ඒ ගමන...මෛත්‍රී + මහින්ද විලිලැජ්ජා නැති ආණ්ඩුවකට එකඟතාවයක්!. පිස්සුද මන්දා

Published in පුවත්
Wednesday, 14 February 2018 22:31

මහින්ද රජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම ඇතුලු ශ්‍රීලනීප මන්ත්‍රීවරු 96 දෙනාට ජනාධිපති සිරිසේන විසින් අලුත් ආණ්ඩුවක් පිහි‍ටු වීමට ආරාධනා කර තිබෙන බව පැවැසේ. මේ.. ඒ දෙවනවරටය.. පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ සිට මෙම යෝජනාව මුල් වරට ප්‍රකාශ කළ අතර අද දෙවන වරට ශ්‍රිලනීප මැති ඇමැතිවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබේ.

පළමු අවස්ථාවේදී ද මහින්ද පිලෙන් යොජනාව පිළිගැනුනු අතර එහිදී කොන්දේසියක් වූයේ ශ්‍රිලනීප ඇමැතිවරු පළමුවෙන් ඇමැතිකම්වලින් ඉවත් වියයුතු බවත් අගමැතිධුරය මහින්ද රාජපක්ෂට ලබා දියයුතු බවත්ය.. නමුත් ඉන් පසුව මෛත්‍රී කීවේ..තමන් එලෙස ආරාධනා කළේ ඒ දූෂිතයන් කිසිවකුත් තමා සමඟ ආණ්ඩු පිහි‍ටුවීමට නොඑන බව දැනගෙන බවය. තමන් කිසිසේත්ම ඒ දූෂිතයන් සමඟ ආණ්ඩු පිහි‍ටුවන්නෙ නැති බවත් කීවේය.

කෙසේ නමුත් එදා ඒ කළ සිංහ නාදය අද බලු කෙඳිරියක් තරම්වත් නොවටිනා තැනකට වැටී තිබේ.. මහින්දට අගමැතිකම දෙන්නම් කියා ඔහුට ආරාධනා කිරීමට තරම් මෛත්‍රීපාල ජනාධිපතිවරයා විලි ලැජ්ජා නැති තැනට පත්ව තිබේ.

ඊයේ රාත්‍රියේ අගමැතිවරයා ඇතුළු එජාප නායකයන්ට ජනාධිපතිවරයා එකඟ වී තිබුණේ මෙම ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට කැමැති බවය. අද දුමින්ද දිසානායක මහතාද මාධ්‍ය හමුවේ පැවසූවේ රටට ලබාදුන් පොරොන්දු ඉ‍ටුකිරීමේ වගකීම පක්ෂ දෙකටම තිබෙන බැවින් ජාතික ආණ්ඩුව ඉදිරියට පැවැතිය යුතු බවත් ජනාධිපතිවරයා එය පිළිගෙන ලබන සිකුරාදා විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවත්ය.

කොහොම නමුත් මේ දිනවල පරාජයේ දැඩි සිත් වේදනාවෙන් පෙලෙන ජනාධිපතිවරයා තමන් හා විවිධ පාර්ශ්ව සමඟ කෙරෙන සාකච්ඡාවකලදී ඒ එක් එක පාර්ශ්වලට වෙන වෙනම පොරොන්දු , එකඟවීම් ලබාදීම සිදු කරමින් තිබේ. නමුත් උදේ පවසනු ලබන දේ.. දවල් වෙනස් කරනු ලැබේ.. යළි සවස කියන්නෙ වෙනම කතාවකි ..පහුවදාට අලුත්ම කතාවකි.. එම පිළිවෙලට මේ දිනවල වැඩ කටයුතු කෙරෙන බැවින් ජනාධිපතිවරයා වැඩක් කර ඇණ ගන්නා තෙක් ඒ ගැන විශ්වාස නොතැබිය යුතුය.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us