මෛත්‍රීට බම්බු ගහගන්න කියා මහින්ද පොහො‍ට්ටු නට්ට අතට ගනී..

Published in පුවත්
Tuesday, 02 January 2018 08:03

පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ සියලුම සාමාජිකයන් අද (02දා) සවස 2.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාවක්‌ ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය.

මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇත.


මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් ප්‍රතිඥාව දීමට අමතරව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පමණක්‌ ඔවුන් ඇමතීමද සිදු කෙරේ.

කෙසේ නමුත් ශ්‍රිලනිපය හා එකසත් ජනතා නිදහස් සන්ධානය මීට පෙර නිවේදනය කර තිබුණේ තම සාමාජිකයන් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන්නේ නම් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවකි. මේ අනුව එම අනතුරු හැඟවීම් සියල්ල ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියොජිතයන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනෙකු සහභාගී වෙන බවද පැවැසේ. ශ්‍රී ලංකා

Last modified on Tuesday, 02 January 2018 08:04

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us