වැඩියෙන් වියදම් කරන එකා දිනන එක වලක්වන්න පැෆරල් යොජනාවක්

Published in පුවත්
Thursday, 17 August 2017 13:59

දේශපාලන පක්‍ෂ,ස්වාධීන කණ්ඩායම් හා අපේක්‍ෂකයින්ගේ මැතිවරණ ප්‍රවර්ධන වියදම් සීමා කිරීම සඳහා වූ ආදර්ශ කෙටුම්පතක් පැෆරල් සංවිධානයේ මුලිකත්වයෙන් සකස් කර තිබේ.

මෙය පැෆ්රල් සංවිධානය විසින් සකස් කල දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රවර්ධන වියදම් සීමාකිරීම සදහා වූ ආදර්ශ කෙටුම්පත විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ජනාධිපවරයා වෙත පිළිගන්වා ඇත.

හෙට්ටිආරච්චි මහතා එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට නීතියක් බවට සම්මත කරන ලෙසයි.

එම කෙටුම්පත ඊට පෙර ළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙතද බාරදෙනු ලැබූ අතර අමාත්‍යවරයා පෙන්වාදුන්නේ පැෆ්රල් ප්‍රමුඛ නිරීක්ෂණ සංවිධාන ප්‍රචාරණ වියදම් සීමාකිරීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව අතිශයින් ප්‍රශංසනීය එකක් බවයි

එම ආදර්ශ පනත් කෙටුම්පත පහත දැක්වේ

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ වලට තරඟ කරන අපේක්ෂකයන්ගේ ආදායම් සහ වියදම් විනිවිධ භාවයකින් යුතුව භාවිතා කිරීම උදෙසාත් මූල්‍ය ශක්තිය(මුදල්) ජනතාව තමන්ගේ පාලකයා තෝරා ගැනීමේ නිදහසට බාධාවීම වැලැක්වීම සඳහාත් සියලු තරගකරුවන්ට සමාන තරග අවස්ථාවක් ලැබීම සදහාත් ඉදිරිපත් කරනු ලබන පනතකි.

පූර්විකාව-

සර්ව ජන ඡන්ද බලය ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලනයක උසස්තම ලක්‍ෂණය වන අතර එය යථාර්ථයක් වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම තුලිනි. මැතිවරණයක ස්වාධීනත්වය යනු ඡන්ද දායකයින් විසින් සිය ස්වාධින කැමැත්ත ඡන්ද පත්‍රිකාවන්හි සටහන් කිරීමට ඉඩහැරීමයි. මැතිවරණ ප්‍රවර්ධන කාර්යය මැතිවරණයකදී අත්‍යවශ්‍ය කරුණක් වන අතරම අධි ප්‍රවර්ධණ කාර්යයන් හේතුවෙන් මුදල් බලය යෙදවීම මගින් ඡන්ද දායකයින්ගේ ස්වාධින කැමැත්තට බලපෑම් සිදු කිරීම හේතුවෙන් සර්ව ජන ඡන්දය මගින් අපේක්‍ෂා කල අරමුණු මගහැරී මුදල් බලය මත අපේක්‍ෂකයින් ජයග්‍රහනය කිරීමක් සිදුවන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කිරීමකි. එබැවින් මුදල් බලය අනවශ්‍ය ලෙස මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සදහා යෙදවීම සීමා කිරීමේ අවශ්‍යතාවය ඉටු කරනු පිණිස මෙම පනත පනවනු ලැබේ.

1. මෙම පනත 2017 අංක ----දරන දේශපාලන පක්ෂ,ස්වාධීන කණ්ඩායම් සහ අපේක්‍ෂක මැතිවරණ ප්‍රවර්ධන වියදම් සීමා කරනු ලබන පනත ලෙස හඳුන්වනු ලැබේ.

2. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්

ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට අනුව මෙරටේ මැතිවරණ කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි සියලුම දේශපාලන පක්ෂ,සන්ධාන හෝ ලංකාවේ පවත්නා ඕනෑම මැතිවරණයකට තරඟ කරනු ලබන දේශපාලන පක්ෂ අපේක්ෂකයින් ස්වාධීන කණ්ඩායම් සහ එකී කණ්ඩායම් වල අපේක්ෂකයින් ඇතුලත් වේ.

3. මැතිවරණ සහ මැතිවරණ කාල සීමාව

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූලව පවත්වනු ලබන පළාත් පාලනල පළාත් සභාල පාර්ලිමේන්තුල ජනාධිපතිවරණල ජනමත විචාරණ හෝ ඉදිරියේදී හඳුන්වා දෙන මැතිවරණ කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන ඕනෑම මැතිවරණයක් මෙම පනතට අදාල වන අතර මින් ඉදිරියට මැතිවරණ කාල සීමාව ලෙස මැතිවරණ පැවැත්විය යුතු යැයි අදාල බලධාරියා විසින් ප්‍රකාශයට පත්කල දින සිට මැතිවරණය දිනයේ මැතිවරණය අවසන් වන වේලාව දක්වා කාලය අදහස් වේ.

4. ප්‍රවර්ධන වියදම්

පහත සදහන් වියදම් අපේක්‍ෂකයකුගේ දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක ප්‍රවර්ධන වියදම් ලෙස සලකනු ලැබේ.
■ තරග වදින මැතිවරණයට අදාලව මුද්‍රණය කළ, ප්‍රකාශයට පත්කළ, ප්‍රදර්ශනය කළ, දැනුවීම, අත් පත්‍රිකා, කොඩි, චිත්‍ර, ඡායාරූප හෝ වෙනත් ප්‍රවර්ධන ආකෘති සදහා දරණ ලද වියදම්’
■ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් අදාළ මැතිරවණයක අපේක්‍ෂකයා හෝ පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ප්‍රවර්ධනය සදහා ප්‍රචාරය කරන ලද දැන්වීම් හෝ ප්‍රචාරණ වැඩසටහන් සදහා දරණ ලද වියදම් හා විකාශණ කාලය සදහා සහ මුද්‍රිත මාධ්‍ය සදහා දරණ ලද වියදම් (ප්‍රවෘත්ති හෝ දේශපාලන විවාද මෙයට අදාල නොවේ)
■ අදාළ මැතිවරණයේ ප්‍රයෝජනය සදහා කුළී, බදු හෝ වෙනත් පදනමක් මත ලබාගත් ස්ථානයක්, වාහනයක් හා ද්‍රව්‍යයක් සදහා දරණ ලද වියදම්ද
■ යම් ප්‍රවර්ධන කාර්යයන් සදහා පවුලේ අය හැරුණු විට අනෙක් පිරිස සදහා දරණ ලද වියදම්. මෙහිදී පවුලේ ඥාතීන් ලෙස අපේක්‍ෂකයාගේ මව පියා කලත්‍රයා හා අවිවාහක දරුවන් හා අදාල ගෘහයේ ඡන්ද නාම ලේඛණයේ සඳහන් පුද්ගලයන් අදාල වේ.

ඉහතකී කාර්යයන්රැසේවාවන් නොමිලයේ ලබාගත්තේ නම් ඒ සදහා වෙළඳපල මිළ මත තක්සේරු වාර්තාවක් සකස්කල යුතු අතර එකී සේවාව හෝ කාර්යය නොමිලේ සපයන ලද පුද්ගලයාගේ නමද ඇතුලත් කල යුතුය,

10 දෙනෙකුට අඩුවෙන් කණ්ඩායම් මගින් නිවසින් නිවසට ගොස් සිදු කරනු ලබන ප්‍රවර්ධන කටයුතු මෙම වියදම් සඳහා ව්‍යාතිරේකී අවස්ථාවක් වේ. එම පිරිස සඳහා දරන වියදම ඉවත් කරනු ලබන්නේ ඔවුන් ස්වේච්ඡාවෙන් කටයුතු කරන්නේ නම් පමණි.

යම් තරග කරන පක්‍ෂයක් අපේක්‍ෂකයෙක් හෝ ස්වාධීන කණ්ඩායමක් ප්‍රවර්ධනය සදහා මෙන්ම යම් අපේක්‍ෂකයකුගේ පක්‍ෂයක හෝ ස්වධීන කණ්ඩායමක ජයග්‍රහනයට බාධාවන ආකාරයේ ප්‍රචාරක ක්‍රියාවක වියදම්ද මෙහිදී අදාල වේ.

ඉහත සඳහන් කර ඇති යම් ප්‍රචාරක ක්‍රමවේදයක් හෝ ප්‍රචාරක උපක්‍රමයක් අදාල මැතිවරණයේදී තහනම් වන්නේ නම් මෙම පනත යටතේ එකී ප්‍රචාරක ක්‍රමවේදය හෝ ප්‍රචාරක උපක්‍රමය සඳහා මුදල් යෙදවීම නීති විරෝධීවේ. එය මෙම පනත යටතේ සිදු කරනු ලබන වරදක්ද වේ.


5. දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට වියදම් කල හැකි අංශ

දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකුට මේ යටතේ වියදම් කල හැකි වන්නේ තම පක්ෂය හෝ තමාගේ ජයග්‍රහණය උදෙසා කරනු ලබන වියදම් පමණි.
වෙනත් පක්‍ෂයක් හෝ අපේක්‍ෂකයකු ප්‍රවර්ධනය සඳහා තවත් අපේක්‍ෂකයකු හෝ පක්‍ෂයක් වියදම් කිරීම වරදකි.
යම් මැතිවරණයකදී මැතිවරණයට තරග නොකරන පක්ෂයක් හෝ සිවිල් සංවිධානයක් විසින් යම් අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිදුකරන ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධව නීති කටයුතු කිරීමේ බලය මැතිවණ කොමිෂන් සභාව සතු විය යුතුයි.

6. වියදම් වාර්ථා තබා ගැනීම

ඒ ඒ අපේක්ෂකයා හා දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩයාම තම ප්‍රවර්ධන කටයුතු සඳහා කරනු ලබන සියළු වියදම් හා ලැබීම් ඇතුළත් ලේඛනයක් පවත්වා ගතයුතුය,එසේම ලැබීම් හා වියදම් සිදුකර දින 2ක් ඇතුලත එකී ලැබීම් හා වියදම් ගිණුම්ගත කල යුතුය, අවශ්‍ය ඕනෑම මොහොතක ඒවා පරීක්ෂා කිරීමට මැතිවරණ කොමිෂමට හෝ බලයලත් නියෝජිතයෙකුට ඉඩ දිය යුතුය. එකී ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලබන ආකෘතියකින් පවත්වාගෙන යා යුතුය.
පළාත් සභා, පළාත් පාලන, පාර්ලිමේන්තු සහ ජනාධිපතාවරණ මැතිවරණ වලදී අදාල වියදම් පරීක්ෂා කිරීම සඳහ ාමැතිවරණ කොමිෂන් සභාව සුදසු ක්‍රමවේදයක් සැකසිය යුතුයි. (පිලිගත් විගනන ආයතනයක් විසින් විගනනය සිදු කල යුතු අතර අදාල මැතිවරණයෙන් දින 60ක් ඇතුලත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධානියා වෙත භාරදිය යුතුය.

7. දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වියදම් කල හැකි උපරිම මූල්‍ය සීමාව

■ ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු රට තුලම තරඟ කරන්නේ නම් එම පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට රටේ ආසන්න වර්ෂයේ ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණය මෙන් 50 ගුණයක මුදල් ප්‍රමාණයක් වියදම් කල හැකිය.
■ යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයකට පමණක් තරඟ කරන්නේ නම් එම භූගෝලීය ප්‍රදේශය තුල සිටින ආසන්න වර්ෂයේ ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණයට සාපේක්ෂව එක් ඡන්දදායකයෙකුට රුපියල් 50/- වන සේ ගණනය කර වියදම් කල හැක’ එසේ වුවත් එම ගණනය කිරීම නිසා අඩු ජනගහණයක් සහිත විශාල භූගෝලීය ප්‍රමාණයක් ආවරණය කිරීමට සිදුවන්නේ නම් එවැනි අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාව කරනු ලැබූ ඉල්ලීමක් මගින් එම වියදම් කල හැකි ප්‍රමාණය ඉහල දමාගත හැකි වනු ඇත’ එසේ වූවත් එය 50% ක ප්‍රමාණයක් ඉක්මවා නොයා යුතුය.
■ මෙහිදී පක්‍ෂ කිහිපයක් සංධානගතවී ඡන්දය ඉල්ලන්නේ නම් එකී පක්‍ෂ නොව සංධානය මෙහිදී දේශපාලන පක්‍ෂය ලෙස තේරුම්ගත යුතුය.
■ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයින් දේශපාලන පක්‍ෂය හෝ අදාල පරිදී ස්වාධීන කණ්ඩයම ලෙස සලකන බැවින් ඔවුන් පක්‍ෂයේ හෝ කණ්ඩයමේ වියදම් සීමාවට යටත් වේ.

8. අපේක්ෂක වියදම සීමාව

දේශපාලන පක්ෂකයක හෝ ස්වාධීන කණ්ඩායමක් යටතේ තරඟ කරනු ලබන අපේක්ෂකයෙකුට ඔහු තරඟ කරනු ලබන භූගෝලීය ප්‍රදේශයේ ආසන්න වර්ෂයේ ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණයට අනුපාතිකව එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් රුපියල් 100රැ- වන සේ ගණනය කර ලැබෙන මුදල උපරිමය සේ සලකා වියදම් කල හැකිය.

වියදම් සීමාවන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් සෑම වසර 05 කට වරක් අවශ්‍ය වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවට ගැසට් පත්‍රයේ පලකිරීමෙන් වෙනස් කල හැක.

9. දේශපාලන පක්ෂල ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයන් සඳහා වෙනම ගිණුමක් පවත්වාගෙන යාම

■ කිසියම් මැතිවරණයක් සඳහා තරඟ කිරීමට අපේක්ෂා කරන දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු වේ නම් ඔවුන් මැතිවරණය ප්‍රකාශයට පත් කල දිනයේ සිට සතියක කාලයක් ඇතුලත ශ්‍රී ලංකා මහ බැංකුව පිලිගත් බැංකුවක හෝ සමූපකාර පනත යටතේ ලියාපදිංවි වී ඇති බැංකුවක මැතිවරණ ප්‍රවර්ධන වියදම් සඳහා ගිණුමක් විවෘත කල යුතුය. එසේ ආරම්භ කරනු ලබන ගිණුමට මැතිවරණ ආශ්‍රිතව ආදායම් හෝ වියදම් හැර වෙනත් කිසිදු ආදායමක් හෝ වියදමක් ඇතුලත් නොකල යුතුය. මෙම ගිණුම අදාල මැතිවරණය අවසන් වන දිනය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය.
■ මැතිවරණ දිනයෙන් දින හතක් ඇතුලත මෙම ගිණුම වසාදමා බැංකු ප්‍රකාශනය අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධානියා වෙත යොමුකල යුතුය.
■ එහි ගිණුම් අංකය නම හා අත්සන් කීරීමට බලයලත් පුද්ගලයන්ගේ නම් බැංකු ගිණුම ආරම්භකර සතියක් ඇතුලත අදාල ප්‍රදේශයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධානියා වෙත ලිඛිතව ලබාදීම අපේක්ෂකයින්ගේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ගේ හා ස්වාධීන කණ්ඩායම් නායකගේ වගකීමකි. එම බැංකු ගිණුමට අදාල ඉල්ලා සිටින ඕනෑම විස්තරයක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධානියාගේ බලය ලත් නියෝජිතයකුට ලබාදීම” අත්සන් කිරීම සඳහා බලය ලත් පුද්ගලයාගේ වගකීමකි.
■ මෙම ගිණුමට මුදල් බැරකරනු ලබන සෑම අයකුම අදාල කුවිතාන්සියේ නම ලිපිනය හා හැදුනුම්පත් අංකය සඳහන් කල යුතු අතර ගිණුමේ මුදල් තැන්පත් කිරීමට පෙර අදාල අපේක්‍ෂකයාගෙන් දේශපාලන පක්‍ෂයෙන් හෝ ස්වාධීන කණ්ඩායමෙන් ලිඛිත අනුමැතියක් ලබා ගත යුතුය.
■ තමන්ගේ අවසරයකින් හෝ අනුදැමුමකින් තොරව මෙම ගිණුම සදහා මුදල් තැන්පත් කිරීමක් සිදුව ඇත්නම් ඒබ ව වහාම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධානියාට දැනුම්දිය යුතුය.


10. දේශපාලන පක්ෂකයක,ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයන්ට ආධාර කිරීම

මේ යටතේ කිසියම් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සහයෝගය දක්වන ඕනෑම පුද්ගලයෙකුට තමාගේ ආධාරය මෙම ගිණූමට බැර කල යුතුය.
එහිදී එකී ආධාර පහත සඳහන් සීමාවන්ට යටත් වනු ඇත’
■ තනි පුද්ගලයෙකුට දේශපාලන පක්ෂයකට ලබාදිය හැකි උපරිම මුදල
තනි පුද්ගලයෙකුට අපේක්ෂකයෙකුට ලබා දිය හැකි උපරිම මුදල ගණනය කල යුත්තේ එම මැතිවරණයට අදාල භූගෝලීය ප්‍රදේශයේ ආසන්න වර්ෂයේ ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණයට අනුපාතිකවය’ ඒ අනුව එක් පුද්ගලයෙකුට ලබා දිය හැකි උපරිම මුදල වන්නේ අදාල බල ප්‍රදේශයේ ආසන්න වර්ෂයේ ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණයෙන් 1% පමණ මුදලකි. පළාත් පාලන මැතිවරණ වලදී මෙම ප්‍රමාණය 10% විය යුතුයි.
■ ව්‍යාපාරික ආයතනයකට හෝ වෙනත් ලියාපදිංචි ආයතනයකට ලබා දිය හැකි උපරිම මුදල එම මැතිවරණයට අදාල වන්නා වූ ඡන්ද බල ප්‍රදේශයේ ජනගහණයට අනුපාතිකව උපරිම 5% ක මුදලකි’ මෙහි දී අදාල ආයතනයට හෝ පුද්ගලයාට දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයාට යන දෙදෙනාටම මුදල් ලබා දිය හැකි වූවද එය උපරිම සීමාවට යටත් විය යුතුය.
මැතිවරණ වල ස්වභාවය ඒ ඒ කොට්ඨාශයේ ඡන්දදායක ප්‍රමාණය කොපමණද යන්න අදාල මැතිවරණ කාර්යාල මගින් සෑම මැතිවරණයකටම ප්‍රථම සකස් කල යුතුය.

11. දේශපාලන පක්ෂයකට,ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයාට ලැබෙන සියලු මුදල් ගිණුම් ගත කල යුතු බව.

මෙම පනතට අදාල වන්නා වූ පරාසය තුල ලැබෙන සියලු ප්‍රදාන, ආධාර, ණය හෝ ඕනෑම මුදලක් ඒ ඒ පක්ෂයට හෝ ඒ ඒ අපේක්ෂකයාගේ අදාල ගිණුමේ තැන්පත් කල යුතුය. ගිණුමේ තැන්පත් කිරීමකින් තොරව කිසිදු පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් කිසිදු ප්‍රවර්ධන වියදමක් නොදැරිය යුතුය,
ඒ ඒ අපේක්ෂකයාට ගිණුමේ තැන්පත් කල හැකි උපරිම මුදලට අතිරේකව මුදල් තැන්පත් වන්නේ නම් එය 10% ඉක්මවා නොයා යුතුය,
පලාත් පාලන මැතිවරණ වලදී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සදහා තරග වදින අපේක්‍ෂකයින්ට මෙම ප්‍රතිපාදනය අදාල නොවේ. නමුත් එම මැතිවරණයට තරග වදින දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩයම් සදහා මෙම ප්‍රතිපාදනය අදාල වේ.

12. මූල්‍යමය හෝ මූල්‍ය නොවන ආධාර ලබා ගත නොහැකි ආයතන

■ ජාත්‍යන්තර සංවිධාන හෝ වෙනත් රාජ්‍යයන්ගෙන් ( පිළිගත් දේශපාලන පක්‍ෂවල විදේශීය ශාඛාවන් විසින් මුදල් ලබාදීම මෙයට ව්‍යතිරේඛයකි- නමුත් එම විදේශීය ශාඛාවන් විසින් මූල්‍ය හෝ මූල්‍ය නොවන ආධාර ලබාදීමේදී එම ආධාර මූලාශ්‍ර හෙලිදරව්කල යුතු අතර ඒවා මෙම පනත යටතේ මුදල් ආධාර ලබා ගත නොහැකි මූලාශ්‍ර නොවිය යුතුය)
■ මත් පැන් මත් ද්‍රව්‍ය හෝ සූදූ ව්‍යාපාර පවත්වාගෙන යන තැනැත්තන්ගෙන්
■ රජයත් සමග ව්‍යාපාර සම්බන්ධතාවයන් පවත්වාගෙන යන ආයතන හෝ පුද්ගලයගෙන්
■ රාජ්‍ය දේපාර්තමේන්තු, සංස්ථා හෝ මණ්ඩල
■ පරිසරයට හානි කිරීමටකට අදාලවන නඩුවක් පැවරී ඇති පුද්ගලයන්ගෙන් හෝ සංවිධාන වලින් (අදාල නඩුවෙන් නිදොස් කොට නිදහස් වී ඇත්තෙකු නම් මෙය අදාල නොවේ)

13. මූල්‍ය නොවන ආධාර

■ යම් පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකුට මූල්‍ය නොවන ද්‍රව්‍යමය වශයෙන් ලැබන සියලු ආධාර ද ගණනය කර එය විගණන වාර්තාවේ ඇතුලත් කල යුතු අතර එකී ද්‍රව්‍යමය ආධාර වල වටිනාකම වියදම් කල හැකි උපරිමයට යටත්ව සිදුවිය යුතුය. මූල්‍ය නොවන ආධාර ගණනය කිරීමේදී පවතින වෙළඳපොල මිල ගනන් අනුව ගණනය කල යුතුය.
■ මුල්‍ය නොවන ආධාර ලේඛනගත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලබන ආකෘතියෙන් ලේඛනයක් පවත්වා ගෙන යා යුතුය. එකී ලේඛනයේම මුල්‍ය නොවන ආධාර වර්ගය, ප‘මාණය” වෙළදපොල වටිනාකම ලබාදුන්නේ කවුද යන වග සහ ලබා ගත් දිනය ඇතුලත් විය යුතුය.
■ මෙම ලේඛණය පක්‍ෂයක් සම්බන්ධයෙන් හෝ ස්වාධීන කණ්ඩායමක් සම්බන්ධයෙන් වන විට ලියාපදිංචි ප්‍රධාන කාර්යාලයේද, අපේක්‍ෂකයකු සම්බන්ධයෙන් වන විට ඔහුගේ නිවේදිත කාර්යාලයේද පවත්වාගෙන යායුතු අතර දිස්ත්‍රික් මැතිවරණ නිළධාරියාට හෝ ඔහුගේ බලය පවරණ ලද නිළධාරියකුට එය පරීක්‍ෂා කිරීමට හා පිටපත් ලබාගැනිමට අයිතියක් ඇත.

14. ප්‍රර්ධන වියදම් අධීක්‍ෂණ ක්‍රියාවලිය

දේශපාලන පක්‍ෂවල ස්වාධීන කණ්ඩායම්වල හා අපේක්‍ෂකයින්ගේ මැතිවරණ ප්‍රවර්ධන වියදම් පිළිබඳව අධීක්‍ෂණය කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව සතුවේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පනවනු ලබන රීති වලට යටත්ව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රධානියාට හා ඔහුගේ බලය ලත් නියෝජිතයින්ටද මෙම අධීක්‍ෂණ ක්‍රියාවලිය සිදු කල හැකිය.

15 .මෙම පනත යටතේ වැරදි

1. පනතේ නියමකර ඇති වියදම් සීමාව ඉක්මවා ප්‍රවර්ධන වියදම් සිදුකිරීම
2. මෙම පනත යටතේ මැතිවරණ කොමිෂන් සභාවට බලය ඇති යම් කිසි ක්‍රියාවක් සම්බන්ධව කටයුතු කිරීමට බාධා කිරීම’
3. මැතිවරණ වියදම් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටිනු ලබන වාර්තා” ගිණූම් හෝ මුල්‍ය නොවන වෙනත් ලේඛන ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම’
4. චේතනාන්විතව වැරදි හෝ අසත්‍ය තොරතුරු වාර්තා හා වෙනත් ලේඛන ඉදිරිපත් කිරීම’
5. චේතනාන්විතව මෙම පනතට අදාලව ඉදිරිපත් කල යුතු වියදම් වාර්තා ගිණුම් හෝ වෙනත් ලේඛන විනාශ කිරීම.
6. වියදම් අධීක්ෂණ කමිටුවට අදාල තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම’ ලේඛන පවත්වා ගෙන යන ස්ථාන වලට ඇතුල් වීම සඳහා අවසර ලබා නොදීම.
7. අපේක්‍ෂකයකුගේ දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක ලිඛිත අනුමැතියකින් තොරව අදාල බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම’

16 .නඩු පැවරීම

■ ලැබෙන පැමිණිලි අනුව යම් දේශපාලන පක්ෂයක්,ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු මෙම පනත යටතේ වරදක් කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි සහිතව සනාථ වන්නේ නම් නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවේ’ වරදට අදාල සිදුවීම සිදුවූ ප්‍රදේශයට අදාල පළාත් බද මහාධිකරණයේ මෙකී නඩුකරය ගොනු කල යුතු අතර මාස 3 ක කාලයක් තුළ එකී නඩුව විභාග කර තීන්දුව ලබා දිය යුතුය.
■ මෙවැනි වරදකට වරදකරුවකු වන්නේ අපේක්‍ෂකයකු නම් ඔහුගේ අපේක්‍ෂකත්වය අහිමිවන අතර මැතිවරණයකදී තෝරාපත් කරගෙන සිටීනම් ධූරය අහිමි වේ. එයට අතිරේකව වසර 7 ක් දක්වා මැතිවරණයකදී අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමට හෝ ඡන්දය භාවිතා කිරීමට නොහැකි වේ.
■ මෙවැනි වරදකට වරදකරු වන්නේ අපේක්‍ෂකයකු නොවන වෙනත් පුද්ගලයකු හෝ පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම් හෝ සාමාජිකයකු නම් වසර 1 කට වැඩි හා වසර 5 නොඅඩු සිරදඩුවමක් හෝ රුපියල් ලක්‍ෂයක් දක්වා දඩයකට හෝ එම දඩුවම් දෙකටම යටත් කල හැකිය. මෙවැනි වරදකට වරදකරු වූ අයෙකුට වසර 7 ක කාලයක් දක්වා මැතිවරණයකදී අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැක’


17.කොමිෂන් සභාව විසින් රීති පැනවීම

පහත කරුණු සම්බන්ධයෙන් රීති පැනවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ඇත.
■ ප්‍රවර්ධන වියදම් අධීක්‍ෂණ ක්‍රියාවලිය
■ ප්‍රවර්ධන වියදම් වාර්තා කිරීම
■ ප්‍රවර්ධන වියදම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම
■ වියදම් වාර්තා විගනනය කිරීම සම්බන්ධයෙන්

මෙම රීති ගැසට් පත්‍රයේ පලකල යුතුය’

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us