අලුත් දොස්තර සංගමය රාජිතගේ කෙමනක් නෙවෙයි ලු

Published in පුවත්
Tuesday, 18 July 2017 10:56

සෞඛ්‍ය අමාත්‍යවරයා, වෛද්‍යවරුන් පිරිසක් එක් කර ගනිමින් නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) කළ ප්‍රකාශය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කරයි.

නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ වුවද, ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි. වෘත්තීය සමිති ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලබන්නේ වෛද්‍යවරුන් මිස සෞඛ්‍ය අමාත්‍යවරයා නොවන බවත්, මෙය ප්‍රථම වතාවට සිදුවන කර්තව්‍යයක් නොවන බවත්, හෙතෙම පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඒකාබද්ධව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයක් බිහි කර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් බිහි කර එහි උත්සවයකට ආරාධනා කළ විට තමන් ඊට සහභාගී වන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔිනෑම වෘත්තීය සමිති ව්‍යාපාරයක් තම සංගමයේ රැස්වීම් සදහා ආරාධනා කළ විට තමන් ඊට සහභාගි වන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මීට මාස 02 කට පෙර හෙද සංගම් 02 ක උත්සව එකම දිනයක දී යෙදී තිබුණ බවත්, ඊට ද තමන් සහභාගි වූ බව අවධාරණය කර සිටී.

වෛද්‍ය සංගම් වල ගැටළු විසදා ගැනීම ඔවුන්ගේ ක්‍රියාදාමයක් බවත්, වෛද්‍ය සංගම් වල මතුව ඇති භේද හේතුවෙන් නව වෘත්තීය සමිති ව්‍යාපාර බිහි විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා නව සංගමයක් බිහි කිරීමේ වැඩපිළිවෙලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us