක්ෂ පවුල් ආණ්ඩුව පරදවීම වෙනුවෙන් ඒකරාශී වූ බලවේග යළි එකතු කිරීම වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත නා හිමියන් නායකත්වය දුන් ජනතා බලවේගය වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පණ ගැන්වීමට මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන පියවර ගනිමින් සිටියි.

ඒ අනුව එම ජනතා ව්‍යාපාරයට මාදුළුවාවේ සෝභිත නා හිමියන් සමග එකට එක්ව එදා දායකත්වය දුන් මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන අතර තීරණාත්මක සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.

මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන මේ පියවර ගනිමින් සිටින්නේ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය මගින් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජිතව සිටින ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන ඒකාධිපති බලවේගය යළිත් පරාජයට පත් කිරීම සඳහා යැයි මහා සංඝ රත්නය පෙන්වා දෙති.

යළි හිස ඔසවමින් සිටින මේ ඒකාධිපති බලවේගයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමග එක්ව මුහුණ දිය හැකි ද යන ප්‍රශ්නය මේ මූලික සාකච්ඡාවල දී බරපතළ ලෙස මතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දඹර අමිල නා හිමියන් පසුගියදා දැඩි විවේචනයක් එල්ල කළේ ඒ අනුව යැයි ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ඒ අනුව 2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණයට නායකත්වය දුන් සියලුම සර්වාගමික නායකයින් ප්‍රධාන සිවිල් සංවිධාන ඉදිරි සතියේදී කොළඹ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිය ඉදිරි ක්‍රියා මාර්ග,රටේ උද්ගත වී ඇති තත්ත්වය,ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිතය.

කෙසේ නමුත් පසුගිය පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිපළය අනුව රාජපක්ෂවරුන්ගේ ඡන්ද පදනම සියයට 40 ට වඩා අඩු වීම දකින්නට ලැබිණි. එසේම 2015 මෛත්‍රීපාල සිරිසෙන ජනපතිධුරයට පත් කළ ප්‍රගතිශීලී ජනතා බලවේග වෙන වෙනම තරග කළද එම ඡන්ද එකතුව සියයට 50 ඉක්මවා ලැබී තිබිණි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us