මහනුවර ගිනිලන්නේ උඩරට සිංහල බෞද්ධ බෙදුම්වාදී හටනය.

Published in පුවත්
Thursday, 08 March 2018 15:29

ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උරුමක්කාරයන් යැයි කියන උඩරට සිංහල බෞද්ධයෝ දැන් තමන්ගේ රටේ අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව කියමින් මුසල්මානුවන් පන්නා දැමීමේ කටයුත්ත ආරම්භ කර තිබේ. රටේ ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරමින් නීතිය රකින ආයතනවලටත් අභියෝග කරමින් ප්‍රදේශයෙ පාලනය සියතට ගැනීමේහි ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආරම්බ කර තිබිණි.

මේ වන විට ජීවිත හානි පෞද්ගලික මෙන්ම රජයේ ද දේපොළ හානි ‍රැසක් සිදු කර තිබේ. මේ සටනේ ප්‍රකාශිත අරමුණු සැලකිමේදී එය දිග් ගැසුනු සටනකි. කන්ද උඩරටින් ලාංකීය දෙමලාද ඉන්දීය දෙමලාද ඊළඟට පන්නා දමනු ඇත.

නුවර මිනිස්සු මෝඩයන් යැයි විවිධ විද්වතුන් නොයෙක් උදාහරණ හා විද්‍යාත්මක හේතු සාදක ඇතිවද මීට පෙර මති මතාන්තර පල කරද තිබේ. සුද්දා ගල විදලා කොළඹ එන්න සැලැස්සුවද නුවර වැසියා වෙනස් උනේ නැත. ආපහු ගියේය. ඒත් කොළඹින් අරන් ගිය දෙයක් ද නැත. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි සුද්දා අතර කියමනක් හැදුනේද මේ නුවර සිංහලයන් නිසාය.

ඒක කොහොම උනත් උතුරේ දෙමළාගේ බෙදුම්වාදී උවමනාව හා මේ කන්ද උඩරට බෙදුම්වාදි වුවමනාවද එකමය. ඉල්ලන්නේ එකම අයිතියකි. උන්ට පමණක් අයිති රටක් ය.

 

මේ පහතින් දැක්වෙන්නේ අරුණි ෂිපරෝ විසින් පළ කරන ලද ලිපියකි.

සාමකාමී සමාජයක් යනු රාජ්‍ය බලාත්මක හස්තය යොදවා ජනතාව අතර කිසිත් ආරවුල් නැති බවක් පෙන්වමින්, රජය කැරලිකරුවන් යැයි හඳුන්වන අයව රහසිගතව හදිසි අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නොවේ. ජනතාව ඔවුන්ගේම කැමැත්තෙන් එකිනෙකා සමඟ ආචාරශීලිව සබඳතා පැවැත්වීමේ දී පමණක් සමාජයක් සාමකාමී යැයි සැලකේ.

ජනතාව අතර ආරවුල් ඇති කරමින්, ඉන්පසු ඔවුන් මෙල්ල කර සාමය රකින බලාත්මක හස්තයක් යෙදවිය හැකි නායකයෙක් අවශ්‍ය යැයි දැක්වීම, සාමකාමී සමාජය ගැන අවබෝධයක් නැති අයගේ හැදියාවයි. ඔවුන් ආගම, ජාතිය, පංතිය යනාදී බෙදුම් වලින් ජනතාව වර්ගීකරණය කරමින් ඒ බෙදුම් සියල්ල මුලිනුපුටා දැමිය හැකි යැයි විශ්වාස කරති.

කිසිසේත්ම බැහැර කළ නොහැකි වූ, individual හෙවත් ඒකීය පුද්ගලයා සතු අයිතීන් ගැන තැකීමක් නොකරති.

යම් අයෙක් සාමාකාමී සමාජයක් රිසි වූයෙක් වේ නම්, සමාජයේ වඩාත්ම සුලුතරය වූ ඒකීය පුද්ගලයාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඒකීය පුද්ගල අයිතිය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරනවුන් වෙනත් කුඩා ජනවාර්ගික කොටස්වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම පරස්පරයකි.

අයිතීන් ගැන අවබෝධයක් නැති හෙයින්, රජය කැමති ආකාරයට අයිතීන් පැවරිය හැකි යැයි ජනතාව විශ්වාස කරති. ඊට මේ රජය එළවා වෙන රජයක් පත්කර ගත හැකි යැයි සිතති. එය ද අසාර්ථක වූ විට, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මෙන් එහෙනම් මේ ජනතාව පළවා හැර වෙන ජනතාවක් පත්කර ගත යුතුයි කියා අඳෝනා කියති.

පුද්ගලයාගේ මනස සහ ඔහුගේ ශරීරය ඔහුගේ අයිතිය යැයි සැලකීම පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂාවේ ප්‍රථම පියවරයි. ඔහුට පමණක් ඔහුගේ මනසේ සහ සිරුරේ අයිතිය ඇතැයි කියද්දී එය කුමන ආකාරයෙන් භාවිතා කරන්නේ ද යන අයිතිය ද ඊට අඩංගු වූවක් බව සැලකේ.

සෑම පුද්ගලයෙකුටම ඔහුගේ මනස සහ සිරුර අයිති වෙද්දී, එකිනෙකා අතර සම්බන්ධතා පවත්වා ගත හැකියාව ලැබෙන්නේ එකිනෙකාගේ කැමැත්ත අනුව එළඹෙන එකඟතාවයන් තුලින් පමණි. ඉතින් මිනිස් සත්වයන් අතර ස්වෙච්ඡාවෙන් කරන කටයුතු සිද්ධ වෙන්නේ සලකා බැලීමෙන් යුතුව ගනු ලබන එකිනෙකාගේ එකඟතා තුලින් පමණි.

පෞද්ගලික දේපල අයිතිය යනු සාමකාමී මිනිස් සබඳතාවලට අවශ්‍ය එකම සදාචාර පදනම සපයන බව පිළිගන්නා පුද්ගලයෙක්, වෙන කිසිත් පුද්ගලයෙකුට බලහත්කාරකමක් නොකරයි. හුවමාරුවක් සඳහා වංචාව හෝ බලහත්කාරකම යොදා නොගනියි. ඒ, අනෙකාගේ පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා කිරීම තුලින් තමන් ද ඇතුළුව සමාජයේ සියල්ලන්ගේම දේපල අයිතීන් ආරක්ෂා වීමත් ඒ තුලින් පමණක් යහපත් හා සාමකාමී සමාජයක් ඇතිවන බවට අවබෝධයක් ඇති හෙයිනි.

පෞද්ගලික දේපල අයිතියට ගරු කරන මම, මගේ මනස හා සිරුර කෙසේ භාවිතා කරන්නේ ද යන්නට අයිතිය කියද්දී, අනෙකාට ද එසේම වූ අයිතියක් ඇතැයි පිළිගෙන ඇත.

ඒ නිසා, මම මස් කන නිසා අනෙකා මස් අනුභව කළ යුතු යැයි නීති පැනවීමට හෝ මම නොකරන දේවල් අනෙක් අය ද නොකළ යුතු යැයි නීති පැනවීමට, බලාත්මක බලයක් උපයෝගී කරගෙන නැත.

බලාත්මක බලයක් යොදන්නේ නැතිව සමාජයක වාසය කරන මිනිස් සත්වයන් එකිනෙකා හා සබඳතා පවත්වද්දී ඔවුන් අනෙකාගේ කැමැත්තට ගරු කරමින් ආචාරශීලීව කටයුතු කරති.

එයින් කියන්නේ නොහික්මුණු ලෙසින් කතාබහේ යෙදෙන සහ හැසිරෙන අයෙක් එවැනි සමාජයක නැතැයි කියා නොවේ. සමහර විට සාහසික සහ කෲර ලෙසින් කටයුතු කරන අය ද සාමකාමී සමාජයක දකින්නට ලැබේ. ඒත් පෞද්ගලික දේපල අයිතිය ගැන වැටහීම ඇති අය වැඩිවෙද්දී, එවැනි අය අතර දකින්නට ලැබෙන්නේ සාමකාමීව එකිනෙකාට වාසිදායක ලෙසින් කැමැත්තෙන් එළඹෙන එකඟතා සහ කැමැත්තෙන් කරන හුවමාරු වැඩි බවයි.

පෞද්ගලික දේපල අයිතිය රජයට පෙර පැවතියකි. එනම්, ආණ්ඩුවක් කියා දෙයක් ලොව පවතින්නට පෙර මිනිසා පෞද්ගලික දේපලට අයිතියක් කියූහ.

පෞද්ගලික දේපල අයිතිය පවරා දෙන්නේ රජයකින් නැත්නම් ආණ්ඩුවකින් යැයි වැරදි විශ්වාසයට ඇබ්බැහි වූවන්, අයිතීන් පවරන්නට හා අයිතීන් අහිමි කරන්නට දන්නා අයෙක් හෝ අයවළුන් සමූහයක් ඇතැයි තරයේ විශ්වාස කරති. මෙසේ ගත් වෑයම් සියල්ලම සියල්ලන්ගේම අයිතීන් කප්පාදුවෙන් අවසන් වූ බවට සාක්ෂි ලෝක ඉතිහාසය වරින් වර සපයා ඇතත්, එය පිළිගැනීමට ඔවුන් අකමැති වෙති.

ඉතින්, අනුන් ඔවුන්ගේ ජීවිත ගෙවිය යුත්තේ කෙසේදැයි කියන නීති හදන්නට යුහුසුළු අනේක විධ “බෙදුම්වාදීන්” මෙම අයිතීන් ආරක්ෂාවේ පළමු පියවර පිළිනොගනිති.

සාමකාමී සමාජයක් තුලින් දකින ඉඳහිටක සිද්ධ වෙන සාහසික ක්‍රියාවක් හෝ නොහික්මුණු හැසිරීමක් උලුප්පා දක්වමින් බලාත්මක බලයක් යොදා අනුන් ජීවිත ගෙවිය යුතු ආකාරය ගැන ප්‍රතිපත්ති සඳහා පෙනී සිටින මේ අයයි.

කිසිවෙකුට හානියක් නොකරමින් වසර ගණනාවක් අයිතිය කියූ අවි ආයුධයක් පෞද්ගලික දේපල අයිතියට ගරු කරමින් වාසය කරන සාමකාමී පුද්ගලයා වෙතින් ඉවත් කිරීමට මේ අය පෙනී සිටින්නේ පෞද්ගලික දේපල අයිතිය උල්ලංඝණය කළ අයෙක් පෙන්වමිනි.

එවැනි බලාත්මක බලයක් යොදවමින් ගෙනෙන ලද නීති සහ ප්‍රතිපත්ති වලින් කිසිත් අවස්ථාවක මේ අය පොරොන්දු වූ ප්‍රතිඵලය ඉටු වූයේ නැතැයි ඔවුන් පිළිනොගනිති. නීත්‍යානුකූලව සිය කැමැත්තෙන් එකිනෙකා හා හුවමාරුවේ යෙදෙන පිරිස ඉලක්ක කරගෙන ඒ අය සඳහා තව තවත් දැඩි නීති වෙනුවෙන් පමණක්ම ඔවුන් පෙනී සිටිති.

පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා කරමින් අවි ආයුධ ළඟ තබාගැනීමටත්, තම තමන්ගේ ආගම් ඇදහීමටත්, එසේම සංස්කෘතික, ඵෛතිහාසික උත්සව හා සිරිත් විරිත් අනුසාරයෙන් ජාතිකත්වය ගැන සතුටුවන්නටත් පුළුවන. මිනීමැරුම් කරන්නේ තුවක්කු, ආගම් හෝ ජාතිය නොව පුද්ගලයාය. අනුන්ගේ දේපල අයිතිය උල්ලංඝණය කළේ ද, දඬුවම් දිය යුත්තේ මුළු සමාජයට නොවේ, ඒ පුද්ගලයාටයි.

අනෙකාට නැති අයිතියක් තමන්ට ඇතැයි යන විශ්වාසය නිසා අසංවර ආරවූල් හටගනී. ඒ තත්වයන් නිතර සහ වැඩිපුර දකින්නට ලැබෙන්නේ අනුන් ජීවිත ගෙවිය යුත්තේ කෙසේදැයි දන්නවා කියාගත් අය වෙතිනි. ඒත් එම බෙදුම්වාදී දැක්ම යනු තමන් ද දායකත්වය දෙන දැක්ම බව (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වගේ) මේ අය නම් කිසිත් අවස්ථාවක දී පිළිනොගනිති.

arunishapiro.wordpress.com

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us